Featured

ලේ වලින් අත්සන් තියන්නේ යහපාලනය සමග නිදිවදින නඩයයි

ලබන සෙනසුරාදා බදුල්ලෙන් ඇරබෙන්නේ ආණ්ඩු විරෝධී කුමන්ත‍්‍රණයක් නොව ආණ්ඩු විරෝධී ජනතා අරගලයක් බවත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීමේ ඞීල් එක එක්සත් ජාතික පක්‍ෂය සමග ගසා ඇත්තේ මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය නොව මෛතී‍්‍රපාල සිරිසේන ප‍්‍රමුඛ යහපාලන ආණ්ඩුවේ සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ නඩය බවත් ගම්පහ දිස්ති‍්‍රක්කයේ පලාත් පාලන ආයතන ප‍්‍රධානීහු අවධාරණය කරති. ගම්පහ දිස්ති‍්‍රක්කයේ පලාත් පාලන ආයතන 19 යේ මන්තී‍්‍රවරු 230න් මන්තී‍්‍රවරු 215ක් පමණ මහින්ද රාජපක්‍ෂ මහතා ගොඩනගන පු`ඵල් ජනතා බලවේගය සමග එක්වන බව අවධාරණය කල ඔවුහු ලේ වලින් අත්සන්කොට තව දුරටත් පක්‍ෂය පාවා නොදෙන්නයි ඉල්ලා සිටිය යුත්තේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ යහපාලන නඩයෙන් බවද ඔවුහු පෙන්වා දෙති.

ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී ගම්පහ පලාත් පාලන ආයතන ප‍්‍රධානීහු මේ බව සදහන් කලහ. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පලාත් පාලන නියෝජිතයෝ මෙසේද කීහ.

ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන මහතා

“ඊයේ ගම්පහ නගර සභාවේ මන්තී‍්‍රවරු කීප දෙනෙක් ලේ වලින් අත්සන් කරන දේශපාලන විකට රංගනයක නිරත වුනා. මේ සමහර අය චෝදනා කරනවා අපි පක්‍ෂය දෙකඩ කරන්න කුමන්ත‍්‍රණය කරනවයි කියලා. පක්‍ෂය දෙකඩ කලේ අපි නෙමේ. පක්‍ෂය දෙකඩ කලේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඇතු`ඵ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට එක්වුණු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ නඩයයි. ලබන සෙනසුරාදා අපි බදුල්ලෙන් ආරම්භ කරන්නේ ආණ්ඩු විරෝධී කුමන්ත‍්‍රණයක් නෙමෙයි. ආණ්ඩු විරෝධී ජන අරගලයක්. ඊට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමයි. ගම්පහ දිස්ති‍්‍රක්කයේ සංධානයේ මන්තී‍්‍රවරු 230න් 215ක් පමණම මහින්ද මහතා සමග මේ වැඩසටහනට එකතු වෙනවා. ගොඩනගන මේ පු`ඵල් ජනතා ව්‍යාපාරය මහා ජනතා බලවේගයක් බවට පත්කරලා ආණ්ඩුව ගෙදර යවන සටනට නායකත්වය දෙනවා.”

ගම්පහ නාගරික මන්තී‍්‍ර තිස්ස ගුණවර්ධන මහතා

චන්ද්‍රිකා සහ මෛතී‍්‍ර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂයට උගස් කලා. අපි ඔය ලේවලින් අත්සන් කරපු අයට කියනවා මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතු`ඵ යහපාලනය කඬේ යන හොර නඩයට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් ඉවත් වන්නැයි ඉල්ලා ඔය ලියුම් යවන්න කියලා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නැත්තටම නැතිකලේ අද රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුවේ ගැත්තන් වෙලා ඉන්න මෛතී‍්‍රපාල ප‍්‍රමුඛ නඩයයි. ඒ ශාපයෙන් ඔවුන්ට කවදාවත් ගැලවෙන්න බෑ. සමහරු කියනවා අපි මේ කරන්නේ යූ.එන්.පී. ඞීල් එකක් කියලා. යූ.එන්.පී. ඞීල් එක කරන්නේ කවුරුත් නෙමෙයි අපේ පක්‍ෂෙ සභාපති ඇතු`ඵ යහපාලනය සමග නිදිවදින නඩයයි. ඔර්ජිනල් ශී‍්‍ර ලංකා කාරයන් ඉන්නේ මහින්ද එක්කයි.

දොම්පේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක මහතා.

අද මේ ආණ්ඩු විරෝධී ජනතා බලවේගය නියෝජනය කරන්නේ අපයි. රනිල්ගේ යහපාලන ආණ්ඩුව අපේ රටේ ජාතික ආක්‍ෂාව නැත්තටම නැති කරලා . ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න සිය`ඵම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු කිසිම බේදයකින් තොරව මහින්දගේ නායකත්වයෙන් මේ පු`ඵල් ජනතා බලවේගයට එකතු වෙනවා. සමහරු දැන් බැසිල් විරෝධයක් මතුකරමින් ඒකාබද්ධ විපක්‍ෂයේ නැති ප‍්‍රශ්ණ මවාපාන්න හදනවා. පොදු සතුරාට එරෙහිව අපි මේ සිය`ඵ බලවේග එකතු කලා. ආණ්ඩුව මේකට හොදටම බය වෙලයි ඉන්නේ.

අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප‍්‍රීයන්ත පුෂ්පකුමාර මහතා.

අද යහපාලනයට එකතුවෙලා ඉන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් මැති ඇමතිවරු රනිල්ට රෙදි නැතුව කඬේ යනවා. අපි මේ අයට කියන්න ඕනේ මේ අය බලයට පත්වුණේ මහින්ද මහත්තයගේ පිහිටෙන් . මහින්ද මහත්තයගේ පිහිටෙන් පාර්ලිමේන්තු ගිය මේ අය කටයුතු කරන මේ විදිය ගැන විලි ලැජ්ජයි. දැන්වත් පක්‍ෂය සහ පාක්‍ෂිකයන් ගැන සිතා කටයුතු කරන්නැයි අපි මේ අයට කියනවා.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල මහතා.

මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ රාජපක්‍ෂ ආණ්ඩුව ගොඩනැගූ මේ රට වත්මන් යහපාලන ආණ්ඩුව විනාශ කලා. අපි බදුල්ලෙන් සටන් අරඹන්නේ මේ යහපාලන ආණ්ඩුවට එරෙහි සටනයි. ඊට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතායි. ගම්පහින් ප‍්‍රසන්න රණතුංග මහතාගේ නායකත්වයෙන් අපි සිය`ඵ දෙනාම ඒ සදහා එකතු වෙනවා. මේ ආණ්ඩුව අද ගෙනියන්නේ ජඩ පාලනයක්. මේ ජඩ පාලනයට එරෙහිව අපි දිවි හිමියෙන් සටන් කරනවා.

කටාන ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නන්ද විජේරත්න මහතා.

අපේ ප‍්‍රදේශය නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරිය පහුගිය දිනක මාධ්‍ය හමුවක් පවත්වමින් කියා තිබුණා අපි පක්‍ෂය කඩන්න හදනවා කියලා. මේ ඇමතිකම් ගත්ත ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අය අද වැඩ කරන්නේ හදෙන් බැහැලා වගෙයි. යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් ගත්ත අය අද නිකම්ම නිකං වන්දි බට්ටයො විතරයි. මෙලෝ වැඩක් කරන්න බෑ. මේ අයට දීලා තියෙන කොන්ත‍්‍රාත් එක තමයි මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයට පහරදීම. අපේ රටේ මිනිස්සු ආදරය කරන්නේ මහින්ද රාජපක්‍ෂටයි. මේ දේශපාලන අ`දබාලයන්ට ඊලග මැතිවරණයේදී ජනතාව උත්තර දෙයි. රනිල් එක්ක නිදිවදින ගමන් අපිට යූ.එන්.පී.යත් සමග ඞීල් දානවා යැයි චෝදනා කිරීම විහි`ඵවක්. අපි සිය`ඵ දෙනා මහින්ද රාජපක්‍ෂ ගොඩනගන අ`ඵත් ජනතා බලවේගය සමගයි. කුමන තර්ජන කලත් අපේ මේ සටන නතර කරන්න ඔය වන්දි බට්ටයින්ට බෑ.

Top