LNN SPY

ලැජ්ජ නැතුව රෙද්ද ලෙහාගත් පාදඩ+දෙණීය! අහිංසක ජිවිත බිල්ලට ගත් GMOAට ජනතාව ලගදිම දඩුවමක් දෙනු ඇත.

Published on: Oct 29, 2019 ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වෘත්තීය සම්ති අයිතිය යනු වැඩි පිළිගැනීමක් ලැබෙන අයිතිවාසිකමක් ය. රාජපක්ෂ රෙජීමය තුළ කටුනායකදි සේවක අර්ථසාධක අරමුදල බේරා ගැනීමට පාරට බැස්ස රොෂේන් චානක ලාව ගෝඨාභය රාජපක්ෂ ගේ අණින් මරා දැම්මාට 2015 පසුව පත් වූ වර්තමාන යහපාලන ආණ්ඩුව කෙතරම් අවාසිදායක තත්ත්වයකදි වූවද වෘත්තීය සමිති මර්දනය කිරීමට කටයුතු නොකළා.

මේ හේතුව නිසාම රාජපක්ෂ පවුල්වාදින් පොහොට්ටුවේ බැල මෙහෙවරකම් කරන උදවිය සිය වෘත්තීය සමිති හෙංචචයියන් ලවා අසාධාරණ ලෙස වැඩ වර්ජන, පිකටීං, ඉල්ලීම් හරහ රාජ්‍ය සේවය, රටේ පරිපාලනය හා සාමාන්‍ය ජන ජීවිතය අඩාල කිරීමට උත්සහ ගනු දක්නට ලැබීය.

එලෙස අසරණ ජනතාවගේ ජීවිත සමඟ අනුකම්පා විරහිතව සෙල්ලම් කරන වෘත්තීය සමිතියක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙවත් GMOA හැදින්විය හැකිය. තම කේෂ්ත්‍රයට අදාළ හෝ වේවා නොවේවා රටේ සාමාන්‍ය වැඩ පිළිවෙත අවුල් කරමින් සාමාන්‍ය ජන ජිවිතයට බාධා කළ හැකි ප්‍රස්තුතුයක් වේ නම් ඒ හරහා වැඩ වර්ජනය කරමින් අසරණ රෝගි ජනතාවගේ ජීවිත හා සෙල්ලම් කිරීම GMOA ප්‍රතිපත්තිය විය.

GMOA කරලියට එන්නේ සයිටම් අරගලයේදි වූවත් සයිටම් අරලගය ආරම්භ වන මුල් වකවානුවේ එනම් රාජපක්ෂ රෙජීමය සමයේ සයිටම් සටන වෙනුවෙන් GMOA පෙනි සිටියේ නෑ. සයිටම් ගැන හා රජයේ වෛද්‍ය පීඨයන්ගෙන් එළියට එන ශිෂ්‍යයන් ගැන GMOA ට කැක්කුම ඇති වෙන්නේ යහපාලන රජය පත්වීමත් සමඟය.

සයිටම් අරගලයේ පන්නරය ලබා ගමින් මේ වන විට  GMOA ආණ්ඩුව කැස්සත් එයට එරෙහිව කෙලින් පැය 24 වැඩ වර්ජන වලට යොමු වන්නේ ජනතා මුදලින් ඉගන ගෙන ජනතා මුදලින් විශේෂඥ වෛද්‍ය පට්ටම් ලබා ගෙන, ජනතා බදු මුදලින්ම ලක්ෂ ගණනින් පඩි අරගෙන ලැජ්ජ නැතුව රෙද්ද ලෙහාගෙනය.

GMOA හි මෙම විලිසංගයක් නැති වැඩ පිටුපස ඇත්තේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලට රෙද්ද නැතුව කඩේ යන අනුරුද්ධ පාදෙනිය වේ. රාජපක්ෂ රෙජිමය සමයේ කට වසා අකුලා ගෙන සිටි GMOA හි සභාපතිධූරය අනුරුද්ධ පාදනිය ලබා ගන්නේ රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස වන අතර අනතුරුව සමාජිකයන්ගේ ඡන්ද වලට පවා වංචා කරමින් දිගින් දිගටම වෛද්‍ය සංගමයේ සභාපති වීමට පාදෙනිය කටයුතු කරන්නේ රාජපක්ෂලාගේ කලු සල්ලි විසිකරමිනි.

අනුරුද්ධ පාදෙනිය වසර ගණනාවක් පුරා සිය බළල් අත මෙහෙයවා GMOA නටවමින් රාජපක්ෂලාගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ රටේ සුවහසක් රෝගො ජීවිත ඇපයට අරගනිම්න් ක්‍රියා කළේ ඔහුගේ පාදඩකම වෘත්තීය ගෞරවයට මුවා කරගෙන වුවත් ඒ ජඩ කමේ කල එළි බැසීම එලිපිටම නිර් වස්ත්‍රව ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දැක්වීමේදි සිදුවිය.

මීට පෙර අවස්ථා ගණනාවකදීම වියත් මග සම්මේලන වලදි පාදෙනිය දැක ගත හැකි වූවද  ඒ සියල්ල වසා දැමීමට පාදෙනිය ප්‍රමුඛ GMOA නිලධාරින් මණ්ඩලය කටයුතු කළද මෙවර ජනාධිපතිවරණයේදි ස්ථීර් වශයෙන් ම ගෝඨාභය රාජපක්ෂ ජය ගන්නා බවට විශ්වාස කරන පොහොට්ටු වහලුන් අතර පාදෙනියද සිටින බැවින් තවදුරටත් රාජපක්ෂවරුන් සමඟ ඇති සම්බන්ධය වසන් කිරීමට ඔහුට අවශ්‍ය නොවේ.

ජනතා මුදලින් කෝටි ගණනින් සිය දෙමාපියන්ගේ ස්මාරකය වෙනුවෙන් වෙන් කරව ගැන එයිනුත් භාගයට භාග්යක් හොරකම් කළ රාජපක්ෂල අසලම සිටිමින් තවත් මේ රටේ අහිංසක දෙමාපියන් දවස් ගණනක් ඉස්පිරිතාලවල රස්තියාදු කරවු, අසනීපයට බොන්නට බෙහෙත් වේල නොදී ඒ අහිංසක ජනතාව නැවත හරවා යැවූ පාදඩ,මුග්ධ පාදෙනිය රටට පවසන්නෙ ඔවුනට හැරෙන්නට සාමාන්‍ය ජනතාවට මේ රටේ ජීවත් වීමට සිය අයිතිය වෙනුවෙන් පෙනි සිටීමට හැකියාවක් නොමැති බවද?

තවදුරටත් මෙවැනි තිරසන් ගති ඇති කකුල් දෙකේ සතුන්ට අහිංසක ජන ජීවිතය සමඟ සෙල්ලම් කිරීමට අහිංසක ජනතාවගේ මරණ වරෙන්තුව ලිවීමට ඉඩ දිය යුතුද?

Top