LNN SPY

රෝසිගේ අනවසර වැඩ වලින් කොළඹ වරාය අධිකාරිය අවදානමක… රෝසීගේ දස අවුරුදු සැලැස්ම කොළඹ වරායට කෙලවිමද?

Published on: Sep 22, 2018 – කොළඹ නගර සභාවේ නගරාධිපතිනී රෝසී සේනානායක සිය දස අවුරුදු සැලැස්ම යටතේ කොළඹ වරාය අධිකාරිය අවදානමකට ලක්කිරිමේ මෙහෙයුමක් දියත් කර තිබේන බවට වාර්තා වේ.

ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ අප අවස්ථා ගණනාවකදි අනාවරනය කල පරිදිම අතයට සිදුවන සිදුවන ගණුදෙනු හරහා විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි ඉදිකිරිම් හේතුවෙන් මෙම අවදානමට කොළඹ වරාය අධිකාරිය මුහුණ දෙමින් සිටි.

වරාය අධිකාරියේ ගෙට්ටු අංක 02 ගපූර් ගොඩනැගිල්ල ඉදිරිපිට ට්‍රාන්ස්ෆෝමරය අසල පසුගිය රෝසීගේ මාස 7ක පාලන කාලය තුල ඉදිවෙමින් පවතින විශාල අනවසර ඉදිකිරිම් මේ තත්ත්වය දැඩි අවදානමට ලක්කර තිබේ.

අදාල අනවසර ඉදිකිරීම් සදහා ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා මෙන්ම නාගරික කොමසාරිස්ගේ ආශිර්වාදය ලැබෙන බවට මතයක්ද රෝසී විසින් නිර්මාණය කරමින් සිටින බවයි තවදුරටත් වාර්තා වන්නේ.

Top