Political

වෑන් මෑන්ට වඩා අපිට පෑඩ් මෑන් හොඳයි……..!

Published on – Oct 29, 2019 කාන්තාවකගේ මාසික ඔසප් චක්‍රය හා සනීපාරක්ෂක තුවා පිළිබඳව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ විග්‍රහය පාදක කරගනිමින් ගෙන යන අසංවර අසංවිදිත සංවාදය ට මේ මතයද එකතු කරන්නට කැමතිය.

යෝනියෙන් ඉපදි යෝනියටම නිග්‍රහ කරන අද සමාජයට ලබා ගන්න අයිති කරගන්න බැරි සෑම කාන්තාවක්ම බඩුවක් ලෙසට ගරහන සමාජයට පෑඩ් එකක් පිළිබඳව කතා කරන ජනාධිපති අපේක්ෂකයෙක් අමුතු පුද්ගලයෙක් ලෙස පෙනෙනවා ඇත.

ඔව් ඔහු අමුතු පුද්ගලයෙකි. රට සංවර්ධනය කරන්නට බලය ලබා ගන්නට දඟලන ජනාධිපති අපේක්ෂකයන් අතර ගෙදර අම්මාව, බිරිඳව, දියණියව, නැගණියව සංවර්ධනය කිරීම තුළින් රට සංවර්ධනය වන බව කල්පනා කරන ඔහු අමුතු මිනිහෙක්. විශේෂයෙන්ම ගෑණියෙකුගේ දුක නොහඳුනන, හැගීම් නොහඳුනන, වේදනාව නොහඳුනන රටකට ඔහු අමුතු මිනිහෙකි.

විශේෂයෙන්ම ලංකාවේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක සෞඛ්‍ය පිළිබඳව කතා කිරීමේදි එය ඉතා ම අඩු මට්ටමේ පවතින බව පැවසිය යුතුමය. ලිංගික අධ්‍යපනය, ලිංගිකත්වය පිළිබඳව විවෘතව කතා කිරීමට මැලිවන සමාජයක එය අරුමයක් නොවේ. සජිත් ප්‍රේමදාස පවසන්නේ සැබෑ කරුණකි. අපේ රටේ බොහෝ තරුණියන් සිය මාසික ඔසප් දිනයන් හිදි පාසලට යන්නේ නැත. එයට හේතු ගණනාවක් ඇත. එකක් එදිනයට ශරිරයේ පවතින දැඩි අපහසුතාවය හා වේදනාව වන්නට ඇත. එසේත් නොමැති නම් රුධිරය පිටවන ප්‍රමාණය අනුව සනීපාරක්ෂක තුවා නැතිනම් පෑඩ් මාරු කිරීමට ඇති අපහසුතාව හා පෞද්ගලිකත්වය විය හැකිය. නොඑසේනම් තවමත් රටේ බහුතර කාන්තාවන් පිරිසක් විසින් පෑඩ් වෙනුවට රෙදි භාවිතා කිරීම නිසාද විය හැකිය.

සජිත්ගේ ප්‍රකාශයට හිනා වෙන, සමාජ මාධ්‍ය ජාලා හරහා පොර ටෝක් දෙන කීයෙන් කී දෙනෙක් තමන්ගේ අම්මාට, බිරිදට, දියණියට පෑඩ් පැකට් එකක් ගෙනවිත් දී ඇති ද? පිරිමිකම ඔලුවට ගෙන කාන්තාවගේ මාසික ඔසප් වීම ගැන කතා කළාට සජිත්ට හිනා වෙන මානසික වශයෙන් ලිංගික බෙලහීනයෝ ගෙදර ගෑණි අමාරුවෙන් ඉන්න විට හේතුවවත් අසා ඇති ද? අඩුම තරමේ පැනඩෝල් පෙත්තක් වත් දී ඇති ද?

සජිත් ගේ මේ ආකල්පය වැඩියෙන්ම දිරවන්නේ නැත්තේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවාදින්ටය. කාන්තාවන් 100ක් දූෂණය කොට පිරිමිකමේ ලොකුව පෙන්වන්න සිය නායකයාගේ ආශිර්වාදයෙන් පාට් දැමූ පොහොට්ටුවාදින්ට, බුදිය ගැනීම හැරෙන්නට වෙන කිසිම දෙයක් ගෑණියෙක්ගේ නොදකින රාජපක්ෂවාදින්ට, ගෑණියෙක් වෙනුවෙන් තවත් ගෑණියෙක්ට සැමියා අහිමි කළ, දරුවෙකුට පියෙක් අහිමි කළ රාජපක්ෂවරුන්ට පෑඩ් මෑන් දිරවන්නේ නැතුව ඇති.

තමන්ට එරෙහිව පෑඩ් මෑන් ලේබලය ගසා බුකියේ රඟ දැක්වූ සියල්ලන්ටම සජිත් කන පැලෙන උත්තරයක් දී ඇත. එනම් වෑන් මෑන් වෙනවාට වඩා පෑඩ් මෑන් වීම තමාට ගෞරවයක් බවයි.


කාන්තාවකගේ ජීවිතයේ සංවේදිම පුද්ගලයන් දෙකොට්ඨාශය වන්නේ සිය සැමිය හා දරුවාය. සුදු වෑන් වලින් පුද්ගලයන් අතුරුදන් කරවිමින් කාන්තාවන් විශාල ප්‍රමාණයකට තම ස්වාමි පුරුෂයක් අහිමි කළ, දරුවන් අහිමි කළ රාජපක්ෂ පාලනයකට වඩා ගෝඨාභය රාජපක්ෂගේ නැවත පැමිණීමට වඩා සජිත් ගේ කාන්තා සංවේදිතාව අපට වටින්නේ එබැවිනි.

ගෝඨාභය රාජපක්ෂගේ පුනරාගමනය නැවත රටට ගේන්නේ අනිවාර්යයෙන්ම වෑන්මෑන් සංකල්පයක් වන අතරම 2010 දි සරත් ෆොන්සේකා සිරගත කරමින් අනෝමා ෆොන්සේකා අසරණ කළා සේ ගෝඨාභයට අද විරුද්ධ වන අයගේ භාර්යාවන් හා මෑණිවරුන් අසරණ කිරීම ඉර හද සේ විශ්වාසය. ගෝඨාභය වෙනුවෙන් කඩේ යන වහලුන්, බයියන්, දැනටාම් රඟන්නේ ගෝඨාභයගේ වෑන්මෑන් හයියෙන් බව පැහැදිලිය.

පෑඩ් පැකට් එකක් පත්තරෙන් වසා සංවරව හොරොන් රැගෙන යාම වෙනුවෙන් කොළඹ කාන්තාවන් එළිපිටම පෑඩ් පැකට් මිලදි ගන්නා බව පවසමින් කාන්තාවන් පෑඩ් ඇදීම විවේචනය කරමින් මීට මාස කිහිපයකට පෙර ලිපියක් පල කරමින් පුරුෂාධිපත්‍යය සමාජයක කාන්තාව සිටිය යුතු තැන පහදා දීමට උත්සහ කොට දැන් දැන් රාජපක්ෂලාට රෙදි නැතුව කඩේ යන දෙරණ අරුණ වැනි පුවත්පත් ද, යූ ටියුබ් හිට්ස් වැඩි කරගන්න ගෑණුන්ගේ නිරුවත විකුණා මුදල් හම්බ කරගත් ඉරාජ්ලා වැන්නද පාර කපන්නේ එම වෑන්මෑන් සංස්කෘතියටමය.

අපට අවශ්‍ය වන්නේ එවන් සමාජයක් නොවේ. යොනියෙන් ඉපදි යෝනියට ගරහන සමාජය වෙනුවට ගරු කරන සමාජය ක්‍ ය. මාසික ඔසප් වේදනාව නැතිකරන්න බැරි වූවද එම වේදනාවා බෙදා ගැනීමට හැකි අඩුම තරමේ එදිනටවත් ගෙදර වැඩ වලින් කාන්තාව නිදහස් කළ හැකි පිරිමින් සිටින සමාජයකි. පිරිමියෙක් ගේ යට කලිසම් දාරය ඩෙනිමට උඩින් මතුවී පෙනීම සාමාන්‍යයක් ලෙස දකින නමුත් කාන්තාවගේ යට කලිසම් දාරය ගැන අමුතුවෙන් නොදකින සමාජයක් ය. එහි හැරවුම් ලක්ෂය ලෙස සජිත් ප්‍රේමදාස පළමු පියවර තැබීම ගැන සතුටුවන්නේ එහෙයිනි.

කාන්තාවකගේ අගය දන්නේ කාන්තාවක් ඇසුරේ හැදෙන පිරිමයෙක් පමණි. හැම ගෑණියෙක් ලඟම හුරතල් වන, හැම ගෑණියෙක් සමඟම නිදා ගන්න දතකන පිරිමියා පවුලක අගය, ගෑණියෙකුගේ අගය, දරුවෙකුගේ අගය දන්නේ නැත. එක්ව ඉදිරියට යමින් තිත තැබිය යුත්තේ එම සමාජයටය.

Top