LNN SPY

ශ්‍රිලංනීප මන්ත්‍රිවරු ආවේ ගෝඨා දිනවන්න නෙමෙයි…… පොහොට්ටුව ඇතුලෙන් විරෝධයක්…….. පැන්නුවේ නැත්නම් මලගම ස්ථීරයි

Published on – Oct 14, 2019  වාසියට පැති මාරු කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් පිරිස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවට සහය දැක්වීම සමඟ පොහොට්ටු අභ්‍යන්තරයේ අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බව අප දේශපාලන වාර්තාකරු වාර්තා කරනවා.

විශේෂයෙන්ම මෙම විරෝධය පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රිවරුන්ගෙන් ආරම්භ වී ඇති අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් කියන කරන දෑ පොහොට්ටුවේ අනාගත දේශපාලන ගමනට මරු පහරක බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුවරුන් ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරුවන් ලෙස පවසන ගොබ්බ කතා වලට පිං සිදු වන්න තව තවත් ගෝඨාභය රාජපක්ෂ වෙත ජනතා අප්‍රසාදය ඇති වන බව මෙම පසුපෙළ මන්ත්‍රිවරුන් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ තුන් කට්ටුවට සාධක සහිතව පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

නැගෙනහිර හිටපු ආණ්ඩුකාරයා වන හිස්බුල්ලා ජනාධිපතිවරණයට ගෙන එන්නේ බැසිල් රාජපක්ෂ බවත් හිස්බුල්ලාගේ ඡන්ද සියල්ල හා සහය ගෝඨාභය රාජපක්ෂ වෙත ලැබෙන බවත් පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක විසින් සිදු කළ ප්‍රකාශයට සිය ට්විටර් ගිණුම ඔස්සේ නාමල් රාජපක්ෂ විසින් විරෝධය දක්වන්නේද එම ගොන් පාට් හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ වෙත සිදුවන දේශපාලන අවාසිය වළක්වා ගැනීමට ය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ගේ ආතක් පාතක් නැති මෙම වැඩ පිළිවෙළට කළ යුතු දේ සාකච්ඡා කිරීම සඳහා පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම පෙරේදා රාත්‍රියේ මෑතක් වන තුරු බැසිල් රාජපක්ෂ සමීපයේම කටයුතු කරමින් දැනට පසු බැස ඇති මන්ත්‍රීවරයෙකුගේ නිවසේ විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.

එහිදි අදහස් දක්වමින් මන්ත්‍රිවරුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් ගෝඨාභය වෙත සහය පලකිරීමට පැමිණියේ ඔහුගේ ජයග්‍රහණය සඳහා නොවන බවයි. ජනාධිපතිවරණයේදි පරාජය වීමට ගෝඨාභය රාජපක්ෂට සිදුවන බව මෙම මන්තිවරුන් පිරිස අනිවාර්යෙන්ම දන්නා බවත් ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ලබන වසරේදි පැවැත්වීමට නියමිත මහා මැතිවරණය බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

දැනටමත් ඔවුන් ඉල්ලා ඇති මහමැතිවරණය වෙනුවෙන් නාමයෝජනා ලබා දීම වැනි ඉල්ලීම් ඒ සඳහා උදාහරණ සපයන බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සිට මහ මැතිවරණයට ඉල්ලන්නේ නම් ඡන්ද 50 ක් ලබා ගැනීමේ පදමනක් ඔවුනට නැති බව ශ්‍රි ලංනීප මන්ත්‍රීවරුන් දන්නා බවත් මෙම සාකච්ඡාවේදි පොහොට්ටු පසුපෙළ මන්ත්‍රිවරුන් අවධාරණය කොට තිබෙනවා.

ලබන වසරේ මුල් කාර්තුවේදි සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් පොහොට්ටුවේ සරණින් මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තු යාමට හා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යාමට බලා සිටිනා ශ්‍රිලංනීප මන්ත්‍රීවරුන්ට එයට ඉඩ දුන්නොත් එහි අවාසිය සිදු වන්නේ පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ට බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් කෙරෙහි ඇති අප්‍රසාදය ජනතාව පොහොට්ටුවෙන් පිරිමසා ගැනීමට හැකි බවත් මෙහිදි සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

පොහොට්ටුවේ වේදිකාවට නගින ශ්‍රිලංනීප මන්ත්‍රිවරුන්ට සිය දිස්ත්‍රික්කයේම මිනිසුන් හූ කීම තුළ ඔවුන් කෙරෙහි ඇති ජනතා අප්‍රසාදය හදුනා ගත හැකි බවත් ඉක්මනින් මෙම පිරිස පොහොට්ටුවෙන් යැවීමට කටයුතු නොකළ හොත් පොහොට්ටුවේද මලගම වැඩි ඈතක නොවන බවත් ඔවුන් සාකච්ඡා කොට ඇති බවයි වාර්තා වන්නේ.

Top