Featured

රාජපක්ෂලා පාවාදෙන්න බැරිනම් කාපන් හිරබත්

තාජුඩීන් ඝාතනය සාමාන්‍ය රිය අනතුරක් නොව රාජපක්ෂලාගේ නියෝග මත තජුඩීන්ගේ ඝාතනය සිදුකර එහි සාක්ෂි වෙනස් කිරිමට නිළධාරින්ට උපදෙස් දුන් බවට පිළිගැනිමට අකමැති විම නිසා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රිමාන්ඩ් භාරයට පත්කිරිමට ආණ්ඩුව කටයුතු කල බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

තාජුඩීන් ඝාතනය සාමාන්‍ය රිය අනතුරක් නොව රාජපක්ෂලාගේ නියෝග මත තජුඩීන්ගේ ඝාතනය සිදුකර එහි සාක්ෂි වෙනස් කිරිමට නිළධාරින්ට උපදෙස් දුන් බවට පිළිගන්නා ලෙසට එවකට බස්නාහිර පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට රහස් පොලිස් ප්‍රශ්ණ කිරිම් අතර පැමිණි රජයේ විශේෂ නියෝජිතයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු හරහා බලපෑම් කර තිබේන බව අප අරක්ෂක තොරතුරු වාර්තාකරු පසුගියදා රහස් පොලිසිය ප්‍රශ්ණ කිරිම් වලින් පසුව අනාවරනය කළා.

යහපාලන ගූ කන මාධ්‍ය හරහා කරන ලද සාක්ෂි නොමැති විඩියෝවක් සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලබන 26 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් නියෝග කර තිබේ.

තාජුඩීන් ඝාතනය සිදුවූ දවසේ අලුයම 2.45ට ත් 3.20 අතර කාලයේ ඔහු සාමාන්‍ය ඇඳුමින් සැරසී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල මහපාරේ සිටි බවට සාක්කි ඇතැයි රහස් පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන් බවත් එම විඩියෝව සම්බන්ධයෙන් පරික්ෂණ කරන තෙක් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රිමාන්ඩ් භාරයේ තබාගත යුතු බව රහස් පොලිසිය අධිකරණය හමුවේ දන්වා තිබේ.

යහපාලන ආණ්ඩුවේ ජෙම්ස් බොන්ඩ් වන රහස් පොලිසියේ අධිකාරී ශානි අබේසේකර මහේස්ත්‍රාත් හමුවේ පවසා ඇත්තේ තාජුඩීන් අනතුරක ප්‍රතිඵලයක් වශයෙන් මියගිය බවට පරීක්ෂණ කරන ලෙස පොලිසියේ පහළ නිලධරයන් දෙදෙනකුට බලපෑම් කර ඇතැයි ද සාක්කි යටපත් කිරීම හා මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම යටතේ ඔහුට චෝදනා නැගීමට තරම් ප්‍රමාණවත් කරුණු ඇති බවද පවසා තිබේ.

රහස් පොලිසියේ ප්‍රශ්ණ කිරිම් වලින් අනතුරුව රහස් පොලිසියේ අධිකාරී ශානි අබේසේකර අගමැති හා ජනපති පෙරේදා රාත්‍රීයේ හමුවි සාකච්ඡා කර ඇති බවත් ලගදිම රාජපක්ෂලා පාවාදෙන්න බැරි එවුන්ට හිරබත් කන්න ලැස්තිවෙලා ඉන්න වෙයි යනුවෙන් තමන්ගේ ගොලයන්ට පවසා ඇති බවද වාර්තා වේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙනගොස් ඝාතනය කලබවට හමුදා බුද්ධි අංශ නිළධාරීන් පාවාදිමේ මෙහෙයුමේද ප්‍රධානියා ලෙස කටයුතු කරනුයේ හස් ‍පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර වන අතර ඇතැම් වෙබ් අඩවි හරහා බොරු පුවත් මවන්නේකු ලෙසද් ඉතා ප්‍රසිද්ධ අයෙකි.

කියවන්නරහස් පොලිසිය ඇතුලේ රජයේ විශේෂ නියෝජිතයෙක්! තාජුඩීන් මරන්න රාජපක්ෂලා කී බව පිලිගන්න අනුරට බලපෑම්

Top