LNN SPY

සභාපතිතුමෝ… මේ කවුද? මොනවාද කරන්නේ?… කොමිසමේ රෙද්ද පල්ලෙන් බේරෙන මාධ්‍ය නිදහස!

Published on: Nov 2, 2019 –2019 ජනාධිපතිවරණයට ඇත්තේ හරියටම තව දවස් 14ක් පමණයි. ජනාධිපතිවරණ සටන උණුසුම් වෙද්දි අසත්‍ය ප්‍රචාර, මඩ, අවලාද, හූ හඩ අතරේ මාධ්‍ය වල හැසීරීම ද මේ වන විට දේශපාලන කරලියේ සාකච්ඡාවට ලක් වන කරුණක් බවට පත් වී තිබේ.

විශේෂයෙන්ම ජනාධිපතිවරණ සටන ආරම්භයේ සිටම අමුතු මාධ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කරමින් පෞද්ගලික මාධ්‍ය විසින් සිදු කරන ඕනෑම මැතිවරණ නීති උල්ලංඝනයකදි, මාධ්‍ය උපමාන උල්ලංඝනය කිරීමකදි මෙන්ම එම පෞද්ගලික මාධ්‍ය වල හිමිකරුවන්ට දේශපාලන ආර්ථික හෝ පෞද්ගලික වාසි ලබා නොදෙන නිසා එම හිමිකරුවන් අකමැති ජනාධිපති අපේක්ෂකයන්ට ව්‍යාජ, පදනම් විරහිත පුවත් මවමින් පහර දෙද්දි මඩ ගසද්දි දැස දෙකන වසා නිසොල්මනේ සිටින මැතිවරණ කොමසාරිස්වරයාගේ ක්‍රියා කලාපය නිසා මෙම තත්ත්වය වර්ධනය වී ඇත.

මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයා අද ස්වාධීන රූපවාහිනි සේවයට තහංචි දමමින් පවසා සිටියේ ජනාධිපතිවරණය හෝ දේශපාලන වාතාවරණය සම්බන්ධ කිසිම වැඩසටහනක්, සංවාදයක් සජීවි ලෙස විකාශය කිරීම අත්හිටුවන ලෙසත් සියලුම වැඩසටහන් පටිගත කොට එයට මැතිවරණ කොමිසමේ අනුමැතිය ලබා ගෙන විකාශය කළ යුතු බවත් ය.

ITN එකට මෙම තහනම පැනවූයේ තම කීර්තිනාමය එහි විකාශය වූ වැඩසටහනක් නිසා විනාශ වූ බවට ගෝඨාභය රාජපක්ෂ විසින් කළ පැමිණිල්ලක් අනුවය.

නමුත්මෙතන ප්‍රශ්නය ඇත්තේ ITN හි වරද පේන මැතිවරණ කොමසාරිස්වරයාට හිරු හා දෙරණ නාලිකා වල දේ නොපැනීමයි. පසුගියද කොළඹ තොට ලඟ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූ හිටපු අමාත්‍ය ෆවුසිගේ උච්චාරණ අපහැදිළිකම් හේතුවෙන් කරන ප්‍රකාශයක් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කළ යුතු බව පැවසූ බවට හිතාමතා ව්‍යාජ ලෙස නිර්මාණය කරමින් රටේ ජාතිවාදී කලබල ඇති කිරීමේ අරමුණින් සිය ප්‍රධාන 6.55 ප්‍රවෘත්ති ප්‍රකාශයේ පල කළ හිරු නාලිකාව ඉදිරියේ මැතිවරණ කොමසාරිස් නිහඬය.

හිරු දෙරණ නාලිකා දෙකම ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් කඩේ යන්නේ මේ රටේ ජනතාව පිළිබඳව උපන් කැක්කුමකින් නොවේ. හිරු ට අවශ්‍ය සිය ප්‍රධානියාගේ සහෝදරයා ජනාධිපති සමාවක් මගින් එළියට ගැනීමටයි.

දෙරණේ ප්‍රාධානියා දිලිත් ජයවීරට අවශ්‍ය වන්නේ සල්ලි ය. ගෝඨාභය රාජපක්ෂගේ සියළුම ප්‍රචාරණ වැඩ මෙහෙයවන්නේ දිලිත් ට අයත් ඇඩ්වර්ටයිසින් ෆ්ර්ම් එක හරහා ය. දිලිත් හා රාජපක්ෂවරුන් අතර සම්බන්ධය අද ක ඊයෙක ඇති වූවක් නොවේ. රාජපක්ෂ පාලන කාලය තුළ ත්, 2015 සිට මේ වත තුරුත් රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි සුදු කලේ දිලිත් හරහා ය.

නමුත් එම සම්බන්ධය වඩාත් ප්‍රසිද්ධ නොකරන්න ට දෙපාර්ශවයම ප්‍රවේසම් විය. එහෙත් ස්වාධීන කොමිෂන් සභාවක් කියා ගනිමින් පක්ෂපාතී ව කටයුතු කරන මැතිවරණ කොමිසමට පිං සිදු වන්නට අද එළිපිටම ගෝඨාභය රාජපක්ෂ සමඟ ඇති සම්බන්ධය පෙන්වීමට දිලිත් කටයුතු කරයි.

පහත ඡායාරූපය අද (02) ගනේමුල්ලේදි ලබා ගන්නා ලද්දකි.

ගෝඨා සමඟ එකට කන, බොන, යන, එන දිලිත් ජයවීර තම මාධ්‍ය ජාලය භාවිතා කොට සජිත්ට මඩ ගැසීම සිදු නොකරන්නේ ඇයි?

මේ සියල්ලම දකිම්න් මැතිවරණ කොමසාරිස් නිහඬ වන්නේ ඇයි දැයි අපි දනිමු. රාජපක්ෂ පවුලේ බඩපිස්සා සමඟ මැතිවරණ කොමසාරිස්වරයා අතර ඇති යාලුකම මැතිවරණ කොමසාරිස්වරයාගේ දෑත් බැඳ ඇති බවද අපි දනිමු.

රාජපක්ෂවරුන් මේ ගෙනියන්නේ 2015 සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ගිය වැඩපිළිවෙළමය. එදා රාජ්‍ය මාධ්‍ය ආයතන සිරිසේන ජනාධිපතිවරයාට තහනම් විය. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයක් පවා තීරණය වූයේ රජ ගෙදරදීය. අද එසේ නොවේ. යහපාලනය එයයි. නමුත් ගැටළුව ඇත්තේ ජනතාවට අයත් කොමිසම් සභාවක දෙබිඩි පිළිවෙත ය.

බලා සිටිමු. ඔංචිල්ලාවද දෙපැත්තට පැද්දෙන බව අමතක නොකළයුතුය

Top