Featured

ශිරාල් වාහාම දොට්ට දමනු! රනිල්ගෙන් සිරිසේනට නියෝගයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මුවාවි තමන්ට් එරෙහිව කුමන්ත්‍රණ දියත්කරන ශිරාල් ලක්තිලක සහ මලික් ජයතිලක සම්බන්ධයෙන් වහාම ජනපති විසින්ම තින්දුවක් ගැනිමට කටයුතු කලයුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිසේන ජනාධිපතිට දැන්වු බව රනිල් පිළේ ප්‍රභලයන් අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කළා.

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ජනාධිපතිට සමීප කල්ලිය දියත් කර ඇති කුමන්ත්‍රනකාරි මෙහෙයුම තවත් පුළුල් කර ඇති බවත් පසුගියදා එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය මැතිවරණය සඳහා ඉදිරිපත් වූ වෙනත් පක්ෂ නියෝජයනය කළ කණ්ඩායමේ ප්‍රබලයන්, එක්ව එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව වෙනම දේශපාලන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම සඳහා ‘Make Sri lanka Great’ නමින් ප්‍රචාරක ව්‍යාපාරයක්ද දියත් කිරිමට සුදානමින් සිටින බව රනිල් පිළ අගමැතිවරයාට අවධාරණය කර තිබේ.

මහ බැංකු අධිපතිවරයාට ඉවත් කිරිමට බලපෑම් කරන මුවාවේන් විපක්ෂයේ කණ්ඩායම් සමග එකෙතු විමට අදාළ කුමන්ත්‍රණකාරීන් කටයුතු කරන බවත් ඒ සදහා ශිරාල් ලක්තිලක කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකොන්, උලපනේ සුමංගල ඇතුළු පිරිසකට රනිල් විරෝධි සිවිල් සංවිධාන අතකොලුවක් කර ගනිමින් කටයුතු කරන බවයි අනාවරණයි වි ඇත්තේ.

ස්වාධීන රූපවාහිනිය වැනි ගමේ ජනතාවට සමිප මාධ්‍ය මෙන්ම කීළී මහාරාජාගේ සිරස නාලිකාව මේ සදහා යොදවා ගන්නා බවත් ඒ හේතුවෙන් ස්වාධීන රූපවාහිනියේ සභාපති ධුරයේ වැඩ බැලිම සහදා අග්‍රමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා පත්කිරිමටද අගමැතිවරයා තින්දුවක් ගත් අතර ඉදිරි දිනකිහිපය තුල ගුවන් විදුලි සංස්ථාවේ සභාපති  මෙන්ම ශ්‍රිලංකා රූපවාහිණියේ සබාපති ධුරය සදහාද රනිල් වාදියෙකු පත්කිරිමට නියමිත බවයි එජාප රනිල් පිළ අනාවරනය කළේ.

http://www.lankanewsweb.today/archives/11273

Top