Featured

රෝ,CIA නියෝජිත ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානී ඔෂල ඉවතට!

Published-2015/10/12- බෙදුම්වාදී මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන එම සදහා රාජපක්ෂලාට එරෙහි රටේ මෙහෙයුම දියත් කරමින් රට දෙකඩ කිරිමේ ඉන්දිය කුමන්ත්‍රණය දියත් කල ඉන්දිය “රෝ” ඔත්තු අංශයේ සමාජිකයෙකු ලෙසත් අමෙරිකානු CIA නියෝජිතයන් කටයුතු කරන ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානී ඔෂල හේරත් වහාම එම තනතුරින් ඉවත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ.රජයේ රහසිගත තොරතුරු රැසක් පසුගිය මාස කිහිපය තුල ඉන්දියාවට සහ ඇම්රිකාවට ලබාදිමට කටයුතු කිරිම මෙම ඉවත් කිරිමට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ.

ඔෂල හේරත් නමින් අපට මොහූ හඳුනාගත හැකි වුවද ඔහු සතුව ජාත්‍යන්තර ගුවන් බලපත්‍ර කිහිපයක් අතු බව ඔහු විසින්ම දිනක් අනාවරණය කර තිබුනා. ප්‍රභූ පිරිසගේ සමාජ ජාල (FACEBOOK) වැනි කටුතුවලදී සහ ප්‍රභූ පිරිසගේ විවිධ තොරතුරු අන්තර්ජාලයට එකතු කිරීමේ කටයුතු මොහු ඉතාම විශ්වාසයෙන් සහ ඉතාම වගකීමෙන් යුතුව කර ඇත. පසුකලකදී මොහු ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ අධ්‍යක්ෂක තනතුරුද දරමින් පවත්නා රජයට ඉතාම ලැදියාවෙන් තම කටුතු කොට ඇත.

දැන ගන්න කියවන්න –  රට මස්තබාල්දු කල “රෝ” ඔත්තුකරුවන් මෙන්න

මොහු 2010 දී ජනපතිවරණයේ සමාජජාල කටයුතු සහ විවිධ තොරතුරු සහ VIDEO අන්තර්ජාලයට එක් කිරීමේ වගකිම මොහු විසින් බාරගෙන 2010 මැතිවරණ ව්‍යාපාරය සඳහා ඇති දැවැන්ත කාර්ය භාරයක් කරගෙන යන ලද අතර ඒ හරහා ජනාධිපති කාර්ය මණ්ඩලයේ සහ මැති ඇමතිවරුන්ගේ ආකර්ශණයද ගත්තේය .ගැටලුව වන්නේ මෙයද නොවේ 2010 වසරේ සිට රාජ්‍ය බුද්ධි අංශයෙන් විසින් ජාත්‍යන්තර රෝ සංවිධානයට රාජ්‍ය තොරතුරු ලබාදෙන පුද්ගලයන් පිලිබඳ ඉතාම විමසිල්ලෙන් පරීක්ෂණ කටුතු කළේය . මෙහිදී ටි. එන්.ඒ සහ රෝ සංවිධානය විසින් යම් යම් පුද්ගලයන්ට විශාල වශයෙන් මුදල් දෙමින් සහ ඔහුන්ගේ ජීවිතය සුඛිත මුදිත කරමින් අප රටෙහි ප්‍රභූ පිරිසගේ තොරතුරු ලබාගනිමින් සිටියේය.

අවසනාවකට ඔෂල හේරත් නමැති පුද්ගලයාද රෝ සංවිධනයේ තොරතුරු කරුවෙකි. මොහු 2010 ජනපතිවරණයේදී ඉතාම විශ්වාසවන්තව කටයුතු කරමින්. ජනාධිපති කාර්යමණ්ඩල වල විශ්වාසය දිනා ගනමින් කටයුතු කළේය. ඉතාම සුක්ෂමව මොහු ශ්‍රී ලංකාවේ පරිපාලනයට රිංගමින් මැති/ඇමති වරුන්ගේ නිල සමාජජාල ගිණුම් වල කටයුතුද ඉතාම විශ්වාසවන්තව කළේය . ඒ අතර රෝ සහ ටි. එන්.ඒ සංවිධානයන්ට අවශ්‍ය තොරුතුරුද සුක්ෂමව ලබාදෙන ලදී.

2014 වසර වනවිට ජාතික කුමන්ත්‍රණයේ ප්‍රධාන භූමිකාව ලෙස අප දකින මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල සමාජ ජාල ගිණුමද මොහුගේ අනසක යටතේ පවත්වාගෙන ගියේය . 2014 නොවැම්බර් මාසයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා නොසිතුලෙස රාජ්‍ය රහස් හෙළිකරමින් කල පාවාදීමේ අවස්ථාව වනවිට. මොහුද හුන් පැදුරටත් නොකිය. තමාගේ හාම්පුතාගේ අණට කීකරුව එනම් රෝ සංවිදානයේ හදිසි අනසකට යටත්ව මෛත්‍රිපාල සිරිසේන මහතා සමග යන ගමනට එක්වුවේ. සිරිසේන මහතාගේ නිල සමාජජාල ෆේස්බුක් ගිණුමද වෙනස් වුවේ හිටි හැටියෙමය.. එහි තිබු පැරණි අන්තර්ගතයන් සුලු මොහොතකින් වෙනස්ව මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පලවන ආකාරයටය . එය ඔවුන් සැලසුම් කලේ ඊට මාස කිහිපයකට පෙරය.

මොහු ගැන කෙතරම් විස්වාස කලද කියතොත් මැති ඇමතිවරුන්ගේ අන්තර්ජාල කටයුතු නිල වශයෙන් පරිපාලනය මොහුට බාරදුන්හ. නමුත් මේ වනවිට අදාල පුද්ගලයන්ගේ සමාජජාල පිවිසුම් සහ තොරතුරු සියල්ල මොහු කෘර ලෙස සොරාගෙන ගියේය. මේ වනවිට ඒ හරහා අදාල පුද්ගලයන්ගේ චරිතය දුෂ්‍ය වන ආකාරයට කටුයුතු කරන අතරම.අදාල තොරතුරු සහ එම සමාජ ජාල ගිණුම් වල පුද්ගලන්ගේ විස්තරයන් රෝ සහ ටි. එන්. ඒ සහ අන්තර්ජාතික වශයෙන් පවරදෙමින් රාජ්‍ය රහස් හෙළිකරමින් ජාතික ආරක්ෂාවටද හානිකරන අන්දමින් කටුතුකරන බව ශ්‍රී ලංකා බුද්ධි අංශයන්ට තොරතුරු ලැබී තිබුනා.

2015 ජනපතිවරණයේ මෛත්‍රීපල සිරිසේන මහතාගේ ප්‍රධාන මැතිවරණ ව්‍යාපාරයේ සමාජ ජාල සහ අන්තර්ජාල මැතිවරණ ව්‍යාපාර කටුතුවල ප්‍රධානියා වශයෙන් කටුතු කරන අතරම. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යටතේ සිටි කාලයේ මැතිවරණ ඇතුළු රාජ්‍ය රහස් හෙළිකරමින් ඉතාම නින්දිත ලෙස කටයුතු කල අයෙකි.

ශ්‍රී ලංකාව තුල අරාබි වසන්තය පන්නයේ Facebook විප්ලවයක් හරහා රාජපක්ෂ රජය පෙරලීමේ කුමන්ත්‍රණයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා ක්‍රියාත්මක වූ මෙම කුමන්ත්‍රණයේ ශ්‍රී ලංකා නියෝජිතයන් දෙදෙනා වූයේ ඔෂල හේරත් සහ ලහිරු සේනානායක නම් වෛද්‍යවරුන් දෙදෙනෙකි.

මොවුන් දෙදෙනාම මෙරට උසස්පෙළ අසමත්ව මුදලට වෛද්‍ය උපාධි පිරිනමන ඉන්දියානු උපධිකඩයකින් වෛද්‍ය උපාධි ලබා මෙරටට පැමිණ මෙරට පවත්වන ACT 16 විභාගය අසමත්ව සිටිති. 2010 මැතිවරණයේදී අතිගරු ජනාදිපති මහින්ද රාජපක්ෂගේ Facebook මැතිවරණ මෙහෙයුම බාරව සිටියේ ඔෂල හේරත්ය. සරත් පොන්සේකාගේ අන්තර්ජාල මැතිවරණ මෙහෙයුම් බාරව සිටියේ ලහිරු සේනානායකය. දෙපස සිටි මොවුන් දෙදෙනා එක පිලකට ගෙනඒමෙන් අරාබි වසන්තය පන්නයේ මෙහෙයුමක් මෙරට ක්‍රියාත්මක කිරීමේ CIA මෙහෙයුම ඇරබෙන්නේ 2010 මැතිවරණය අවසනදීමය.

සරත් ෆොන්සේකාත් සමගම අත්අඩංගුවට පත් වූ ලහිරු සේනානායක නිදහස් කරගැනීමට එවකට මෙරට ඇමරිකානු තානාපති රොබට් බ්ලේක් මැදිහත් වූ අතර ඒ හරහා පොන්සේකාගේ කටයුතු පිලිබදව සියලු තොරතුරු ලබාගැනීමටද කටයුතු කරන ලදී. ඔෂල හේරත් සමග සෘජු සබදතා ඇතිකරගත් CIA ඒජන්තයන් ඔහු රාජිත සේනාරත්න ලගට යවා ධීවර අමාත්‍යංශයේ උපදේශකයෙක් බවට පත්කර රාජිතගේ කටයුතු පිලිබදව සියලු තොරතුරු ලබාගැනීමටද කටයුතු කරන ලදී. ඔෂල හේරත් CIA නියෝජිතයන්ගේ උපදෙස්පරිදි රාජිතගේ සමීපතම කිට්ටුවන්තයා වූ අතර රාජිතගේ කොමිස් නැව් කිහිපයක් ලියාපදිංචි කොට ඇත්තේ ඔෂල හේරත්ගේ නමිනි. රාජිතගේ පුත්‍රයාගේ බළල් NGOවට කෝටි ගණනින් මුදල් ලබාදී ඔහුගේද හිත දිනා ගැනීමට හේ සමත් විය. අරාබි වසන්තය PILOT Project එක ලෙස ක්‍රියාත්මක කල බේරුවල සිංහල මුස්ලිම් ගැටුමේදී සිංහල මෙන්ම මුස්ලිම් තරුණ කල්ලි උසිගන්වීමේ කූට උපාය ක්‍රියාත්මක කල ඔෂල හේරත් කණ්ඩායම් දෙකටම අයුධ සහ මුදල් ලබාදුන් බවද පැවසේ. බේරුවල ගැටුමේ සාර්ථකත්වය හේතුවෙන් ඔෂල හේරත්ට කෝටි ගණනක ත්‍යාගයක්ද ලැබී තිබේ. ලහිරු සේනානායක සරත් පොන්සේකා සමීපයේ සිටිමින් මෙහෙයුම ක්‍රියාත්මක කල අතර වරෙන්තු කරුවෙකු වූ පොන්සේකාගේ බෑනා සගවාගෙන රැකවරණ දුන්නේද මොහු විසිනි. විශ්‍රාම වැටුප මෙන්ම කෝටි ගණන් විදේශ මුදල් තිබු පොන්සේකාගේ ගිණුම් තහනම් කොට තිබියදී පොන්සේකාට අත දිගහැර වියදම් කරන්නට ඇමෙරිකානු තානාපති කාර්යාලය ලහිරු සේනානායක හරහා මුදල් ලබා දෙන ලදී. පොන්සේකා විසින් රාජපක්ෂ වරුන්ගෙන් පලිගැනීමට ඉතා රහසිගතව ක්‍රියාත්මක කල දේශපාලන බුද්ධි අංශයේ මෙහෙයුම් සිදුකළේද ලහිරු සේනානායක විසිනි.

කොටි ඩයස්පෝරාවේ සහ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ මෙහෙයුමක් වූ සිරිසේන පොදු අපේක්ෂකයා කරවීමේ මෙහෙයුමත් සමගම ඔෂල හේරත් රාජිත සමග ආණ්ඩුවෙන් ඉවත්වූ අතර ඔහු අත තිබු ආණ්ඩුවේ සියලුම Facebook පිටු උපක්‍රමශීලිව මහින්ද පැරදවීම සදහා භාවිතා කරන ලදී. ඒ අතර UPFA – Brighter Future නමින් වූ සන්ධානයේ නිල Facebook පිටුවද විය. මොවුන් දෙදෙනා එක්ව 150 දෙනෙකුගෙන් යුතු රහසිගත මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක කරවූ අතර ඒ සදහා සියලුම වියදම් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ලබාදෙන ලදී. අතිගරු ජනාදිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ සහ රාජපක්ෂ වරුන්ගේ කීර්ති නාමය කෙලෙසෙන ලෙස වංචා දුෂණ පිලිබදව බොරු ප්‍රචාර අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ කිරීමට මෙම ඒකකය මුල්වූ අතර අවසානයේදී ගොබෙල්ස් න්‍යාය සත්‍ය බව සනාථ කරමින් Facebook භාවිතාකරන්නන් බහුතරයක් මොවුන්ගේ මහා බොරු ප්‍රචාර වැලට රැවටී චන්දය භාවිතා කල බව මේ වනවිට පැහැදිලිය. ඔෂල හේරත් අප සමග ජනාදිපති තුමන්ගේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ Facebook මැතිවරණ මෙහෙයුම බාරව කටයුතු කල අතර අවසාන මොහොතේ සිය කුමන්ත්‍රණ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් විපක්ෂය සමග එක්වූ අතර මේ වනවිට ජනාදිපතිතුමන්ගේ අන්තර්ජාල මෙහෙයුමේ සිටි අයට දුරකථන ඇමතුම් ලබාදෙමින් මරණීය තර්ජන සිදුකරමින් සිටී.

චන්දයෙන් පසුව ඔෂල හේරත්ට සහ ලහිරු සේනානායකට අති නවීන බෙන්ස් රථ දෙකක් ත්‍යාග ලෙස CIA සංවිධානය හරහා ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ලබා දී තිබෙන බවද වාර්තා වේ.

Top