Featured

විග්නේෂ්වරන් එලවන්න උතුරු පළාත් සභාව විසුරවා දාන්න -සම්බන්ධන්,මෛත්‍රීගෙන් ඉල්ලයි

දෙමළ ජාතික සංධානය දෙකඩ කිරිමට කටයුතු කල උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් එම තනතුරින් පහ කිරිම සදහා වහාම උතුරු පළාත් සභාව විසුරවා හැරිමට කටයුතු කරන ලෙස ද්‍රවිධ ජාතික සන්ධාන නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලිමක් කර තිබේ.

ජනාධිපතිවරයාගේ බලතල භාවිතා කරමින් උතුරු පළාත් සභාව විසුරුවාලීමට ආණ්ඩුකාරවරයාට බලකරන ලෙසට සම්බන්ධන් ජනපතිගෙන් ඉල්ලිම කර තිබේ.නමුත් මේ දක්වා එම ඉල්ලිමට ජනාධිපතිවරයා සිය ප්‍රතිචාර දක්වා නැති බවද අනාවරණය වේ.

සී.වී.විග්නේෂ්වරන් ඇමරිකාව ඇතුලු යුරෝපා සහය ඇතිව දෙමළ ජනතා සංසදය නමින් නව දේශපාලන සංවිධානයක් පිහිටුවිමත් සමග සම්බන්ධන් සහ සී.වී.විග්නේෂ්වරන් අතර ගැටුම උග්‍ර අතට හැරි තිබේ.

මේ අතර සී.වී.විග්නේෂ්වරන් නව සංවිධානය සමග එක්ව සිටින දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබේ.

“මේ රටේ ඇති අනෙකුත් පළාත් සභාවල පාලන කාලය අවසන් වෙමින් තිබෙන අවස්ථාවකදී, උතුරු පළාත් සභාවේ පාලන කාලයට වසර 02 ක් මේ වන විට සම්පූර්ණ වී ඇත. මෙවැනි පසුබිමකදී, උතුරු පළාත් සභාව විසුරුවා හරිනවා නම්, ජනාධිපතිවරයා මහ ඇමතිවරයාගෙන් අවසරය ලබා ගත යුතුය”

“ජනාධිපතිවරයා සහ උතුරු පළාත් මහ ඇමතිවරයා අතර මේ වන විට සමීප සබඳතාවයක් තිබීම හේතුවෙන්, මහ ඇමතිවරයාගෙන් අවසරයක් ලබානොගෙන, රටේ නීතිරීති වලට පටහැනිව ජනාධිපතිවරයා උතුරු පළාත් සභාව විසුරවා නොහරියි” යනුවෙන් එස්.ශ්‍රීධරන් ප්‍රකාශ කර තිබේන බව උතුරේ මාධ්‍ය අනාවරණය කළා.

Top