LNN SPY

රාජ්‍ය අන්තවාදි ප්‍රහාර සෙසු ජාතින් දෙසට! රිෂාඩ් බදුර්දීන්ගේ රථ වලට ගල් ප්‍රහාර! තැන තැන දෙමළ භාෂා පුවරු ගැලවෙයි…

Published on: Nov 24, 2019 – සෙසු ජාතින් කෙරෙහි වෛරය පතුරුවමින් ලබාගත් ජයග්‍රහණයෙන් පසුව තැන තැන දමිළ භාෂාවෙන් තිබු මාර්ග නාම පුවරු විනාශ කරමින් රාජ්‍ය අන්තවාදය පතුරුවමින් සිටින කණ්ඩායම් අද හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබේන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගමන් කළ රථ පෙළකට මදුරන්කුලිය,කදයාමට්ටේ ප්‍රදේශයේදි සවස 5.45ට පමණ ගල් ප්‍රහාරයක් එල්ලවී ඇති අතර ගල් ප්‍රහාරයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගමන් කළ කාර් රථයට හානි සිදුව ඇති අතර ඊට අමතරව රිෂාඩ්ගේ සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ තරුණ කණ්ඩායම් නායකයාගේ වාහනයටද හානී සිදුව තිබේ.

මෙම ගල් ප්‍රහාරය කවුරුන් විසින් එල්ල කලාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

 

Top