Featured

වරාය,ගුවන්,මුදල් බලතල ෆෙඩරල් ක්‍රමයට-රට පලමුවරට දෙකඩ වේ

උතුරු පළාතේ ඇති වරායන්, ගුවන් තොටුපලවල්, මුදල් බලතල යනාදිය ෆෙඩරල් ක්‍රමයට ඇතුලත්විය යුතු බවට දෙමළ ජනතා සංසදය විසින් සකස්කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන යෝජනා කෙටුම්පත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිමට කටයුතු සුදානම් කර තිබේන බව වාර්තා වේ.

සරණාග‍ත දෙමළ ජාතිකයින් දස ලක්‍ෂයකට නැවතත් ප්‍රජා අයිතිය ලබාදිය යුතු බවත්, එහි අයිතිය උතුරු නැගෙනහිර ඇතුලත් ෆෙඩරල් රජයට ලැබිය යුතු බවත් මෙම යෝජනා කෙටුම්පතින් අවධාරණය කරඇති අතර තවත් බොහෝ බලතල බෙදාහැරීම පිළිබඳවත්, විශේෂයෙන් දෙමළ ජනතාවගේ පරමාධිපත්‍ය බලයත් අවධාරණය කර තිබේ.

අදාළ කෙටුම්පත සකස් කර ඇත්තේ නීතිය, මානව හිමිකම් පිළිබඳ කටයුතු, යුද අපරාධ පිළිබඳ නීති, මානුෂීය නීති ඇතුළු විවිධ අංශයන්ගෙන් ප්‍රවීනත්වය ලද ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව සහ ඉන්දියාව යන රටවල් වලින් තෝරාගත් විද්වතුන් 05 දෙනෙකු මෙම කමිටුවට වන අතර හිටපු මානවහිමිකම් පිළිබඳව මහා කොමසාරිස්වරයෙකු වන නවනිදන් පිල්ලේ මහත්මියද එම කමිටුවේ උපදේශිකාවක ලෙස කටයුතු කරයි.

ප්‍රංශයේ Marie Guiraud, බ්‍රිතාන්‍යය රැජිනගේ නීතිඥ Peter Haynes QC, බ්‍රිතාන්‍ය රැජිනගේ නීතිඥ Richard J Rogers, ඇමරිකාවේ Heather Ryan, සහ ඉන්දීය විනිසුරු Ajit Prakash Shah යනාදීන් මෙම කමිටුවට ඇතුලත් අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී සම්මත කල යෝජනා සහ නිර්දේශ වලට අනුව යුද අපරාධ පිළිබඳ අධිකරණ ක්‍රමවේදය කෙලෙස සැකසී ඇද්ද යන්න පිළිබඳව නිරීක්‍ෂණය කිරීම එම කමිටුවේ ප්‍රධාන කාර්යභාරයද වි තිබුනා.

Top