Featured

ශ්‍රිලනිපයේ මැයි රැළි දෙක ගැන එජාපය අවුලක! මෛත්‍රී කුමන්ත්‍රණයකද?

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බෙදිමක් ඇති ව පෙන්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණ ගොනාට අන්දවමින් සිටින බවත් එහි උප්‍රක්‍රමයක් හැටියට මැයි රැළි දෙකක් පැවැත්විමට කටයුතු කිරිම හරහා එක්සත් ජාතික පක්ෂයට වඩා ජනතා බලයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඇති බව පෙන්විමට කටයුතු ර ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දි ඇත්තේ.ඒ සම්බන්ධයෙන් තොරතුරු රැස්කර සාකච්ඡා කිරිම සිය සිංගප්පූරු සංචාරයෙන් පසුව සිදු කිරිමට අගමැතිවරයා එකඟත්වය පලකර ඇති ඇති බවද එම කණ්ඩායමේ ප්‍රභලයෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

මේ අතර මැයි රැළියට පසුව සහ පාර්ලිමේන්තුවේ ගැටුමෙන් පසසුව මහින්ද රාජපක්ෂ මහතාට  රජයේ ප්‍රභල ඇමතිවරුන් කිහිප දෙනෙක් දුරකතනයෙන් කතා කොට ඇති බවත් එම සාකච්ඡා ආණ්ඩු වෙනසක් වෙනුවෙන් සිදුකර ඇති බවත්  රජයේ බුද්ධි අංශ අගමැතිවරයාට වාර්තාවක් ලබා දෙමින් සදහන් කර තිබේ. දුරකතන ටැප් නොකරන බවට යහපාලනය ලබාදුන් පොරොන්දු ඒ අකාරයෙන්ම ඉටු නොවන බව මෙම සිද්ධිය හරහා තහවුරු වන බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.

අවස්ථා ගණනාවකදි මහින්ද පිළ සංවිධානය වන සෑම අවස්ථාවකම ජනාධිපතිවරයා ඔහුන්ට සමාජයේ ඉඩ හදා දිමට උපක්‍රමශීලීව කටයුතු කර ඇති බවත් මැයි පලමු වැනිදා රැළි දෙකක් පැවැත්විමට වැඩිම බලපෑම කලේ මෛත්‍රීපාල සිරිසේන සහ ඔහු විසින් මෙහෙයවනු ලබන ශ්‍රීලනීප කණ්ඩායම බවද,මැයි රැළි දෙකක් පැවැත්විම අහබු සිදුවිමක් නොවන බව මැයි රැළිය සංවිධානය විම සහ මැයි දිනයේ ක්‍රියාකාරකම් සම්බන්ධ් අවධානය යොමු කරන ඔනෑම අයෙකුට වටහා ගැනිම අපහසු නොවන බවයි රනිල් පිළ පෙන්වා දි ඇත්තේ.

මැයි රැළිය සංවිධානය විමේදි ඇතැම් ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරණ ඇතැම් අමාත්‍යවරුන් හැසිරුණු අකාරය සම්බන්ධයෙන් එජාපයේ පිරිස් ලබාදුන් තොරතුරු වලට අනුව ශ්‍රීලනිපයේ මෛත්‍රීපාල සිරිසේනගේ පිළ යම් ඉලක්කයක් අනුව කටයුතු කරමින් සිටින බවයි ඔහුන් පෙන්වාදි ඇත්තේ.එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළියට ජනතාව සහභාගි කර ගැනිමට හැකි වුවද ශ්‍රිලනිපයේ මැයි රැළි දෙකෙහිම එකතුව ගත් විට අනාගතයේ තිරණාත්මක අවස්ථාවක බලපැමක් බවට එය ක්‍රියාත්මක විය හැකි බවයි එම කණ්ඩායමේ මතය වි ඇත්තේ.

මාධ්‍ය හරහා මැයි රැළි සම්බන්ධයෙන් ලැබුනු ප්‍රචාරයන්ගෙන්ද එජාපයට ලැබුනේ අවම ප්‍රචාරයක් බවත් සමස්තයක් ලෙස ශ්‍රිලනීප කණ්ඩායම් දෙක එම අවස්ථාවද බලහත්කාර කම හරහා ලබාගෙන තිබේන බවද ඔහුන්ගේ අදහස වි තිබේ.

මහින්දගේ හමුදා ආරක්ෂාව මැයි දිනයට කලින් ඉවත් කිරිමට අගමැතිවරයා හා ආරක්ෂක බලධාරින් හමුවේ එකඟ වි පසුව ජනාධිපතිවරයාගේ කැමත්ත මත එම නියෝගය හකුලවා යලිත් මැයි 2 වැනිදාඅ සිට ක්‍රියාත්මක කලේ මහින්දට සහ ඔහුගේ කණ්ඩායමට තවත් සටන් පාඪයක් සාදා දිමට  බවයි රනිල් පිළේ අදහස වි ඇත්තේ.

පසුගියදා පාර්ලිමේන්තුවේ මුල්‍ය පනත පරාද විම මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිරිසේන ජනාධිපතිවරයාට විධායක බලය භාවිතා කරන ලෙසට මාධ්‍ය හමුවේ කල ඉල්ලිම සම්බන්ධයෙන්ද රනිල් පිළේ අවධාණය යොමුව තිබේ.

Top