Anonymous Reporter

විකුණන් කමු ලංකා…..රාජ්‍ය ආයතන 4ක් විකුණයි

ලංකා සළුසල ආයතනය, ජාතික කඩදාසි සමාගම, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සහ ලංකා සිමෙන්ති සමාගම වහාම ක්‍රියාත්මක වන් පරිදි විකුණා දැමිමට යහපාලන රජය තිරණය කර තිබේ. මේ වනවිටත් අදාළ ආයතන් විකුණා දැමිමට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය අවශ්‍ය උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේද යන්න වැඩසටහන එම අමාත්‍යාංශය සකස් කිරීමට නියමිතයි. මේ වනවිට පාඩු ලබන මෙම ආයතන කිහිපයේ සේවකයන්ට දෙසැම්බර් මාසය දක්වා වැටුප් ගෙවීමට සහ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Top