Featured

වැල්ලම්පිටිය ඝාතකයන් ආවේ පොලිස් ආරක්ෂාව යටතේ

වැල්ලම්පිටිය ගෙවල් විස්ස ප්‍රදේශයේදී පෙරේදා (09) මධ්‍යම රාත්‍රියේ සිදුවූ පාතාල වෙඩි තැබිමට පැමිණි පාතාල සමාජිකයන් 4 දෙනාට පොලිසිය ආරක්ෂාව් සපයා ඇති බවට මේ වන විට අනාවරණය වි ඇති බව අප ආරක්ෂක  තොරතුරු වාර්තාකරණයේ යේදෙන විශේෂ වාර්තාකරු සදහන් කළා.

මහා බැංකු කොල්ලකරු රවී කරුණානායක සහ කුඩුලාල්ගේ පාතාල කණ්ඩායම සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සිටි ප්‍රබල පාතාල සාමාජිකයකු වූ ප්‍රින්ස් කොලම් පාතාල කණ්ඩායම අතර  කාලයක් තිස්සේ පවතින ගැටුමේ තවත් අදියරක් ලෙස  ඊයේ රාත්‍රී වැල්ලම්පිටියේ වෙඩි තබා ඝාතනය කල පිරිස අතර මෙරට නම හෙල්ලූ පාතාල කණ්ඩායමක නායකයකුවන ප්‍රින්ස් කොලම්ගේ බැනා වන සාලිත නිපුණද වන බව අප අනාවරණය කළා.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ සාලිත නිපුන හිරාෂ් (24), තරිදු දිල්ෂාන් සේනාරත්න (19) සහ මොහොමඩ් සුබෙහිර් (49) යන අයයි.

පෙරේදා රාත්‍රී 11.50ට පමණ ත්‍රිරෝද රථයකින් පුද්ගලයන් තිදෙනකු ටී 56 ගිනිඅවි රැගෙන පැමිණ ඇත. එසේ පැමිණි මොවුන් කළු පැහැති රෙදි කැබලි යොදාගෙන මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇති අතර වෙඩි තැබිමට විනාඩි 15කට පෙර රාත්‍රී ‍පොලිස් මුර සංචාර රථයද එම ස්ථානයෙන් ගොස් ඇති අතර නගරයේ ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරි ඉවත් කිරිමටද කටයුතු කර තිබේ.

රාත්‍රී 11.50ට පමණ ත්‍රිරෝද රථය පැමිණෙන විටත් අදාල පොලිස් මුර සංචාර රථය ඊට මිටර 200ක් පමණ දුරින් රදවා තබා ඇති අතර පිරිස ප්‍රථමයෙන්ම ගොස් ඇත්තේ ප්‍රින්ස් කොලම්ගේ ඥාති පුත්‍රයාගේ නිවසටය. ඔහු නමින් පනාපනේ දොන් සාලිත නිපුන නිරාෂ් නමැති 24 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ප්‍රින්ස් කොලම්ගේ වැඩිමහල් සහෝදරියගේ දියණිය සමග විවාහ වී සිටියේය. ඒ වන විටත් මොහු නිවසේ බිම පැදුරක නිදාගෙන සිට ඇත. පැමිණි පිරිස දොරට පයින් ගසා කඩා දමා නිවස තුළට ඇතුළු වී වෙඩි තබා ඇත.

පසුව පිරිස ත්‍රිරෝද රථය හරවා එම නිවසේ සිට මීටර් 10ක් පමණ දුරින් වූ තරිඳු දිල්ෂාන් සේනාරත්න (19) නොහොත් ‘තරියා’ ගේ නිවසට ගොස් ඇත. පැමිණි පිරිස තමන් ‍පොලිසියෙන් බවත් නිවසේ දොර විවෘත කරන ලෙසත් දන්වා තිබේ. එවිට නිවසේ සිටි තරිඳුගේ මව දොර අසලට වී දොර විවෘත නොකරන බව දන්වා ඇත. මේ හේතුවෙන් පැමිණි අයකු පයින් ගසා දොර විවෘත කර තිබේ. එලෙස විවෘත කරන විට පැමිණි පිරිසෙන් එක් අයකු අහසට වෙඩි දෙකක් තබා ඇත.

මෙම ශබ්දය ඇසුණු තරිඳුගේ බිරිඳගේ පියා මොහොමඩ් සුබෙහිර් (41) ඉදිරිපිට නිවසේ සිට එළියට පැමිණ ඇත. එහිදී ඔහුගේ හිසටත් ඇඟටත් වෙඩි තබා ඇත.

වෙඩි තැබිම අවසන් වි විනාඩි 10කට පමණ  පසුව ඒ අවට ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි වැල්ලම්පිටිය ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණ තිබේන අතර ඔහු ඒ දක්වා  සිට ඇත්තේ මිටර 200ක් පමණ දුරින් රදවා තිබු පොලිස් මුර සංචාර රථයේ බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.

Top