Featured

සන්ධාන අනාගත සහතිකයෙන් එජාපය තක්කු මුක්කු වේ- සාකච්ඡාවෙන් සජිත් කර අරී

පරාජයේ පෙනෙන මානයේ සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කොලු ඇම්බැට්ටයන් සියලු දෙනා අද රාත්‍රී(28) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සිය සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම හරහා සමාජයට විශාල බලපෑමක් එල්ලකර තිබේන බවත් ඒ හරහා යන්තම් හෝ සන්ධාන ගතව එජාප ආණ්ඩුවක් පිහිටුවිමට තිබු අවස්ථාව මේ වනවිට අහිමි වෙමින් යන තත්ත්වයක් උදාවි ඇති බවයි එහිදි එජාප නායක රනිල් වික්‍රමසිංහ පෙන්වා දි ඇත්තේ.

ඉදිරි දින කිහිපය තුල එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ මෙහෙයුම වේගවත් වනු ඇති බවත් එයට මුහුණ දිමට පක්ෂයේ සංවිධායකින් සහ අපේක්ෂකයන් සුදානම් කලයුතු බවද එහිදි අවධාරණය කර තිබේ.මේ වනවිට විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා කෝටි ගණන් මුදල් යොදවා ප්‍රචාරක කටයුතු සිදුවන ආකරය සම්බන්ධයෙන් පැහැදිලි කිරිමක් එම සාකච්ඡාවේදි කර තිබේ.

මේ අතර මෙම සාකච්ඡාව සදහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කර තිබුනද ඔහු සහභාගි වි නොසිටි බව එජාප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු සදහන් කළා.අවස්ථා කිහිපයකදි රනිල් වික්‍රමසිංහ මහතා සජිත් සම්බන්ධයෙන් විමසා සිටි බවද ඔහු සදහන් කළා.

Top