Featured

වත්තල ශාරීරික සුවතා මංතීරුව ගලවන්න ජොන් බාස් මිලියන 4ක් අරන්

ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජොන් අමරතුංගගේ පිස්සුව හොදටම තදවි පසුගියදා රාත්‍රීයේ මහින්ද රජපක්ෂ සමයේ ඉදිකළ වත්තල ශාරීරික සුවතා මංතීරුව ගලවා ඉවත් කිරිම සදහා මිලියන 4ක මුදලක්.(ලක්ෂ 40)මුදලක් තමන් ලබාදුන් බව එම මං තිරුව ගලවා තමන්ගේ පෞද්ගලික ඉඩමට යැමට මාර්ගය විශාල කර ගැනිම සදහා ලබාදුන් බව අදාළ පෞද්ගලික ඉඩම් හිමියා අනාවරණය කර තිබේ.(ඔහු විසින් මුදල් ලබාදිම කල අකාරය සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරියේදි බලාපොරොත්තු වන්න)

වත්තල කළු ඇල ආශ්‍රිතව ඇති පාරිසරික වැදගත්කමින් යුතු අක්කර ගණනක් ඉඩමක් සදහා ඇති ප්‍රවේශ මාර්ගය අඩි 20 සිට අඩි 40 දක්වා විශාල කිරිම සදහා මෙම මංතිරුව කඩා දමා තිබේන බව අප එදිනම අනාවරණය කල අතර පසුව කල සොයා බැලිම් වලදි මෙම කරුණු අනාවරණය වි තිබේ. අදාළ ඉඩම් හිමියා යුරෝපයේ පදිංචි වි සිටින අතර අදාල Deal එකට අනුව ජොන්ගේ පෞද්ගලික ලේකම්වරයෙකු හරහා අදාළ මුදල ලබදි තිබේන අතර ජොන්ගේ මජර කොන්ත්‍රාත් කරුවෙකු මෙන්ම වත්තල ප්‍රාදේශීය සභාවේ ගැහැනු සොඩෙකු වන  දයාපාල නැමැත්තුකුට මෙම වැඩේ පැවරිම කර ඇත්තේද අදාළ ලේකම්වරයා හරහා වන අතර ඔහුටද මේ සදහා මුදල් ලබාදි තිබේ.

කියවන්න –පිස්සු ජොන්ට පිස්සු තදවෙයි -ශරිර සුවතා මංතිරුව සල්ලි වලට ගලවයි

මේ අතර සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා  මාධ්‍යට ප්‍රකාශ කර තිබුණේ එම මංතීරුව ගලවා ඉවත් කරේ මහ නගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතාගේ අනුමැතිය සහිතව බවයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායක මහතා මධ්‍යට පවසා තිබුණේ ඇළ රක්ෂිතයේ පාර පුළුල් කිරීම සදහා ශරීර සුවතා මංතීරුව කඩා ඉවත් කළ බවයි. ඉදිරි මාස කිහිපය ඇතුළත නවතම ශරීර සුවතා මංතීරුවක් ඉදිකර මහජන ප්‍රයෝජනය සඳහා ලබාදෙන බව ද චම්පිකගේ බටයා නොහොත් ධනුෂ්කද මාධ්‍ය හරහා පොරටොක් දි තිබුනා.

නමුත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රා නායක මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය  චම්පික රණවක කොහෙද යන්නේ මල්ලේ පොල් අකාරයේ ප්‍රකාශයක් කර තිබේ.

“ඊයේ මාධ්‍යවල විශේෂ අවධානයක් යොමු වුණා මේ මාබෝල ප‍්‍රදේශයේ ඇවිදින මංතීරුවක් ගලවා දැමීමේ සිද්ධිය ගැන. අපේ අමාත්‍යාංශය මගින් පාලනය වන හෝ අපි ගොඩනඟපු ඇවිදින මංතීරුවක් නෙවෙයි ඒක. පහුගිය කාලේ අතහැරලා දාල තිබිලා අපි ප‍්‍රතිෂ්ථාපනය කළා. අපිට ඉල්ලීමක් ආවා ඉඩම් අමාත්‍යාංශයෙන් ඒ ඇවිදින මංතීරුව තිබෙන ඇළ අසලින් පාරක් ඉදිකරන්න අවසර ඉල්ලලා. එයට අපේ ඉඩම් සංවර්ධනය කිරීමේ මණ්ඩලයෙන් ප‍්‍රතිචාර දක්වලා තිබෙනවා ඒ ඇළ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට අනගාතයේ අපේ ඒ යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගැනීමට ඉඩ දෙන පරිද්දෙන් ඒ පාර හැදුවට කමක් නැහැ කියලා. අපි කවුරුවත් කියලා නැහැ ඇවිදින මංතීරු විනාශ කරන්න හෝ එහෙම නැත්නම් වෙනත් ආකාරයකට කටයුතු කරන්න කියලා. මම හිතනවා ඒ මාවත ගලවපු අයම නැවත සකස් කරලා ඒ ජනතාවට ලබාදෙයි කියලා. ඒනිසා මාධ්‍යවලින් අපි ඉල්ලා සිටිනවා ඔවැනි දේ රටේ නොයක් නොයෙක් තැන්වල සිද්ධ වෙමින් පවතින නිසා චරිත ඝාතනය කරන්න ඉදරිපත් වෙන්නේ නැතිව සත්‍යය වාර්තාකරන්න කියලා”

ඒ කියන්නේ යහපාලන ආණ්ඩුවේ බත් කන හරක් කියන්නේ බොරු…..

මේ අතර වත්තල ශාරීරික සුවතා මංතීරුව අධිකාරියේ අවසරයකින් තොරව විනාශ කළා සේම එය විනාශ කළ පිරිස නැවත සාදා දිය යුතු බව ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ අධිකාරියේ සභාපති අසේල ඉද්දවෙල මහතා සදහන් කර ඇත්තේ.

එසේ නොකළහොත් ඊට අදාළව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ‍පොලිසිය දැනුවත් කළ බවත් හෙතෙම සඳහන් කළේය. මේ සඳහා තමන් හෝ තම ආයතනය කිසිදු අවසරයක් ලබා නොදුන් බවත් ඉද්දවෙල මහතා අවධාරණය කළේය.

අදාළ පුද්ගලික නිවාස ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් අවසරයක් ලබාදී තිබුණත් මෙලෙස මාර්ගය සාදාගැනීම සඳහා අවසරයක් ලබා දී නැත. අදාළ නිවාස ව්‍යාපෘතිය මගින් එම නිවාස සංකීර්ණය වෙත යාම සඳහා මාර්ගයක් ලාබගැනීම පිළිබඳ ඉඩම් ගොඩකිරීම සහ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාගෙන් විමසා ඇත.

එහි දී සභාපතිවරයා දන්වා ඇත්තේ අදාළ ව්‍යාපෘතිය සහ මාර්ගය සම්බන්ධව වාර්තාවක් ලබාදෙන ලෙසය. එහෙත් ඊට අවසරය ලබාදීමට පෙර වත්තල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් පසුගිය සෙනසුරාදා (26) රාත්‍රියේ ගොස් බැකෝ යන්ත්‍රයක් යොදා එම මාර්ගයේ ගල් ගලවා දැමීමට කටයුතු කර ඇත. රාත්‍රී සිදු වූ මෙම ක්‍රියාව වත්තල ‍පොලිසිය ද දැනුම්වත්ව සිදු වී ඇති අතර ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට නැත.

මෙම මංතීරුව අඩි 15ක් පළල් කිලෝමීටරයක් දිගැති වන අතර මෙය විනාශ කිරීමෙන් පසුව එම පාර අඩි 35ක් පමණ වන බව සඳහන් වේ. කෙසේ වෙතත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මෙයට මැදිහත් වූයේ කුමන අරමුණක් සඳහා ද යන්න පිළිබඳ බලධාරීන්ට පවා ගැටලුවක් වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධව මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශ ‍ලේකම් නිහාල් රූපසිංහ මහතාගෙන් විමසීමක් කළ විට ඒ මහතා සඳහන් කර සිටියේ මෙම මංතීරුව ඉවත් කිරීම සඳහා ඉඩම් ගොඩකිරීම සහ සංවර්ධන අධිකාරිය කිසිදු අවසරයක් ලබා නොදුන් බවය. අදාළ ව්‍යාපාතිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා සිටි බවත් එය ඉල්ලා තිබිය දී මෙය කඩා දමා තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.

 

Top