LNN SPY

වැඩබැරි සිරිසේනගේ පාර්ලිමේන්තුව විසිරුවිමත් අවුල්! ශ්‍රේෂ්ඨාධිකරණ ජනපතිගේ තින්දුවට වැට බදී!

Published on: Nov 13, 2018 @ 01:28- පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය දෙසැම්බර් 07 තෙක් තාවකාලික අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර සිටියා.

ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර දෙමින් අධිකරණය එම නියෝගය කළේය.අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ සහ අද මෙම පෙත්සම් කැඳවිණි.

පෙත්සම් විභාගය දෙසැම්බර් 04,05 සහ 06 පැවැත්වීමට ද නියෝග කෙරිණි.

ඒ වන තෙක් මැතිවරණ කටයුතු අත්හිටුවීමට ද අධිකරණය නියෝග කළේය.

http://198.211.112.164/archives/19730

Top