Featured

වැලිඅමුණගේ ගෝලයෝ ඡන්ද දායකයන් පෙන්වා ජාත්‍යන්තරයටත් කෙලවලා

රාජපක්ෂලාගෙන් කෙසේ හෝ පළිගැනීමට කටයුතු කලයුතු බවට ඉන්දිය රජය ඇතුලු බෙදුම්වාදීන් ලබාදුන් කොන්ත්‍රාත්තුව භාරගත් මෛත්‍රී-රනිල් ඇතුලු යහපාලන ආණ්ඩුවේ ඇම්බැට්ටය සමග එකතුවි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාට එරෙහිව ඔහුගේ සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවී තිබෙන අක්‍රමිකතා වලට අදාළව අපරාධ පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කරන්නැයි කියමින් ඊට අදාළ වාර්තාවක් සැකසිම වෙනුවෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති ලෙස පෙනි සිටිමින් රාජ්‍ය නොවන සංවිධන වල මුදල් වලින් යැපෙන ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ.සී. වැලිඅමුණ රුපියල් කෝටි 23ක් සහ තවත් වරප්‍රසාදන් රැසක් ලබාගත් බව අප 2015 අප්‍රියෙල් මාසයේ අනාවරණය කළා.(අදාළ පුවත් පහතින් කියවන්න )

ඒ අඩිපාරේම යන වැලි අමුණගේ ගොලයන් ශ්‍රී ලංකාවේ ඡන්දහිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL ) ආයතනයට ලැබීඇති විදේශ මූල්‍යාධාර අයථා ලෙස භාවිතා කරමින් සිදුකර ඇති රු . ලක්ෂ 11 මූල්‍ය වංචාව/දූෂණය පිළිබදව වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතුයැයි TISL ආයතනයේ සාමාජිකත්වය දරණ,දූෂණ විරෝධීන් ඉල්ලිමක් කර තිබේ.

යුරෝපා සංගම් (EU ) මූල්‍යාධාර අයථාලෙස භාවිතා කරමින් සිදුකර ඇති රු. ලක්ෂ ගණනක RTI ඇනිමේෂන් මූල්‍ය වංචාව පිළිබදව ස්වාධීන විමර්ශනයක් සිදුකරන මෙන් දැනුම්දීම.

ශ්‍රී ලංකාවේ ඡන්දහිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL ) ආයතනයට ලැබීඇති විදේශ මූල්‍යාධාරඅයථා ලෙස භාවිතා කරමින් සිදුකර ඇති රු .ලක්ෂ 11 මූල්‍ය වංචාව/දූෂණය පිළිබදව වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතුයැයි TISL ආයතනයේ සාමාජිකත්වය දරණ,දූෂණ විරෝධීන් වශයෙන් අපි තරයේ ප්‍රකාශ කර සිටිමු.

සමාජ මාධ්‍ය මගින් ,විශ්වාස කළහැකි තොරතුරැ/ සාක්ෂි සහිතව හෙළිදරව් කරඇති වාර්තාවලට අනුව තොරතුරැ දැනගැනීමේ අයිතිය (RTI) ගැන “ ඇනිමේෂන් “ දෙකක් සකස්කරන මුවාවෙන් පාලනාධිකාරියේ ප්‍රධානීන්ගේ කණින් රිංගමින් TISL හි කළමනාකාරිනියක් විසින් ඉතාම සුක්ෂම ලෙස මෙම මූල්‍ය වංචාව සිදුකර තිබේ.එය සිදුකර ඇති ආකාරය අනුව ඒ සදහා විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකරගේද සහය ලැබී ඇතැයි අපි සැක කරමු.විදේශ අරමුදල් ලබාදෙන ආයතනය( යුරෝපා සංගමය – EU ) හා විගණකවරු රැවටීම සදහා සකස්කළ ලියකියවිලි ටිකක් වව්චර් වලට අමුණා ශෂී ද මෙල් කළමනාකාරිනිය තමන්ගේ පෙම්වතාවන වාසුල ‍ප්‍රෙමවර්ධනට යුරෝපා සංගමයේ (EU ) මුල්‍යාධාර 14104.1470028941 ගිණුමෙන් මිලියන 1.1 මුදලක් අයථා ලෙස ගෙවා ඇති බව මෙම ලියකියවිලි පරීක්ෂාකර බලනවිට පෙනේ.පෙම්වතාගේ මිලගණන් සාධාරනීකරණය කිරීමට තවත් එක් අයෙකුගේ මිලගණන් සදහන් ලේඛනයක් එයට අමුණා ඇත. තත්පර 45 ක ඇනිමේෂන් දෙකක් සදහා ලක්ෂ 11 ක මුදලක් ගෙවීම එම විෂය ගැන දන්නා අයගේ විමතියට හේතු වී තිබේ. සාමාන්‍යයෙන් එවැන්නක් සදහා වැයවන උපරිම මුදල රු. ලක්ෂ 1 ½ කට වැඩි නොවේ.

TISL ආයතනයේ රු 75000.00 වැඩි මිලදී ගැනීම් හා සේවා ලබාගැනීම්වලදී මිලගණන් කැදවීම අත්‍යාවශ්‍යය. තෝරාගැනීම් සිදුකරන්නේ “Quotation Committee “ තීරණයක් මතය. එහෙත් මෙම ගණුදෙනුවේදී එම කටයුතු කිසිවක්ම සිදුවී නැත. ඡන්ද හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන් නොකිරීම නිසා ඉතිරිවූ මුදලින් ලක්ෂ 20 ක් ගෙවා ඇනිමේෂන් සෑදිමට ශෂී ද මැල් යෝජනා කර ඇතත් එතරම්ම මුදලක් ගෙවීමට විධායක අධ්‍යක්ෂ අසෝක බයවී ඇතැයිද කියැවේ.අප විසින් වැඩිදුර කරුණු සොයාබැලීමේදී අනාවරණය වූ තොරතුරු අනුව තම පෙම්වතා ලවා ඇනිමේෂනය සැකසීමට ශෂී තීරණය කර ඇත්තේ ඒ පිළිබද විශෙෂඥ දැනුමඇති කිසිවෙකුගේ සහයක් නොමැතිව තනිවමය.වාසුල ප්‍රේමවර්ධන නැමැත්තා ,ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් මුල්‍ය කටයුතු අධීක්ෂණය කරන කමිටුවේ සාමාජිකා අනූෂිකා අමරසිංහගේද ඉතාම සමීප හිතවතෙක් නිසා Quotation කමිටු අනුමැති ,මිලගණන් කැදවීම් නොමැතිවීම් ආදී අවශ්‍යතා සම්පුර්ණ නොවීම ගැටලුවක් නොවන බව ඒ පිළිබද විමසු අයට ශෂී විසින් පෙන්වා දී ඇතැයිද දැනගන්නට තිබේ.

මේ වනවිට TISL හි සිදුවූ දුෂණ හා අක්‍රමිකතා වලට එරෙහිව අකටයුතු නාදනයේ යෙදුන , ආයතනයේ කළමනාකරුවන් දූෂණ හෙළිකිරීමට යාම නිසා අධ්‍යක්ෂ මණ්ඩලයේ උදහසට ලක්ව තිබු තත්වය තුළ මෙම දූෂණයට එරෙහිවී රැකියා අහිමිකරගැනීමට මූල්‍ය ප්‍රධානීන් බය වී තිබේ. එම නිසා EU ගණකාධිකාරිනියද අනෙක් අයද දෑස වසාගෙන මෙම ගෙවීම් අනුමතකර ඇතැයි පැවැසේ. එහෙත් ලක්ෂ 11 ක් එකවර ගෙවීමට ගණකාධිකාරීන් මැලිවීම නිසා ලක්ෂ 11 කුඩා කොටස් වලටකඩා චෙක්පත් කිහිපයකින් ගෙවීම් සිදුකර තිබේ.

චෙක්පත් ලියා ඇත්තේ Colombo 3 ,No 16 Aloe Ave #5/2 ලිපිනයේ Market Gurus නම් සමාගමක් නමටය.ට්‍රාන්ස්පේරන්සියේ Contract Agreement අනුව මෙවැනි ගණුදෙනු වලදී Cash චෙක්පත් වලින් ගෙවීම් කිරීමට නොහැකි නමුත් මෙම විශේෂ ගණුදෙනුවේදී Cash චෙක්පත්වලින්ද ගෙවීම් සිදුවී තිබේ.එය EU මූල්‍ය කොන්දේසි වලටද පටහැණි බව පැවැසේ. ගෙවීම් සිදුකර ඇත්තේ කොමර්ෂල් බැංකුව , කිරුලපන ශාඛාවේ අංක 1470028941 ගිණුමෙනි.මුල් ගෙවීම සිදුකර ඇත්තේ අංක 947524 චෙක්පතිනි. ඉහත ලිපිනයේ Market Gurus නමින් ආයතනයක් නොමැති අතර මෙම සමස්ත වංචාව ඉතාම සැළසුම්සහගතව සිදුකරන ලද්දක් බව දැනට හෙළිදරව් වී ඇති තොරතුරු අනුව පෙනේ.මෙම වංචාව ගැන මීට පෙර අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත්කර තිබියදීත් එය වැළැක්වීමට නොහැකිවී ඇත්තේ ඇතැම් අධ්‍යක්ෂවරියන්ගේ දැඩි බලපෑම් නිසා බවටද චෝදනා එල්ලවෙමින් තිබේ.

TISL හි දූෂණ විරෝධී සාමාජිකයින් වශයෙන් අපි කිසිසේත්ම මෙවැනි දූෂිත තත්වයක් අනුමත නොකරමු. එසේම මෙම දූෂණය පිළිබදව සභාපතිවරයා වශයෙන් ඔබට ස්වාධීන වීමර්ශනයක් සිදුකිරීමට හැකියාවක් ඇතැයි ද අපි කිසිසේත්ම විශ්වාස නොකරමු. එමනිසා පක්ෂපාතීකම් හා බැදීම්වලින් තොරව දූෂණයක් ගැන ස්වාධීන පරීක්ෂණයක් සිදුකළහැකි විමර්ශකයෙකු යොදවා වහාම මේ පිළිබද විමර්ශනයක් සිදුකරන ලෙසද,එම වාර්තාව වසන්නොකොට සාමාජිකත්වයටද ලබාදෙන ලෙසද ඉල්ලා සිටිමු.TISL ආයතනයේ සිදුවීඇති දුෂණ ගැන සොයාබලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීම සභාපති ලෙස ඔබසතු වගකීමක් බවද පෙන්වාදීමට අපට සිදුවේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය රැකගැනීමේ කමිටු සාමාජික පිරිස

http://www.sinhala.lnwtoday.com/archives/649

Top