LNN SPY

සජිත්,කරු කපා නවීන් අගමැති කමට!… මෛත්‍රී පිළ විපක්ෂයට….. විපක්ෂ නායක කම අනුරට!

Published 2018/02/13 – පැය ගණනක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවලදි සති දෙකක් ඇතුලත ආණ්ඩුව තනිව එක්සත් ජාතික පක්ෂයට පිහිටුවිමටත් නව අගමැතිවරයෙකු පත් කිරිමට එකඟතාවයකට පැමිණ ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසුරිය අගමැතිවරයා ලෙස නම් කරන ලෙසට ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් කල ඉල්ලිමට රනිල් අකමැත්ත පලකර ඇති අතර ඒ වෙනුවට නවීන් දිසානායක පත්කිරිම සදහා යම් එකඟතාවයක් ඇති කරගෙන තිබේ.

ජාතික ආණ්ඩුව අවසන් බවත් තවදුරටත් ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑම හේතුවෙන් එක්සත් ජාතික් පක්ෂයේ ඡන්ද පදනමට බරපතල ලෙස හානී සිදුවන බවත් ජාතික ආණ්ඩුවේන් පමණක් නොව අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් විය යුතු බවට එජාපයේ පසුපෙස මන්ත්‍රීවරුන් දිගින් දිගටම් කැරැල්ල දියත් කල අතර පසුව මේ සමබන්ධයෙන් ඊයේ රාත්‍රීයේ සිට අද අලුයම දක්වා සාකච්ඡා පැවති අතර අවසානයේ වත්මන් තින්දුවට පැමිණ ඇති අතර ඒ පිළිබඳව සාකච්ඡා කර සති දෙකක් ඇතුලත ආණ්ඩුව සදා අවසන් කරන ලෙසයි ජනපති උපදෙස් ලබා දි ඇත්තේ.

කෙසේවෙතත් අගමැතිවරයා සදහන් කර ඇත්තේ තමන්ට ඒ සදහා සතී දෙකක කාලයක් අවශ්‍ය නොවන බවයි.

මේ අතර එජාප තනි ආණ්ඩුවක් සදහා ජනාධිපතිවරයා මුලදි අකමැත්ත පලකර සිටියද පසුව ශ්‍රිලනීප ජ්‍යෙෂ්ඨයන් සමග තනිවම කල සාකච්ඡාවේදි තවදුරටත් ආණ්ඩු නොකිරිමටත් එජාප තනී ආණ්ඩුවක් සමග ගණුදෙනු කිරිමටත් සිය අකමැත්ත එම ජ්‍යෙෂ්ඨයන් දැඩි ලෙස පලකර ඇති අතර ඒ වෙනුවට විපක්ෂයේ අසුන් ගනිමින් විපක්ෂයේ කාර්යභාරය ඉටුකල යුතු බවයි ඔහුන්ගේ අදහස වි ඇත්තේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එජාපය සමග ආණ්ඩුවක කටයුතු කිරිමට කැමති මන්ත්‍රීවරුන්ට එජාප නව ආණ්ඩුව සමග එකතු වන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දි ඇති අතර පරාජය වි මෛත්‍රීගේ ජාතික ලැයිස්තු පිහිටෙන් පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනිමට ජනපතිගෙන් ඉල්ලිමක් කර ඇති අතර ඒ සදහාද ජනාධිපතිවරයා අවසර ලබාදි තිබේ.

මිට අමතරව විපක්ෂයේ අසුන් ගන්නා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අතරින් අයෙකු විපක්ෂ නායක ලෙස පත් නොකර ඒ සදහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විපක්ෂ නායක ලෙස පත් කිරිමටද ශ්‍රිලනීප ජ්‍යෙෂ්ඨයන් යෝජනා කර තිබේන අතර ඒ සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තින්දුවක් ගෙන් නැති බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

මෛත්‍රී යන්නේ කොයි පාරේ…අප කල අනාවරණය කියවන්න ….. ජාතික ආණ්ඩුව අවසන්-මෛත්‍රී පිළ විපක්ෂ නායකකම ගනී…ඒකාබද්ධය කඩන්න ප්ලැන් A ක්‍රියාත්මකයි

http://198.211.112.164/archives/14724

එජාපය අර්බුදය ………

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය තනිවම ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඒ සදහා ඇතිවන ප්‍රධානම අභියෝගය වි ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති එක්සත් ජාතික පක්ෂයට තවත් පක්ෂයක හෝ වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමයි.

එසේ සිදුකරන්නේ නම් ඔවුන්ට ඇමතිකම් ඇතුළු වරදාන වරප්‍රසාද රාශියක් පිළිගැන්විය යුතුව ඇති නමුත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 වන වගන්තියට අනුව කැබිනට් මණ්ඩලය 30 ට වඩා වැඩි කළ හැකිවන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගත් පක්ෂය සහ ඊට දෙවනුව ගත් පක්ෂයයි අතර සන්ධානයක් වුවහොත් පමණි. 46 (5) වගන්තියෙන් මෙය අර්ථ ගන්වා තිබිම නිසාය.

රනිල් වික්‍රමසිංහ මහතා තනි ආණ්ඩු සංකල්පයට පිවිසීම යනු මෙම 46(5) වගන්තියෙන් බැහැර වන බව වන අතර එහිදී ඔහුට ඉතිරිවන්නේ කැබිනට් ඇමතිවරුන් 30 ක්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 40 ක් පමණි. එනම් මුලු ඇමතිවරුන් ප්‍රමාණය 70 නොඉක්මවිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(1) වගන්තියෙන් දක්වා තිබේ.

Top