Featured

ශ්‍රිලනිප 15ක් සමග එජාප ආණ්ඩුවක්!

එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය තිලක් මාරපන ඇමතිවරයා ඇතුලු කැබිනට් අමාත්‍යවරුන් එම  ධූරයෙන් ඉවත් කිරිමට ජනපති ඇතුලු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් උත්සහ දරන්නේ නම් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විමට එක්සත් ජාතික පක්ෂය දෙවරක් නොසිතන බව එජාප මන්ත්‍රී කණ්ඩායම එකමතිකව තින්දුවක් ගෙන තිබේන බව අප විශේෂ වාර්තාකරු පවසයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යධුර දරණ පිරිස් දිගින් දිගටම තිලක් මාරපන අමාත්‍යවරයා ඉලක්ක කර මඩ ගැසිමත් ඊට සාපේක්ෂව විජේදාස රාජපක්ෂ හා වජිර අබේවර්ධන අමාත්‍යවරයාටද එරෙහිව දරුණු ලෙස පහර දෙන බවද  නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාරපන තමා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යැවිමට ගත් තිරණයෙන් පසුව එජාප මන්ත්‍රි කණ්ඩායම අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දි තිබේ.

මේ අතර ජාතික ආණ්ඩුවෙන් ඉවත් වි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සීටින මන්ත්‍රිවරුන් 15 දෙනෙකු එජාපය සමග එකතුකර ගනිමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටු විමට කටයුතු කරන ලෙස ඉල්ලා එජාප මන්ත්‍රී කණ්ඩායම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනාවක්ද භාරදි තිබේ.

තවදුරටත් ජාතික ආණ්ඩුව තුල කටයුතු කිරිමට ක්‍රියා කලහොත් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධයෙන් පාක්ෂිකයින් තුල ඇතිවෙමින් තිබෙන කලකිරිම තවදුරටත් වර්ධණය විය හැකි බවත් එම නිස ඉක්මනින්ම කමකට නැති ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දි ඇත්තේ.ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුල සිටින ඇතැම් කුමන්ත්‍රණ කරුවන් මේ ආණ්ඩුව බිඳදමා එජාපයේ ඇතැම් පාර්ශවයන් එකතු කරගනිමින් ආණ්ඩුවක් පිහිටුවා ගැනිමට සුදානම් වන බවත් ඊට පෙර එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටු විමට කටයුතු කලයුතු බව මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දි තිබේ.

Top