Featured

රාජපක්ෂ කොහොම්ද කළේ කියලා ඔබතුමා දන්නේ නැද්ද?…මෛත්‍රී පටිරොල්

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද සවස පැවති විශේෂ කැබිනට් රැස්වීම අතරතුර සිරිසේන ඇසු ප්‍රශ්ණ කිහිපයක් හ එයට එජාපයේ කැබිනට් ඇමතිවරුන් ජනාධිපතිවරයා අව්ඥාවට පත්කරමින් දුන් පිළිතුරක් හේතුවෙන් සංහිදියාවකින් තොරව සාකච්ඡාව නතර කර දමා තමන්ට හදිසි ගමනක් යැමට අවශ්‍ය බව පවසමින් නැගිට ගොස් තිබේ.

“ගෙවන්න තියෙන ණය මුදල පිළිබඳව හොයා ගැනුණෙත් මේ ලගදි…. මේ අවුරුද්දෙ ගෙවිය යුතු ණය ප්‍රමාණය දන්නවා. නමුත් ඒවා කෙටි කාලීන ණය විතරයි. ඩොලර් බිලියන ගාණක ණයක් ගෙවන්න තියෙනවා….”

මෛත්‍රීපාල – අද වෙද්දි ආර්ථිකය බොහොම භයානක තත්ත්වයක් තියෙන්නේ….හිටං…මට තෙරෙන්නේ නෑ මහින්ද රාජපක්ෂ කොහොම්ද එහෙම කලේ….

තවත් අවස්ථාවක පොහොර සහනාධාරය සම්බන්ධයෙන් ඇතිවි ඇති අර්බුදය සම්බන්ධයෙන් ඇමතිවරුන් අදහස් දක්වා ඇති අතර කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදහස් දක්වමින් කතා කල අවස්ථාවේ එජාපයේ අමාත්‍යවරුන් දුමින්ද කරන ප්‍රකාශයන්ට එරෙහිව දරුණු ලෙස විවේචන එල්ල කර තිබේ.

ඒ සමග මෛත්‍රී පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ කොහොම්ද පොහොර සහනාධාර දුන්නේ ….හිටං.ඇයි අපිට දෙන්න බැරි….

යනුවෙන් පවසනවාත් සමගම එජාපයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම් එක වරම පවසා ඇත්තේ…..’ රාජපක්ෂ කොහොම්ද කළේ කියලා ඔබතුමා දන්නේ නැද්ද?…’ “අපි කොහොමද එක දන්නේ….”

සරම ගලවා කලිසම ඇදගෙන ලොකේ පුරාම ගොස් රට මහා ජාතිය පාවාදෙමින් …ජාත්‍යන්තරය අප සමග ඉන්නවා කියමින් හැමතනම කියවන මෛත්‍රී ආණ්ඩුව දැන් කප්පරකටත් වඩා ආර්ථික ප්‍රශ්ණ වැලකට මුහුණ දි ඇති බව තහවුරු වි තිබේ.ලෝකෙ පුරාම බඩගාමින් ජාත්‍යන්තර නායකයන් ඉදිරියේ දෙකට තුනට නැමුනට රටේ ආර්ථිකය සදහා කිසිදු අයුරිකින් එම රටවල් දායකත්වය ලබාදි නැති බව සිරිසේනට දැන් සිරාවටම තෙරි ඇද්ද?

Top