Political

රාජපක්ෂලා සමග සබඳතා ගොඩනැගු වසර දෙකක නිහඩ මෙහෙයුම… ත්‍රිකුණාමලය වරාය,තමිල්නාඩුව සමඟ දුම්රිය ඉන්දිය බලාපොරොත්තු අතර ඉදිරියෙන්ම

Published on: Jan 18, 2020- ශ්‍රි ලංකාවේ වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුල සමග සබඳතා නැවත ගොඩනඟා ගැනිම සදහා වසර දෙකක කාලයක් දිර්ඝ නිහඩ පසුබිම් වැඩක (silent background work) නිරත වු බව මේ වනවිට අනාවරණය වි තිබේ.

දකුණු ආසියාවේ විදේශ ප්‍රතිපත්ති හා ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෙකු කොන්ස්ටන්ටිනෝ සේවියර්  (Constantino Xavier) වන රෙඩිෆ් (Rediff.com) සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කර ඇත්තේ එම වසර දෙකක කාලය තුල නිහඬව රාජපක්ෂලා සමග ගනුදෙනු කල බවත් එම ගණුදෙනු වල ප්‍රථිපලයක් ලෙස ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකාවට මෝදි බලපෑම් නොකර සිටිමට හේතු වු බවත් පෙන්වා දෙන ඔහු එහි අවසන් ප්‍රථ්පලය නම් ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රථ්ම නිල සංචාරය ඉන්දියාවේ සිදුකල බවද ඔහු පෙන්වා දෙනවා.එම කාලය තුල වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මල්ලි වන බැසිල් රාජපක්ෂ විශාල කාර්යභාරයක් සිදුකල බවයි ඔහුගේ අදහස වි ඇත්තේ.

(කොන්ස්ටන්ටිනෝ සේවියර් යනු ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පුත් ධර්වා ජයිශංකර් සහ ඉන්දියාවේ හිටපු ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව්ශංකර් මෙනන්ගේ සගයෙකි.)

උතුරේ දෙමළ ජනතාව බලාපොරොත්තු වන නිදහස,(ඔහුන් අර්ථකථනය කරන ආකාරයට.),  ත්‍රිකුණාමලය වරාය වැඩිදියුණු කිරීම, තමිල්නාඩුව සමඟ දුම්රිය හා තොටුපළ සම්බන්ධතා යථා තත්ත්වයට පත් කිරීම ඉදිරි වසර තුළ වඩාත් ශක්තිමත් ජයග්‍රහණ කිරිම මෝදි බලාපොරොත්තු වෙන් සිටින බවත් සියල්ලටම වඩා චිනය සමග ගණුදෙනු වලදි හම්බන්තොට වරාය ඇතුලු ශ්‍රි ලංකාවේ මර්මස්ථාන මිලිටරීකරනය නොකිරිමට කටයුතු කිරිම මෝදි පාලනය ගෝඨාභයගෙන් බලාපොරොත්තු වෙන් සිටි.මෛත්‍රී පාල සිරිසේන පාලනය පිහිටුවිම සදහා 2015 දී ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහය ලබාදුන් නමුත් සිරිසේන පාලනයේ පතෝල වැඩ හේතුවෙන් අවසන් වසර 2ක පමණ කාලය ඉන්දියාව වැඩි කැමත්තකින් මැදිහත් විම අතහැර දැමුවා.

ගෝඨාභයගේ පලමු නිළ සංචාරය…

http://lankanewsnetwork.org/archives/21813

Top