Published on: Dec 05, 2017 – විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී වීරකුමාර දිසානායන මහතා අද(05) පෙරවරුවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක් කැදවා ඇති අතර එහිදි ශ්රිලනිප – ඒකාබද්ධ සාකච්ඡා කඩා කප්පල් කිරීමට කටයුතු කළ කුමන්ත්රණකාරීන් කවුරුන්දැයි හෙළිදරව් කරන බව මන්ත්රිවරයා අප දේශපාලන වාර්තා කරු සමග සදහන් කර තිබේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි ශ්රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර වෙන වෙනම තරග වැදිම හරහා ගමේ බලය එජාපයට ලබාදිමේ කුමන්ත්රණකාරී මෙහෙයුමක් දියත් වෙමින් තිබේන බවත් ඒ හරහා 2020 ජනාධිපතිවරණයේ රනිල් වික්රමසිංහ මහතා රටේ ජනාධිපති කරවිමට එම කුමන්ත්රණය දියත් කර ඇති බවද ඔහු සදහන් කර තිබේ.