Featured

ලසන්ත ඝාතකයා ලගදිම මාට්ටු?ලසන්ත ඝාතනයේ ඇත්ත නැත්ත

ලසන්ත ඝාතනය යලි කරලියට පැමින ඇත. මේ ඒ පිලිබද කරන විවරණයකි. ලියුම්කරුගේ උත්සාහය හුදෙක් ෆොන්සේකා දෙසට ඇගිල්ල දිගු කිරීම හෝ ගෝටාබයට සුදුහුනු ගෑම නොවේ. එහෙයින් මෙහි එන කරුනු එකිනෙක විමසා බලා නිගමනයට එලබීම ඔබට බාරය. මෙම කථවේ එන ලසන්ත ,සොනාලි, වික්ටර් අයිවන්, ෆොන්සේකා, අතාස්,උවිදු, සදරුවන් ,නිශාන්ත ගජනායක, ලක්‍ෂ්මන් සෙනවිරත්න යන අය ලියුම්කරු විසින් අඩු වැඩිව, පෞද්ගලිකව දන්නා හදුනන බව සදහන් කල යුතුය. එහෙයින කරුනු වල සත්‍ය අසත්‍ය  බව කෙනෙකුට අවැසි නම් විමසා බැලිය හැක .

නාටක මාරයි

2016 ජූලි 4 වැනිදා පොලිස් මූලස්ථානය විසින් ලසන්ත ඝාතනයේ සැකකරුවන් හදුනා ගැනීමට මහජන සහාය ඉල්ලා සිටියි. සැකකරුවගේ හැඩහුරුව අනුව නිර්මානය කරන කලේ යයි කියූ චිත්‍ර සටහන් දෙකක් ජනමාධ්‍ය  නිකුත් කරයි.

ඒ පිලිබදව රජයේ මාධ්‍ය වාර්තා කල ආකාරය -උපුටා ගැන්ම 

LASANTHA“ප්‍රවිණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන වලදී අපරාධකරුවන් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුගේ ඡායා රූප චිත්‍රයට නගා මාධ්‍යයට ඉදිරිපත් කර තිබෙනවා.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිදුවීම පිළිබඳව කළ විමර්ශනයේදී අනාවරණය වූ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අනුව එම පින්තූර අපරාධ වාර්තා කොට්ඨාසයේ පොලිස් චිත්‍ර ශිල්පීන් සිතුවමට නගා තිබෙනවා.

එක් සැකකරුවෙකු වයස අවුරදු 35 ක පමණ පෙනුමැති, උස අඩි 05 අඟල් 08 ක් පමණ වන දුඹුරු පැහැ දිගටි ඇස් ඇත්තෙකු වන අතර, අනෙක් උස අඩි 05 යි අඟල් 10 ක් පමණ වන, කළු පැහැති මහත සිරුරකින් යුත් අවුරුදු 45 ක පමණ තැනැත්තෙක්.

උපුටා ගැන්ම අවසන් 

http://www.rupavahininews.lk/index.php/foreign-news/6142-2016-07-05-07-04-17m

20­­­­16.ජූලි.16 දින ලසන්ත ඝාතනයේ ප්‍රධාන සැක කරුවා අත් අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය වාර්තා කරයි. මොහු ඝාතනය සිදුකළ කණ්ඩායමේ නායකයා ලෙස හදුන්වා දෙයි. සදරුවන්ගේ ඊ නිවුස් මෙම පුවත වාර්ථා කරන විට මෙවැනි සටහනක්ද එක් කර තිබිනි. ”

ලසන්ත ඝාතන කණ්ඩායමේ නායකයා, යුද හමුදා සාජන්ට් මේජර් අල්ලයි..!මීට සතියකට පමණ පෙර ඝාතකයන් ඇසින් දුටුවන්ගේ සාක්ෂි මත නිර්මාණය කරන ලද ඝාතනය සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකුගේ සිතුවම් දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජනමාධ්‍ය වෙත නිකුත් කරන ලද අතර මහජනතාවගෙන් ඔවුන් පිලිබඳ තොරතුරු ඉල්ලා තිබිණ. (එකී සේයාරූ දෙක මෙහි දැක්වේ). ඝාතනය සම්බන්ධයෙන් ලැබී තිබූ පරිවේශනීය සාක්කි මත මෙකී සාජන්ට් මේජර් වරයා අත් අඩංගුවට ගත් අතර මේ වන විට ඔහු කොළඹට ගෙනැවිත් ප්‍රශ්න කරමින් සිටී”.

සරල තර්කය

ලසන්ත ඝාතනය කලේ මෝ.බයික් 2කින් ලුහු බැද පැමිනි දෙදෙනෙකු බවට ඈසින් දුටු සාක්ෂි වෙයි. ලසන්ත පැමිනියේ නුගේගොඩ සිට අත්තිඩිය බලාය. ඝාතකයන් බාවිතා කල මොබයිල් දුරකථන දෙකද එම රේඛාවේම ගිය බව ඩයලොග් සර්වර් දත්ත සනාථ කරයි. එසේම එම දුරකථන දෙක තවත් ස්ථාන දෙකක වූ පුද්ගලයන් හතර දෙනෙකු හා සම්බන්ද විය. එනම් ඝාතන කන්ඩායම හය දෙනෙකි.ඝාතන ඉලක්කය ගැනීමෙන් පසුව එම සිම් විනාශ කර තිබුනි. සර්වර් දත්ත ඇති නිසා එය පරීක්ෂන වල බාදාවක් නොවේ

කරුනු එසේ නම් පැනනගින ප්‍රඪාන ගැටලු දෙකකි.

1. ෆුල් ෆේස් හෙල්මට්  පැලද සිටි ඝාතකයන්ගේ මුහුන චිත්‍රයට නැගුවේ කෙසේද?

2. අල්ලා ගන්නා ලද සාජන් ඝාතන කන්ඩායමේ නායකයා නම් සෙසු සාමාජිකයින් අත් අඩOගුවට නොගන්නේ මන්ද .?

සාක්ෂි වල පරස්පර හේතුවෙන් ලසන්තගේ නඩුව සිය වරක් පමන කල් ගොස් ඇත. ඉහත් සාජන් ප්‍රඪාන සැකකරු නම් මෙය විශේෂ නඩු කටයුතක් ලෙස නොගන්නේ මන්ද?

ලසන්තගේ ඝාතනයෙන් වැඩියෙන්ම සතුටු වූයේ කවුරුන් විය හැකිද ?

සොනාලි යනු ලසන්තගේ දෙවන ඉනිමයි. ඇය ලසන්ත හා විවාහ වූයේ 2008 නොවැම්බර් 7 දිනය.විවාහයෙන් පසුද ඇය සොනාලි සමරසිංහ ලෙසම බාවිත කලා මිසක වික්‍රමතුංග නම බාවිතා නොකලේය. ලසන්ත මිය ගිය සැනින් ඇය සොනාලි වික්‍රමතුංග විය. එක් රාත්‍රියකින් මුලු ලෝකයේම ආකර්ශනය සොනාලි වෙත යොමු විය. ලසන්තගේ දේපල උරුමය ඇය සතු විය.විවාහවී මාස දෙකක් වැනි කෙටි කාලයක් තුල මේ සියල්ල සිදු විය.

ලසන්තගේ අභාවයෙන්  පසු සොනාලි ලියුම් පිට ලියුම් ලියුම් ලියමින් මාධ්‍ය සංදර්ශන තැබුවේය. රටේ නායකයා සහ ජාත්‍යන්තර ප්‍රජාව ඇගේ ඉලක්කය විය. ස්වාමියා මියගිය බිරිදකගේ මනෝබාවය ඒ කිසිදු ලියුමක දැකිය නොහැකි විය. ඇය ලියුම් ලියුවේ වෙනත් කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමටය. මහින්ද-සිරිසේන ජනාධිපතිවරණ දිනයට පෙර ඇය ලියුමක් ලියා ජනමාධ්‍යයට  නිකුත් කලේය. ලියුමෙ ශීර්ෂය මෙලෙස සටහන් කලේය. “Lasantha,Mahinda and the significance of the polling day. Open letter to Mahinda Rajapaksha. ” ලිපියේ යටි අරමුන හෙඩිම තුලම ගැබ්ව ඇත. අනෙක් පසින් සිරිසේන බලයට පැමිනි පසු ලියුම් ලිවීම නතර කලාය.විශේෂ වරදාන යහ පාලන රජයෙන් ඇයට ලැබුනි.

ලසන්ත මිය ගියේ මිග් ගනුදෙනුව පිලිබද ලිවීම නිසාද

මාවිල් ආරුවෙන් යුද්දය ආරම්බ වූ දින පටන් ලියුම් කරු ජනමාධ්‍ය හා ගනුදෙනු කලේය. වික්ටර් අයිවන් පිලිබදව කල සියලු ස්කෑන් වලින් තහවුරු වූයේ ඔහු මිලිටරි ක්‍රියාන්විතය එක හෙලාම අනුමත කරන බවය. දෙබිඩි පිලිවෙතක් ඔහු තුල නොවිනි. මිග් ගනුදෙනුව පිලිබද හෙලි කලේ ලසන්ත නොව ඉක්බාල් අතාස්ය. ලසන්ත කලේ මිග් අනුදෙනුව පිලිබද අතාස් ලියූ දෙයම කරකවා ලිවීමය.ලියුම්කරු විසින් අතාස්ට තේරෙන බාසාවෙන් කරුනු කාරනා තේරුම් කල පසු මිග් ගනුදෙනු පමනක් නොව ලියන කියන සියල්ල නවතා දැමීය. ලසන්ත මාධ්‍යකරුවෙකුට වඩා දේශපාලන සත්වයෙකු විය. ලසන්තට අවශ්‍ය වුයේ අතේ රෝල් ගසා ආන්ඩු පෙරලීමය.

උවිදුගේ චෝදනාව

ලසන්තට මරනය කැදවීමට ආසන්නතම හේතුව පිලිබදව උවිදු විසින් ලිපියක් ලියා පල කලේය.ලසන්තගේ දේශපාලන කුමන්ත්‍රන සහ රෝ ඔත්තු සේවයට කත් ඇදීම පිලිබදව එම ලිපියෙන් ප්‍රශ්න කර තිබුනි. උවිදුගේ ලිපිය පලවූ සැනින් ඊ නිවුස් සදරුවන් කලබල විය. උවිදුගේ චෝදනාව ඔප්පු කිරීමට සක්ෂි නැතැයි සදරුවන් තර්ක කලේය.

ජීවමාන සාක්ෂි

රවිරාජ් ඇතුලු අගනුවර ඝාතන වැලක නායකයා ගුවන් හමුදාවේ නිශාන්ත ගජනායක යයි ලක්ෂ්මන් සෙනෙවිරත්න පාර්ලීමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කලේය. ඒ කතාව ඔහුට ලියා දුන්නේ ලසන්තය. ඉන් අනතුරුව ලසන්ත දිගට හරහට ගජනායක පිලිබදව සිය පත්තර වල පිටු පිරෙව්වේය. ලසන්තට මෙම තොරතුරු ලබාදුන්නේ ලියුම්කරු විසිනි. අනතුරුව ලසන්ත විසින් ලියුම්කරුව ලක්ෂ්මන්ට හදුන්වා දුන්නේය. එපමනක් නොව ලියුම්කරු ඉන්දියානු තානාපති කාර්යාලයේ දේශපාලන අංශය වෙත කැටුව ගියේය. අවස්ථා ත්‍රිත්වයක්දී ලසන්ත, ලියුම්කරු සහ ඉන්දියානුවන් රවිරාජ් ඇතුලු අගනුවර ඝාතන ගැන සාකච්චා කලේය.

සියවසේ බොරුව

ගජනායකගේ කථාව බොරු වලකි. ඔහුගේ නියම ස්වරූපය අනෙකකි. ගජනායක යනු ගේම් කාරයෙකු නොව කිඹි සිබින්නෙකි. කුප්‍රකට මාන්කුලම් විත්ඩ්‍රොවල් එකේදී පයින් යන්න බෑ කියා මොටර් සයිකලයේ නැග පලා ගිය අයෙකි.ලක්ෂ්මන් පාර්ලීමේන්තුවට ගෙනගියේ, ඉන්දියානුවන් තලු මර මර අසා සිටියේ , ලසන්ත පිටු පුරා ලියන ලද්දේ මේ අතේ රොල් කථාවය.ලසන්ත සහ සොනාලි විචක්ෂනශීලි මාධ්‍ය කරුවන් නොව එදා වේල මාධ්‍ය කරුවන්ය.දේශපාලන මඩ කරියන්ය.වික්ටර් අයිවන් ලියූ “පෑන අහින්සකද ” පොතේ .”And then they came for me” කතු වැකිය පිලිබදව කථාව හදුන්වා ඇත්තේ සියවසේ බොරුව ලෙසය.

ටොයියන්ගේ  ගැලරිය පිනවීම

ලසන්ත ඝාතනයට ෆොන්සේකා සම්බන්ද බවට ප්‍රකාශ කල බලවත්ම පුද්ගලයා රනිල්ය. ඔහු ඒ පිලිබදව තානපතිවරු පවා දැනුවත් කර තිබුනි.කෙසේ වුවද අද සිදුවන්නේ එදා සිදුවූ දේශපාලන ඝාතන පිලිබදව නිසි ලෙස පරීක්ෂා කිරීම නොවේ. වරද කරුවන් හදුනා ගැනීම නොවේ. ඔවුන්ට විරුද්දව සාක්ෂි ගොඩ නැගිම නොවේ.හුදෙක් ටොයියන්ගේ ගැලරිය පිනවීමය . අනෙක් පසින් සුද්දන්ගෙන් ලකුනු දා ගැනීමය.ටොයි සමාජයේ කේවට්ටයා බවට පත්ව ඇත්තේ ඊ නිවුස් සදරුවන්ය.

එල්.ටී.ටී .ඊ සංවිදානයේ හොරනෑ

ජන මාධ්‍ය  යනු මහ ජන බලයේ තවත් එක් කොටසකි.මාධ්‍ය හැසිර විය යුත්ත පුද්ගලික නියාය පත්‍ර සපුරා ගැනීමට නොව ජාතික නියාය පත්‍ර සපුරා ගැනීමටය.සිහියෙන් හෝ අවසිහියෙන් ලසන්ත ක්‍රියාත්මකවූයේ එල්.ටී.ටී .ඊ සංවිදානයේ හොරනෑවක් ලෙසය. ඊලාම් යුද්ද්ය ඔන්න මෙන්න තියා ඉරුදින සහ ලීඩර් හරහා එල්ටී.ටී.ටී.ඊ යුද ආයුද වලට අති විශාල ප්‍රචාරනයක් ලබා දුන්නේය. හමුදාව කන තුරු බලා සිටියේ ඒ ඔස්සේ ආන්ඩු පෙරලීමටය. ලසන්ත තුලවූ ආන්ඩු පෙරලීමේ සිහිනය පිලිබද දීර්ග විග්‍රහයක් “පෑන අහින්සකද “පොත තුල දක්වා ඇත. කොටින්ට නියමින් හෝ අනියමින් කත් අදින ලද මාධ්‍යවෙදී ඝාතන ලයිස්තුව ටැමින් නෙට් සිවරාමන්ගෙන් පටන් ගෙන ලසන්තගෙන් අවසන් වූවා නොවේ. නිමලරාජන්ගෙන් පටන්ගෙන සදරුවන්ගෙන් අවසන් වන එකක්ද නොවේ.

ලසන්තගේ මිනිය විකුනා බඩවියත සරි කර ගත් සද රුවන්

අද ඊ නිවුස් වෙබ් අඩවිය සදරුවන්ට ඉල්ලමක් වී ඇත. කෙනෙක් ඉලක්ක කොට පහර දීමත් , දූතයෙකු යොදවා මුදල් ලබාගෙන පහර දීම අත් හිටුටුවීමත් සදරුවන්ගේ මාද්ය කලාව වී ඇත. මුලදී සිරිසේනගේ ටෙලි කොම් මලයාට දිගට හරහට පහර දුන්නේය. ප්‍රහාරය නවතා දැමුවේ සිරිසේන මලයා සුගතිගාමී වූ නිසා නොවේ සදරුවන්ට මාසිකව කප්පම් ගෙවන නිසාය.ජනපති මලයාගේත් ඉරනම එය නම් අනෙක් අය ගැන කවර කථාද.ලසන්ත ඝාතන කන්ඩායම ඩයලොග් සිම් බාවිත කර තිබූ නිසා ඔවුන් නිතර සී.අය්.ඩී ප්‍රශ්න කිරීමට ලක්විය. සමහර දත්ත විවිද හේතු නිසා සර්වර් එකෙන් ඩිලීට් වී තිබුනි. මෙම තත්වය ප්‍රයෝජනයට ගත් සදරුවන් ඩයලොග් ආයතන ප්‍රදානී හාන්ස් විජේසූරිය බ්ලැක් මේල් කලේය. හාන්ස් විජේසූරියගෙන් ඔහු මිලියන 6 ක් අවස්තා දෙකකදී කප්පම් ලෙස ලබා ගත්තේය.

දේශප්‍රේමීන්ට ආයාචනයක්.

අද ටොයියන් රස කර කර කියවන ඊ නිවුස් එදා එල්.ටී.ටී.ඊ ට රෙදි නැතිව කඩේ ගියේය.අද ඔබ ලක් පොලවේ අත් විදින සාමයේ මිහිර ගෙන ඒමට අල්ප මාත්‍රයකින් හෝ සදරුවන් දායක නොවීය. හෙට දවසේ දුවා දරුවන්ගේ සුබ සිහින රක්ෂා කිරීමට ඊනිවුස් අල්ප මාත්‍රයකින් දායක නොවීය.එකී මෙහෙවර උඩු යටිකුරු කිරීමට එදා සිට මාන බැලුවේය.ඊ නිවුස්, හමුදාවේ මිය ගිය ගනන් රස කර කර ගෙන ආවේය. හමුදාව කොටින්ගෙන් කනතුරු බලා සිටියේ UNP ආන්ඩුවක් පිහිටිවීමටය.සදරුවන්ගේ පැටිකිරිය ඔහුට මතක් කර දෙන මෙන් සියලු දේශප්‍රේමීන්ගෙන් උදක්ම ඉල්ල සිටිමු. මේ ඔහුග් දුරකථන අංකයයි.00447400927826.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක.

Top