Featured

විජේදාසට ගහන්න රංජන්,දුමින්දට ලිපිගොනුවක් දෙයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සජිත් පිළ සමග ආණ්ඩුවක් නිර්මාණය කර ගැනිම සදහාත් ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය සිරස මුදලාලි කිලී මහරාජා යටතට පත් කිරිම සදහාත් යහපාලනය වෙනුවෙන් බෙල්ල දුන් ඇමති රාජිත සේනාරත්න ගලවා ගැනිම සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී බත් බැලයන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව රාජිතට බරපතල ලෙස බලපෑම් එල්ල කරන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මර්දණය කිරිම සදහා ඇමතිවරයාගේ වැරදි රැසක් සාක්ෂි සහිත ලිපිගොනුවක් යහපාලන හොරු අල්ලන ගොන්ජා ලෙස ප්‍රසිද්ධ ඇමති රංජන් රාමනායක විසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පැරෂුට් මහා ලේකම් දුමින්ද දිසානයක මහතා අතටම ලබාදි තිබේ.

පසුව අදාළ ලිපිගොනූව කක්කුස්සි කටා හෙවත් ඇවන්ගාර්ඩ් කප්පම් කරුවෙකු ලෙස අනාවරණය විමත් සමග රටින් පැන ගිය රාජිත සේනාරත්නගේ වනචර පුත්‍රයා වන චතුර සේනාරත්න මන්ත්‍රීවරයාට දුමින්ද දිසානායක විසින් ලබාදි තිබේ.

පසුගිය සතියේ බොරු අසනීපයක් පෙන්වා රෝහල්ගත වු චතුර රෝහලේ පරිපාලනයට දැඩි ලෙස තර්ජනාත්මක ස්වරූපයෙන් පවසා ඇත්තේ පවුලේ අයට හැර වෙනත් කිසිවෙකුට තමන් බැලිමට පැමිණිමට අවසර නොදේන ලෙසයි.ඒ අනුව චතුර බැලීමට මැති ඇමැතිවරු කිහිපදෙනෙකු සහ රතන හිමියන්ට පවා රෝහලේ ප්‍රධාන පිලිගැනිමේ ස්ථානය පසුකර යැමට හැකි වි නෑ.

නමුත් දුමින්ද දිසානායක ඇමතිවරයාට චතුර හමුවිට අවස්ථාව ලබාදි ඇති අතර පැය 4කට වඩා වැඩි කාලයක් දෙදෙනා සාකච්ඡා කර තිබේන බව අනාවරණය වි තිබේ.

Top