ලෝකයා

ශාස්ත්‍රීය මංකොල්ලකරු සරත් විජේසුරිය උපාසක මහතාගේ බණ

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු කියාගන්නා මහාචාර්ය සරත් විජේසූරිය යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඊයේ වහ වහා මාධ්‍ය හමුවක් කැඳවා ඔහු මුදල් අවභාවිත කිරීම ගැන කරුණු පැහැදිලි කළේය. නීතිය හමුවට පුද්ගලයන් කැඳවීම පලිගැනීමක් නොවන බවත් කොටින්ම මෙය කැලෑ නීතිය නොවන බව කීවේය. වංචා දුෂණ සම්බන්ධයෙන් වැරදි කරුවන් නීතිය හමුවට පමුණුවන බවට ජනතාවට පොරොන්දු වී බලයට පත් මේ ආණ්ඩුව එම කාර්ය මෙතෙක් නොකළේ මන්ද යන්නත් මේ මහාචාරි තැන ප්‍රශ්න කළේය.

වංචා දුෂණ සම්බන්ධ වැරැදිකරුවන් සාධාරණ ක්‍රමයකට නීතිය හමුවට පමුණුවන්නේ නම් යෝෂිතට කලින්ම වැලිකඩ සිටිය යුත්තේ මේ උගත් මහාචාරියාය. මන්ද ඔහු ශාස්ත්‍රීය මංකොල්ල කාරයෙකි. මේ මහත්මයා විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රය යයි ප්‍රකාශන ආයතනයක් අරඹා ලේඛකයකු ඉතා මහන්සියෙන් දුක්විද පළ කරන කෘතියකට ලැබෙන 10% ඉතා සුළු මුදල (කර්තෘ භාගය) පවා කොල්ල කෑ මෘග්ධයකු වෙයි. අනුන්ගේ බුද්ධිමය ශ්‍රමය සහාසික ලෙස කොල්ලකෑමට ලක්වූ ප්‍රකටම ලේඛිකාව වන්නේ චින්තා ලක්ෂ්මී සිංහආරච්චිය. ඇය මියගිය විට පෙට්ටියක් ගැනීමට වත් මුදල් නොදුන් මේ ශාස්ත්‍රීය මංකොල්ලකරු කිසිම සදාචාරයක් නැති ගානට ප්‍රථම මුද්‍රණය ලෙස නව මුද්‍රණ වර්ෂ සඳහන් නොකොට අවුරුදු පතා පොත් අච්චු ගසමින් ඇගේ කෘති අයථා ඉපැයීම් මාර්ගයක් කර ගත්තේය. දැන් අනුන්ගේ මුදල් අවභාවිතය ගැන මාධ්‍ය සාකච්ඡා කැදවා රටවැසියන්ට කරුණු කියන්නේ තම උගත්කමටත් නොගැලපෙන හොරවැඩ කළ තක්කඩියකි.තමන් ශිල්ප උගත් පොත-පතම අයථා මුදල් ඉපැයීමේ මාර්ගයක් කර ගැනීම ගැන ඔහු අන් කාටත් වඩා ලජ්ජා වියයුතුය. මෙවැන්නකු පෙරටු කොටගෙන අද මේ සංවිධානය පවා කරන්නේ “සාධාරණ සමාජයක්” යන වචන දෙක පවා අපහරණය කිරීමකි. අද ලංකාදීපයේද මේ මාධ්‍ය සාකච්ඡාව ගැන වාර්තා කර තිබෙන අයුරු දුටු විට අපට සිහිපත් කරවන්නේ සක්විති රණසිංහ දඩුවම් මුදලාලි වැන්නෙකු සොරකමේ අදීනව ගැන ජනතාවට බණ කියාදෙන ආකාරයකි.

පහත පළවන්නේ මේ මාධ්‍ය සාකච්චාව 2016.02.02 ලංකාදීප වාර්තා කරතිබූ ආකාරය සහ චින්තා ලක්ෂ්මී ගේ පොත් හොරා කෑ ආකාරය රිවිර පුවත්පත ප්‍රශ්න කළවිට පළමුව දුරකථනය විසන්ධි කොට නැවත නැවතත් ගත්විට ඕක පත්තරෙන් කතා කරලා තේරුමක් නැහැ. ඔය සාකච්චාවෙන් මාව අයින් කරලා දාන්න. ඕකට සම්බන්ධ වෙන්න මම කැමති නැහැ කියා නැවතත් දුරකථනය විසන්ධි කොට පලා ගිය ආකාරය පුවත්පත වාර්තා කර තිබූ අයුරු.

රත්නදෙණියේ මේධානන්ද හිමි

SARATh

Top