Featured

රාජිත,චම්පික ඇවන්ගාඩ් කප්පම් අරන් -රහස් පොලිසිය,චම්පිකගේ චක්ගොල බන්දුල චන්ද්‍රසේකර පක්ෂයෙන් දොට්ට

Published on: Dec 4, 2015- ඇවන්ගාඩ් ව්‍යාපාරය හරහා කප්පම් ගත් බවට පසුගියදා අනාවරණය වු යහපාලන කැබිනට් අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න,පාඨ්ළි චම්පික රණවක,අර්ජුන රණතුංග අතරින් රාජිතට සහ චම්පිකට එරෙහිව සැකයෙන් තොරව ඔප්පු කලහැකි සාක්ෂි පමණටත් වඩා ලැබි තිබේන බව රහස් පොලිසියේ ඉහලම නිළධාරියෙකු ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරුට පවසා තිබේ.

අදාළ සාක්ෂි සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇති බවත් දැනට ලැබි ඇති ලිඛිත සාක්ෂි අනුව රාජිත සහ චම්පික යන අමාත්‍යවරුන් අත් අඩංගුවට පවා ගැනිමට කිසිදු නීතිමය බලපැමක් නැති බවද ඔහු අවධාරණය කර තිබේ.

ඇමැති රාජිත සේනාරත්න ඇවන්ට්ගාඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපතිගෙන් රුපියල් ලක්ෂ 50 ක් ලබා ගත් බව ඇමැති රාජිත සේනාරත්නගේ ලේකම් වරයා වන, රාජිත යටතේ ඇති රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති දොස්තර සයුරු සමරසුන්දර හෙලිකර ඇති අතර ඊට අමතරව නිශ්ශංක සේනාධිපතිගෙන් ලක්ෂ ගණනින් අවස්ථා ගණනාවකදි රාජිත මුදල් ලබාගෙන ඇති අතර අදාළ චෙක්පත් වල සත්‍ය පිටපත් මේ වනවිට බැංකු වලින් ලබාගැනිමට රහස් පොලිසිය සමත්ව තිබේ.

මීට අමතරව මෙගා පොලිසි අමාත්‍ය පාඨ්ළි චම්පික රණවක ඇවන්ට්ගාඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපතිගෙන් ඒ අකාරයටම මුදල් ලබාගෙන ඇති අතර ඊට අදාළවද ප්‍රමාණවත් සාක්ෂි අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තිබේන බවත් බලධාරීන්ගෙන් නියෝග මත එම තොරතුරු මාධ්‍යට නිකුත් නොකිරිමට කටයුතු කරමින් සිටින බවද ඔහු අනාවරණය කර තිබේ.

කෙසේවෙතත් අර්ජුන රණතුංග ඇවන්ට්ගාඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපතිගෙන් මුදල් ලබාගත් බවට ප්‍රමාණවත් සාක්ෂි නැති බවද ඔහු සදහන් කර තිබේ.

මේ අතර චම්පික රණවකගේ චක් ගොලයා වන ලංකා විදුලි සමාගමේ සභාපති ලෙස දේශපාලන පත්වීමක් ලැබ සිටින බොඩ් ලෑල්ලකට පමණක් සිමාවු ජාතික හෙළ උරුමයේ න්‍යාචාර්‍යවරයෙකු,විදුලි පාරිභෝගික ව්‍යාපාරයෙහි කැඳවුම්කරු ලෙස පෙනී සිට ලක්ෂ ගණන් ජනතා මුදල් පිල්ලි ගැසු බන්දුල චන්ද්‍රසේකර වහාම පක්ෂයෙන් නෙරපා හැරිමට පාඨළී චම්පික රණවක කටයුතු කර තිබේ.

රණවක ඇමතිවරයාගේ ඇවන්ගාඩ් ගණුදෙනු සියල්ල සම්බන්ධයෙන් හෙළිදරවු කර ඇත්තේ බන්දුල චන්ද්‍රසේකර බවට අතටම හසුවි ඇති අතර එහි ප්‍රථිපලයක් ලෙස ඔහු පක්ෂයෙන් නෙරපා තිබේ.

බන්දුල චන්ද්‍රසේකර යනු ජනාධිපතිවරණ සමයේ කුමර් රුපසිංහගේ කාර්‍යාලයේ පවත්වාගෙන ගිය මෛත්‍රී පාලනයේ ආතල් ගැනිමේ මෙහෙයුම් මැදිරියේ 17 වන කාමරයට වි දුරකතන භාවිතා කරමින් ඩීල් දැමු අංක එකේ ඩීල් කාරයෙකී.කලක් ජාතික හෙළ උරුමය නියෝජනය කල ඔහු පසුව හෙළ උරුමය හෙළ කරුමය වු පසු එය අතහැර දැමුවෙකි.මෛත්‍රී පාලනයේ මැතිවරණ මෙහෙයුම් ව්‍යාපාරයේ පලුමු බිල දමා ලක්ෂ 45ක් ගෙඩිපිටින් කඩා ගැනිමටද සමත් වුවෙකු වේ.

Top