Featured

විදෙස් විනිසුරුවරු සහ නිතිඥවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ අපරාධ අධිකරණය පිහිටුවනවා

විදෙස් රටවල විනිසුරුවරු සහ නිතිඥවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ අපරාධ අධිකරණයද ඇතුලත් ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම, මානව හිමිකම් යනාදිය ශක්තිමත් කිරීම’ පිළිබඳ යෝජනාවෙනුත් අනතුරුව ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර ගැටුමේදී සිදුවූ අපරාධ පිළිබඳව විභාග කිරීමට වගවීමේ යාන්ත්‍රණයක් (ACCOUNTABILITY MECHANISM) පිහිටුවන බවට ශ්‍රී ලංකා රජයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වගකීම භාරගත් බව පසුගියදා සංචාරයක නිරතවු  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු  දෙමළ ඩයස්පොරාවට දැනුම් දි තිබේ.

මේ අතර අදාළ පරික්ෂණ කටයුතු නිරික්ෂණය කරමි කටයුතු කිරිමට එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් එයට ඉහතදී පිළිගත් පුද්ගලයින් අතුරින් විද්වතුන් 06 දෙනෙකු රටින් බැහැර දෙමළ ඊලාම් රජයේ ඉල්ලීම පිළිගෙන කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටිමට කැමැත්ත පලකර තිබේ.

මෙම නිරීක්‍ෂණ කමිටුවේ සාමාජිකයින් සහ ඔවුන්ගේ කාර්යය යන තොරතුරු පහත දක්වා ඇති අපගේ වෙබ් අඩවි වලින දැකගත හැකිය. WWW.NAATHAMNEWS.COM WWW.TGTE-US.ORG මෙම විද්වත් කමටුවේ සමාජිකයින් ජාත්‍යන්තර අපරාධ නිතීය, මානව හිමිකම්, ජාතික යුද අපරාධ අධිකරණ, කාලාපීය අපරාධ නඩු යනාදිය තුලින් විද්වත් බවක් ලද පුද්ගලයින්ය යන පදනමින් මෙම කමිටුවට තෝරාගෙන ඇත. එම විද්වත් කමිටුව පහත පරිදිය‍.

MARIE GUIRAUD (FRANCE) PETER HAYNES (UK) ‍ RICHARD ROGERS (UK) HEATHER RIYAN (USA) JUSTICE AJIT PRAKASH SHSH (INDIA) තවද GEOFFREY ROBERTSON QC මහතා මෙම කමිටුව සඳහා අතිරේක ස්වාධීන උපදේශකයෙකු ලෙස කටයුතු කරයි. මෙම මහා කාර්යයේ වැදගත්කම සියළු දෙමළ ජනතාව තේරුම්ගෙන එය සාර්ථක කරවීම මගින් අපගේ ජනතාව කාලාන්තරයක් පුරා මර්ධනයට ලක්කර ඇති බව ලොවට ප්‍රබලව ප්‍රකාශ කළ හැකිය. අපගේ ජනතාව මහ ජාතිය සුළු ජාතිය යන මුවාවෙන් සිංහල රජයේ බොහෝ මානව හිමිකම් උල්ලංඝසන වලට මුහුණ දුන් හේතුවෙන් එක්ව කටයුතු කිරීමට ඉදිරිපත් වන ලෙස රටින් බැහැර දෙමළ ඊළාම් රජය නිවේදනයකින් කියා සිටි.

Top