LNN SPY

“විපත්මග” “ඒළිය” ගැටුමෙන් ඒකාබද්ධය මන්ත්‍රීවරුන්ට මුකවාඩම් .වැටේ….දිනේෂ්ගෙන් අවසර නැතුව කතා බෑ…

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටු යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්විමට මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පත් කිරිමට ඒකාබද්ධ විපක්ෂය තින්දු කර තිබේ. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටු යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන තෙදින විවාදයට ඒකාබද්ධ විපක්ෂයේ කථිකයන් නම් මේ වනවිටත් නම්කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටු යෝජනාවලට අදාළ විවාදය ලබන 30, 31, සහ 01 තෙදින පැවැත්වීමට නියමිතය. එම විවාදයේ තුන්වැනි දිනයේදී මහින්ද රාජපක්ෂ මහතා ඊට එක්වනු ඇති බවත් ඔහු එහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට නියමිතව් සිටි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ සංවිධාන නියෝජනයි කරමින් ඒකාබද්ධයේ ඇතැම් පාර්ශවයන් දක්වන අදහස් හේතුවෙන් ඒකාබද්ධය නියෝජනය කරන් ශ්‍රීලනීප මන්ත්‍රීවරුන් දැඩි අපහසු තාවයට පත්ව ඇති බවත් ශ්‍රීලනිප මහින්ද පිල සහ මෛත්‍රී පිළ අතර ගොඩ නැගෙන සංහිඳියාවටද එම ප්‍රකාශ දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබේ.

පසුගියදා නාලක ගොඩහේවාගේ “විපත්මග” සහ මැදගොඩ අභය තිස්සගේ “ඒළිය” අතර ඇති ජනප්‍රිය විමේ සටනේ ප්‍රතිපලයක් ලෙස විපත් මග නියෝජනය කරන ගෝඨාභය රාජපක්ෂ සහ කමල්  ගුණරත්න ඇතුලු කථිකයන් කල ප්‍රකාශයන් පසුගිය සතිය පුරාම කතාබහට ලක්වු අතර එම ප්‍රකාශයන් හේතුවෙන් ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුම සිය අප්‍රසාදය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙතද පලකර තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන කාලය සිහිබුද්ධියක් ඇති බොහෝ දෙනකු හැඳින්වූයේ ගෝත්‍රිකයන්ගේ වනචාරී දශකය ලෙස බවත් තවමත් මේ අකාරයේ ප්‍රකාශයන් කිරිම හරහා එම ගෝත්‍රික ගති ලක්ෂණ අත් හැර දැමිමට සුදානමක් නොමැති බව තහවුරු කරමින් සිටින බවයි ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.

“වියත්මඟ”අමතමින් කමල් ගුණරත්න,කියා සිටියේ  ‘නව ව්‍යවස්ථාවට සහාය වන්නන් දේශද්‍රෝහීන් බවත්, දේශද්‍රෝහීන්ට හිමි විය යුතු දඬුවම මරණය’ බවත් ප්‍රකාශ කළේය. තවදුරටත් ඔහු කියා සිටියේ ’88-’89 සමයේ මෙන් ‘දේශද්‍රෝහීන්ට මරණය’ යන ලේබලය ගසා එසේ සිදු කළ යුතු බවත්, එසේ මරාදමන්නන්ගේ දේහය අඟල් 6කට පහළින් ගෙන යා යුතු බවත්ය.

මේ අතර විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් කල ‘මිනීමරු කතාව’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලවත් විවේචනයට ලක්ව තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.බැසිල් රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලාංකීය උගත් බුද්ධිමත් පරපුර ඉලක්ක කර ගනිමින් ගෙන ගිය අති සාර්ථක ප්‍රචාරක මෙහෙයුමට කමල් ගුණරත්න ගේ ප්‍රකාශයෙන් බරපතල හානියක් සිදුවූ බව එම් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි තිබේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානායක්කාර,ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ වැනි මන්ත්‍රීවරුන් ද කමල් ගුණරත්නගේ ප්‍රකාශයට විරෝධය පළකර ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘වියත් මග’ සංවිධානයට අනුග්‍රහය නොදක්වන ලෙස ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මේ දිනවල අර්බුදයකට ලක්ව සිටින විමල් විරවංශ පසුගියදා පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතු බවට කල ප්‍රකාශය සම්බන්ධයෙන්ද ඒකාබද්ධයේ විරෝධය එල්ල වි ඇති අතර ඒ සම්බන්ධයෙන් විමල් සමග සාකච්ඡා කිරිමට ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන් ගත් උත්සහයන්ද ව්‍යාර්ථ වි ගොස් ඇත්තේ “මම කියන දේවල් මගේ එකට කාගෙන්වත් අවසර ගන්න ඔනේ නෑ ” යනුවෙන් විමල් ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන් ඉදිරියේම ප්‍රකාශ කිරිමත් සමගය.

විමල්ගේ ප්‍රකාශය පදනම් කර ගනිමින් මඩ ගැසිමේ ව්‍යාපාරයක් දියත් කල ආණ්ඩුව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පියසිරි විජයනායක විමල්ට එරෙහිව දිනා ගැනිමට සමත් වි තිබේ.කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ පියසිරිගේ විමල් විරෝධය පසුපස අලුත් පක්ෂ හදන නායකයන් සිටින බවත් ඔහුන්ගේ මෙහෙයවිම මත විමල්ට එරෙහිව පියසිරි සටනට කැදවා ඇති බවයි.

එම අනාවරණය බලාපොරොත්තු වන්න……

Top