LNN SPY

“වයඹ ඩිස්‌ටලරීස්‌” ජොනීට ඇරගන්න බැරි වෙයි… අලුත්ම ඉත්තා “සෝරිස්”! බොදරගේ ඊළඟ වික්‍රමය සුදානම්! “වයඹ ඩිස්‌ටලරීස්‌” බදු මුදල් හොරාකෑ හැටි මෙන්න

Published on: Feb 13, 2020 – රජයට බදු නොගෙවා මුල්‍ය වංචා සිදුකිරිම ඇතුලු සිද්ධින් කිහිපයක් හේතුවෙන් පසුගිය කාලේ අහෝසි කරන ලද හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ළඟම ඥතීන් දෙදෙනකු නමින් පවත්වා ගෙන ගිය ‘වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ’ බලපත්‍රය යලි පෙබරවාරි 6 වැනිදා සිට නිෂ්පාදනයන් ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති බව අප පසුගිය ජනවාරි 30 වැනිදා අනාවරණය කිරිමත් සමග එම විවෘත කිරිම නතර කිරිමට ජොන්ස්ටන්ට සිදුව ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

සුරාබදු කොමසාරිස් බෝදරගේ වික්‍රමය.. කෝටි ගණන් පොලු තැබු ජොනීගේ “වයඹ ඩිස්‌ටලරීස්‌” යලි ඇරේ…. මට කරන්න දෙයක් නෑ… ජොනී මට වියදම් කළා -ජනපති… (එම අනාවරණය පහතින් කියවන්න )

ජනාධිපතිවරයාගේ සaජු මැදිහත් විම එම ප්‍රමාදයට හේතුව වි ඇති අතර එම නිසා ව්‍යාජ්‍ය ලෙස නිත්‍යානුකූල භාවය  පෙන්වමින් ‘වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගම” විවෘත කර ගැනිම සදහා ජොන්ස්ටන් මේ වන්විට කටයුතු කරමින් සිටි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙමින් පසුව ජොනීගේ ඉල්ලිම මත වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ඒ.බෝදරගම පත්කර ගත් අතර ඒ හරහා අගමැති මහින්දගේ බලයද භාවිතා කරමින් ජොන්ස්ටන් වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගම යලිත් විවෘත කර ගැනිමට මෙහෙයුම් දියත් කර තිබුනා.

කෙසේවෙතත් තවත් ස්කාගාරයක් පවත්වාගෙන යන “සෝරිස්” නැමෙත්තෙකුට  වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගම පවරා ඔහු භාවිතා කරමින් සමාගමේ නිෂ්පාදනයන් ආරම්භ කිරිමට ජොන්ස්ටන්ට කටයුතු කරමින් සිටින අතර මේ දිනවල “සෝරිස්” නැමැත්තා දෛනිකව සුරාබදු කාර්යාලයේ එහෙට මෙහෙට යමින් බෝදරගම වටේ කැරකැවෙමින් සිටින බව අප විශේෂ වාර්තාකරු විසින් තහවුරු කරගෙන තිබේ.

වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගම වසා දැමිමට අදාළව එක් ගැටලුවක් වන රජයට අදාළ බදු මුදල් නොගෙවිම වන අතර සෝරිස් හරහා එම මුදල් කොටස් වශයෙන්  ගෙවා දැමිම සදහා එකඟතාවයක් ඇතිකර ගැනිම මෙහි එක් මෙහෙයුමක් වි තිබේ.

“වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගම” බදු අයකර ගැනිම සම්බන්ධයෙන් නීතිපතිවරයා,සුරාබදු කොමසාරිස්ට යැවු නියෝග!

සුරාබදු කොමසාරිස්වරයා සමග “වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගම” ඇතිකරගත් ගිවිසුම….

දෙමටගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්‌ථානයක ලොරි හතරක ගබඩාකර තිබූ අරක්‌කු බෝතල් 68,000 ක්‌ අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්‍ෂණවලින් පසුව සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකල පරික්ෂණ වලදි අනාවරණය වු කරුණු

http://lankanewsnetwork.org/archives/22655

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top