Featured

ව්‍යාජ Port City විරෝධතාකරුවන්ට තනතුරු සහ වරප්‍රසාද

රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඉදිකිරිම් ආරම්භ කල චින වරාය නගරය (Port City) ඉන්දිය උවමනාව මත එජාපය විසින් ගොඩ නැගු බොරු විරෝධතා අතහැර ගත නොහැකිව සිටින කුඩා කණ්ඩායම් සදහා කප්පම් ප්‍රදානය කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු සුදානම් කර ඇති බව එජාප ප වාර්තාකරු සදහන් කළා.රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සමයේ එක්සත් ජාතික පක්ෂය විසින් චින වරාය නගරයට එරෙහිව ව්‍යාජ්‍ය විරෝධතාක් ගොඩනැගු අතර ඒ සදහා ඒජාපය ගැතිකම් කරන රාජ්‍ය නොවම මුදල් මත යැපෙන NGO නඩ කිහිපයක් එකතුකරගත් අතර එම කුමන්ත්‍රණකාරී මෙහෙයුම සම්බන්ධයෙන් දැනුවත්ව කටයුතු කල අතර ආණ්ඩු පෙරළියෙන් පසුව එම සංවිධාන රහසේම චින වරාය නගර විරෝධතාවයෙන් ඉවත් විමට කටයුතු කළ අතර ඔහුට විවිධ තනතුරු අහ වරප්‍රසාදයන්ද ආණ්ඩුව හරහා හිමිවු බව නොරහසකි.

පසුව ඉතුරු වි සිටියේ එජාපයට ලාභයට කඩෙ ගිය සංවිධාන කිහිපයක් වන අතර ඔහුන් එක්වි පෝට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය නමින් සංවිධානයක් සදාගත් අතර ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා මුලික් කර ගනිමින් හර්මන් කුමාර ,හේමන්ත විතානගේ ,වින්සන්ට් බුලත්සිංහල,සජීව චාමිකර ,තිලක් කාරියවසම් ,චින්තක රාජපක්‍ෂ ඇතුලු 10-15ක කණ්ඩායමක් ඉතුරු වු අතර ඔහුන් පසුගියදා රනිල් චින සංචාරය අවසන් කර පැමිණි පසුවත් විරෝධතා වල යෙදිමින් වරයා නගරයට විරුද්ධව කටයුතු කරන්නට විම නිසා ඔහුන්ට අවශ්‍ය තනතුරු සහ විවිධ වරප්‍රසාදයන් ලබා දිමට අගමැතිවරයා රාජ්‍ය නොවන ප්‍රධානියෙකුට පවරා තිබේ.

ඒ අනුව විරෝධතා නතර කර දමන ලෙසටත් ඒ වෙනුවට අගමැතිවරයා ලබාදෙන තනතුරු සහ වරප්‍රසාදයන් ලබා ගැනිමට අවශ්‍ය සාකච්ඡා මේ වනවිට ආරම්භ වි ඇති අතර ඒ හෙතුවෙන් පෝට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය අතර බල අරගලයක්ද හටගෙන තිබේන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

ජනාධිපතිවරණය සමයේ බත්කන හැට දෙලක්ෂයක ජනතාව ගොනාට ඇන්දවු රනිල් රටේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ “මෛත්‍රී ජනාධිපති වුනාම අපි Port City තහනම් කරනවා …” යනුවෙන් මහා උජාරුවට කියු හැටි පලමුවෙන් නරඹන්න….

පසුව ලොකේ පුරාම ගොස් සල්ලි හිඟා කෑ මෛත්‍රී-රනිල් ආණ්ඩුව අවසානයේ මහින්දගේ සරණ මැදින් යලි චිනයට ගියේ පොර්ට් සිටි එපා කියා ජංගියේ චූ යනකම් කෑ ගැහු උන්ට කනේ පහරක් ගසමින් වන අතර චින සංචාරය අවසන් වුයේ ඉන්දියාව යහපාලනය සමග තිබු සබඳතාවයන්ටද නැවතිමේ තිත තබමින් ය.

Top