Featured

විග්නේෂ්වරන්,සම්බන්ධන් සාකච්ඡාව මෝදී දුරකතනයෙන් අහලා

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සහ උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් අතර පසුගිය නත්තල් දා හදිසියේම පැවති රහසිගත සාකච්ඡාව ඉන්දිය මධ්‍යම රජය මැදිහත් වි පැවැත්වු එකක් බව ආර්.සම්බන්ධන්ගේ දුරකතනය ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී සජිවිව සාකච්ඡාට සවන් දුන් බවද අනාවරණය වි තිබේ.

අදාළ සාකච්ඡාව ඉන්දිය රජයේ බලපෑම මත පමණක් පැවැත්වු බවත් තමන් එම සාකච්ඡාවේදි සම්බන්ධන් කල ප්‍රකාශයන් පිළිබඳව කිසිදු තැකිමක් නොකල බව උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් තමන්ගේ නායකත්වයෙන් යුරෝපා සහය ඇතිව පසුගියදා පිහිටු වු ‘දෙමළ ජනතා සංසදය’ට අවධාරණය කර තිබේ.

“සම්බන්ධන් කියන්නේ ඉන්දිය වහලෙක්….අපිට ඔනෑ…ඉක්මන් දේශපාලන විසදුමක්…ඒ වෙනුවෙන් අපි වෙනම ගමනක් යනවා “….යනුවෙන් සී.වී.විග්නේෂ්වරන් පසුගියදා තමන්ගේ නව දේශපාලන සංවිධානය සමග පවසා තිබේ.

දෙමළ ජාතික සන්ධානය මේ වනවිටත් දෙකඩ වි ඇති අතර වහාම එම තත්ත්වය සමනය කිරිම සදහා ඉන්දිය රජය පුලුල්ව මැදිහත් විමට කටයුතු කරන බවටත් ඒ සදහා විශේෂිත පුහුණුව ලැබු ඉන්දිය බුද්ධි අංශ සමාජිකයන් 10 දෙනෙකු මේ වනවිටත් උතුරේ ක්‍රියාකාරකම් නිරික්ෂණය කිරිම සදහා යොදවා ඇති බවද ඉන්දිය අප විශේෂ වාර්තාකාරිනි ආසෝ ඛාන් අනාවරණය කළා.

මේ අතර උතුරේ වාර්ගික අර්බුදයට දේශපාලන විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක්‌ ඇතුළත් වාර්තාවක්‌ මසක්‌ තුළ කෙටුම්පත් කරන ලෙස උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් විසින් ද්‍රවිඩ ජනතා සංසදයට උපදෙස්‌ දී තිබේ.

Top