Featured

රෝහිත බෝගොල්ලාගමගේ ගෑණී හත්පොලේ ගා ගනී….කෝලම් චිත්‍රවලට පයින් ගසා.,.. “තමුසෙලා ඔක්කොමල්ලාට දෙනවා වැඩේ” කියලා තර්ජනය කරලා…

ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ ආණ්ඩුකාර බිරිඳ වන දීප්ති බෝගොල්ලාගම මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කුනිතීවූ ග්‍රාම නිලධාරි වසමේ, සූඩෙයිකුඩා ගමේ මද්දලමලෙයි කන්දේ පවත්වාගෙන යන ස්කන්ධකුමාර කෝවිල් භූමියට බලහත්කාරයෙන් ඇතුල් වි හින්දු බැතිමතුන් පිරිසකට බැනවැදී තර්ජනය කර පොළොවේ ඇඳ තිබූ “කෝලම්” නමින් හැඳින්වෙන හාල්පිටියෙන් අඳින ලද දෙමළ සාම්ප්‍රදායානුකූල බිම් සැරසිල්ලක් පාවහන් සහිත පයින් පාගා දමා තිබේ.

කෝලම් චිත්‍රය වටකොට සිටි කාන්තාවන් “මුරුගා, කාලි අම්මා” යි හඬ නගද්දී, එතනට පැමිණි ආණ්ඩුකාර බිරිය “තමුසෙලා ඔක්කොමල්ලාට දෙනවා වැඩේ” යයි ඇඟිල්ල දිගු කරමින් බහුතරයක් කාන්තාවන්ගෙන් සැදුම්ලත් බැතිමතුන්ට තරජනය කරන ආකාරය ගගන වාර්තාකරු විඩියෝ කිරිමට සමත්ව තිබේ.

ඇය සමග ආ පොලිස් නිලධාරිනියන් ද පාවහන් ගලවා සිටිනු එම රූප රාමුවල දැක ගත හැකි අතර දීප්ති බෝගොල්ලාගමගේ උද්දච්ච කම හේතුවෙන් ඇය ඒ අකාරයට හැසිරි ඇති අතර දීප්ති බෝගොල්ලාගම එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස කෝපයට පත් කාන්තාවන් කෑගැසීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් ඇය කැඳවාගෙන ගොස් තිබේ.

ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම එහි ගොස් සිටියේ අලුතින් කණිනු ලැබූ ළිඳක් පිහිටි භූමිය පෞරාණික චෛත්‍යයක් ඉදිකර තිබූ ස්ථානයක් බව පවසමින් එම වැඩ කටයුතු නවතා ලන ලෙස සේරුවිල සිට පැමිණි භික්ෂුන් වහන්සේ දෙනමක් පසුගිය සතියේ කෝවිල් පාලනාධිකාරියට බල කිරීම නිසා දායකයන් අතර හටගත් නොසන්සුන්තාවය පිළිබඳව විමසා බැලීමටය.ජලය ලබා ගැනීම කෝවිලට මීටර සියයක් පමණ දුරින් ළිඳ කණින ලද්දේ මුතූර් ප්‍රාදේශීය සභාවේ ආධාරයද ඇතිව බව කෝවිල් පාලනාධිකාරිය පවසයි.

අදාළ ස්ථානය මිනුම් කටයුතු කර මායිම් සලකුණු කිරීමටත් සිව් වසරකට පෙර ඉදිකරන ලද මෙම හින්දු කෝවිලේ ලියාපදිංචිය පිළිබඳව විභාග කරන ලෙස ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම තමන් සමග ගොස් සිටි ත්‍රිකුණාමලය දිසාපති එන් ඒ ඒ පුෂ්පකුමාරට උපදෙස් දී තිබේ.

ස්කන්ධ, කාලි සහ බහිරව හින්දු දෙවි දේවතාවියන් වෙනුවෙන් මද්දලමලෙයි කන්දේ කලක් තිස්සේ පුද පූජා පවත්වන ලද බව පවසන රාසයියා පද්මනාදන් පූජකතුමා කියා සිටින්නේ තමන් ඒ වෙනුවෙන් කැපවුනු හත් වැනි පරම්පරාවට අයත් අයකු බවයි.

Top