Featured

ශ්‍රීලනීපය සමග එකට ඡන්ද බෑ…..එජාපයේ කණ්ඩායමකින් රනිල්ට යෝජනාවක්

ඉදිරියේදි පැවැත්වෙන් කිසිදු මැතිවරණයක් සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඒකාබද්ධ වි තරග කිරිමට කටයුතු නොකරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට යොජනාව ඉදිරිපත් කිරිමට එජාපයේ ඉදිරි පෙළ මන්ත්‍රී කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඉදිරි මැතිවරණ සදහ තරග කිරිම සදහා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර පසුගියදා ඇතිවු සාකච්ඡාවකදි එකගත්වය පලකර ඇති අතර ඊට අදාළ ඉදීරි සාකච්ඡා සදහා ශ්‍රීලනිපයේ මෛත්‍රී පිළේන් සහ එජාපයේ රනිල් පිළේ කිහිප දෙනෙකු පත්කර ඇති අතර මේ වනවිටත් සාකච්ඡාවට කිහිපයක් මෙම කණ්ඩායම් දෙක අතර පවත්වා තිබේ.

කෙසේවෙතත් සිරිසේන ජනාධිපතිවරයා සමග වෙනම ආණ්ඩුවක් සැදිමේ සිහිනය යෙදි සිටින මෙම කණ්ඩායම මේ සම්බන්ධයෙන් එජාප නායකයාට විරෝධතාව පලකර ඇති අතර ඔහුන් එම සාකච්ඡාවට එරෙහිව අවස්ථා ගණනාවකදි සිරිසේන ජනාධිපතිවරයාටද කේළාම් කියා ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ. ඒ අනුව ඉදිරියේදි එජාපය සහ් ශ්‍රිලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරිමට එරෙහිව යෝජනාවක් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ගන එමට සුදානම් කරමින් සිටින බවයි.

එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ සන්ධානය වෙනම තරග වැදිම හරහා රටේ ජනමතය තහවුරු කිරිම පහසු වෙන බවත් මැතිවරණයේ ජය ලබන ආකාරය අනුව එක්ව කටයුතු කිරිමට තම කණ්ඩායම විරුද්ධ නැති බවද එම මන්ත්‍රී කණ්ඩායම යෝජන කර තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතාව ගොඩනැගිම සඳහා විශේෂ සාකච්ඡා වටයක් ආරම්භ කර තිබෙනවා.ඒ සඳහා පක්ෂ දෙකේම මහ ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායම් 02 ක් පත්කර ඇති අතර එම කණ්ඩායම් සැම සති දෙකකටම වරක් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතයි. පක්ෂ දෙක අතර පැන නගින ගැටලු සම්බන්ධයෙන් එහිදී වැඩි වශයෙන් අවධානයට යොමු කරනු ඇත.

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව තුළ එජාපය හා ශ්‍රීලනිපය අතර ගැටුම මේ වනවිට වර්ධනය වී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදි ශ්‍රීලනිපයේ මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමේ පිරිසක් සහ මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමේ පිරිසක් එක්ව එජාපයට විරුද්ධව කටයුතු කරමින් සිටින බවට අගමැතිවරයා සහ ජනාධිපතිවරයාට බුද්ධි අංශ වාර්තා කර තිබේන බවද අප වාර්තාකරු අනාවරණය කළා.

Top