Featured

වැට් වැට්ටිම පසුපස කුමන්ත්‍රණක්ලු රනිල්ට මලපනී -විමල් අල්ලන මෙහෙයුමක්

පාර්ලිමේන්තුවේ සම්මත නොවී මැයි 2 වැනිදා සිට වැට් බද්ද අය කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කල පෙත්සම් විභාගය අවසන් වනතුරු පසුගිය දා 4%කින් වැඩි කළ වැට් බද්ද සහ 2%කින් අඩු කළ ජාතිය ගොඩනැගීමේ බද්ද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) අතුරු තහනමකට ලක් කිරිමත් සමග එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යක්ෂයා ආවේශ ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඊයේ මධ්‍යම රාත්‍රීය දක්වා අගමැතිවරයා සහ රනිල් පිලේ ප්‍රබලයන් අතර පැවති සාකච්ඡා වලදි අගමැති වික්‍රමසිංහ පෙන්වා දි ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තින්දුව හරහා යහපාලනය සම්බන්ධයෙන් ජනතාව තුල තිබු විශ්වාසය දැඩි ලෙස බිඳවැටීමට ලක්ව ඇති බවයි.

කෙසේවෙතත් තමන් ඇතුළු ජාතික ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් තිබෙන බැවින් ජූලි මාසය අවසාන වීමට ප්‍රථම වැට් බදු සංශෝධනය සම්බන්ධ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය අවසාන කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දි ඇති අතර ඉන් පසු මැයි 02 වන දින සිට ක්‍රියාත්මක වන බදු සංශෝධනය නැවත ක්‍රියාත්මක කළ හැකි බව ද ඔහු පෙන්වා දි තිබේ.

මේ අතර ඊයේ රාත්‍රීයේම එජාප හුරතලා වන පොලිස්පති පුජිත් හට නියෝග කර ඇත්තේ ඉතා ඉක්මනින්ම විමල්ට සම්බන්ධ සියලුම් දෙනා අත් අඩංගුවට ගැනිමට අවශ්‍ය කටයුතු දියත් කරන ලෙස දැනුම් දි ඇති අතර ඒ අනුව ජාතික නිදහස් පෙරරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතාගේ නිවසට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් අද පෙරවරුවේ කලින් නොදන්වා පැමිණ තිබේ.

විමල් වීරවංශ මහතාගේ පුද්ගලික ලේකම්ව සිටි කාලයේ නිල වාහනය තිබියදී තවත් වානයක් භාවිතා කිරීමපිළිබඳව පරික්ෂණ සිදුකිරිම සදහා වහාම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයටපැමිණෙන ලෙසයි.

මේ අතර වැට් බද්ද සදහා ලබාදුන් තින්දුවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ගැටුම තවදුරටත් උග්‍ර අතට හැරෙමින් පවතින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඊට මුලිකව හේතු වි ඇත්තේ සාකච්ඡාව අතරතුරදි අගමැතිවරයාට රනිල් පිළේ ප්‍රභලයන් පෙන්වා දි ඇත්තේ වැට් බද්දට ශ්‍රේෂ්ඨාධිකරණය වැට බැදිම සහ ජනාධිපතිවරයා කලින් කල ප්‍රකාශයන් අතර යම් සබඳතාවයක් ඇති බවයි.

වැට් බදු ඉහල නැංවීම හා ඉන් පොදු ජනතාවට වන පීඩාව ගැන තමන් දැන ගත්තේ මාධ්‍යයෙන් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එවකට කල ප්‍රකාශය කෙරෙහි අගමැතිවරයාගේ අවධානය යොමුකර තිබේ.

Top