Featured

විමල් අත් අඩංගුවට ගනු! FCID යට අගමැතිගෙන් නියෝගයක්!

යහපාලන ආණ්ඩුවේ හිසරදය වි තිබේන හිටපු අමාත්‍ය විමල් විරවංශ ඇතුලු ඔහුගේ සමිපතමයන් ඉක්මනින්ම අත් අඩංගුවට ගැනිමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා FCID ප්‍රධානියාට නියෝග කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

විමල් විරවංශ මන්ත්‍රිවරයා අමාත්‍යවරයෙකු ව සිටි සමයේ සිදුකල බව කියන මුල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වනවිට FCIDය පරික්ෂණ ආරම්භ කර ඇති අතර අදාල තොරතුරු අසත්‍ය එවා බැවින් ඒ මත පදනම්ව ප්‍රශ්ණ කිරිම් මිස අත් අඩංගුවට ගැනිමට හැකියාවක් නැති බව FCID ප්‍රධානින් රජයට පෙන්වා දි තිබේ.

විමල් අමග ඔහුගේ දේශපාලන සගයන් වන මොහොමඩ් මුසම්මිල්,ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ජයන්ත සමරවිර ඇතුළු කණ්ඩායම අත් අඩංගුවට ගැනිමට කටයුතු කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා FCID ප්‍රධානියාට නියෝග කර ඇති බවයි අනාවරණය වුනේ.

මේ අතර මේ වනවිට විමල් විරවංශ මහතාගේ කාර්යාලයේ විවිධ කටයුතු වල යෙදි සිටි නිළධාරින්ට මෙන්ම සුලු සේවකයන්ට විවිධ කණ්ඩායම් හරහා විමල්ට එරෙහිව ඇති චොදනා සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් ලෙස කටයුතු කරන ලෙසට බලපෑම් එල්ල කරමින් සිටින බවද අනාවරණය වි තිබේ.ඔහුන්ගේ ලබාගන්නා සාක්ෂි මත පදනම්ව ප්‍රශ්ණ කිරිමේ මුවාවෙන් විමල් ඇතුලු කණ්ඩායම අත් අඩංගුවට ගැනිමේ සුදානමක් ඇති බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.

විමල් සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව ගොනුකර ඇති අසත්‍ය චොදනා

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපතිවරයා විසින් රුපියල් මිලියන 4.8ක මුදලක් අයථා ලෙස ලබාගැනීම පිළිබද චෝදනාව ·

රාජ් එදිරිසූරිය
රුපියල් මිලියන 4.8

· චෝදනා ඉදිරිපත් කිරීම පිළිබද නොදනී
· නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් ඇත.

 නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 1.4ක මුදලක් වැය කරමින් දින දර්ශන මුද්‍රණය කිරීමේදී නියමිත ඩෙන්ඩර පටිපාටිය උල්ලංඝනය කිරීම · නිවාස හා ඉදිකිරීම් හිටපු ඇමැති විමල් වීරවංශ
· නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.එච්. විමලසිරි

රුපියල් මිලියන 1.4

· චෝදනා ඉදිරිපත් කිරීම පිළිබද නොදනී
· නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් ඇත

නිවාස හා ඉදිකිරීම් ඇමැති විමල් වීරවංශ නිවාස ලබාදීමේදී නියමිත කාර්යපටිපාටි අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබෙන බී/26907/3/15 දරණ නඩුවට අදාල කරුණු · නිවාස හා ඉදිකිරීම් හිටපු ඇමැති විමල් වීරවංශ
· බී.කේ.ජේ.කේ. පෙරේරා

මුදල හෙළිකර නැත

· මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පරීක්ෂණ අවසන් කර ඇත
· නීතිපති උපදෙස් ගැන නොදනී

· නඩු විභාගයේ ප්‍රගතිය ගැන නොදනී

රුපියල් මිලියන 306ක වටිනාකමකින් යුත් ඉඩමක කළමනාකාරීත්වය නිවාස හා ඉදිකිරීම් හිටපු ඇමැති විමල් වීරවංශ ඔහුගේ බිරිද වන ශෂී වීරවංශට පැවරීමේදී අනුගමනය කළ ක්‍රමවේදය පිළිබද ගැටලුව · නිවාස හා ඉදිකිරීම් හිටපු ඇමැති විමල් වීරවංශ
· නිවාස හා ඉදිකිරීම් හිටපු ඇමැති විමල් වීරවංශගේ බිරිද, ශෂී වීරවංශ

· සී.එස්. රණසිංහ

රුපියල් මිලියන 306

· මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පරීක්ෂණ අවසන් කර ඇත
· නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් නොදනී

· සටහන – ශෂී වීරවංශ සම්බන්ධයෙන් විදේශ ගමන් බලපත්‍ර වංචාවක් ගැන හා ආයෝජන මණ්ඩලය යටතේ සමාගමක් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත්ව ඇත.

Top