Featured

සම්බන්ධන් ගැන කියු නිළධාරි කඳවුරෙන් ඉවත් කරයි

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු එම පක්‍ෂයේ දේශපාලනඥයන් පිරිසක්‌ කිලිනොච්චියේ පිහිටි යුද හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් රටට අනාවරණය කල බව කියමින් කිළිනොච්චිය පරවිපච්චාන් හමුදා කදවුරේ ඉහල පෙළේ හමුදා නිළධාරින් 5 දෙනෙකු වහාම කදවුරෙන් ඉවත්කර විනය පරික්ෂණ පැවැත්විමට කටයුතු කර තිබේන් බව යාපනය අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

දෙමළ ඊළාම් විමුක්ති කොටි දේශපාලන අංශයේ ප්‍රධාන කාර්යාලය, සාම මහ‍ලේකම් කාර්යාලය, දෙමළ ඊළාම් බැංකුව, විමුක්ති ‍කොටින්ගේ සැලසුම් කාර්යාලය, විමුක්ති කොටි කාන්තා අංශ මූලස්ථාන කාර්යාලය යනාදිය ක්‍රියාත්මක වූ ප්‍රදේශ හමුදා අධි ආරක්‍ෂක කලාප ‍ලෙස නම්කර තිබේන පරවිපච්චාන් හමුදා කදවුරට ඉකුත් 16 වැනිදා සවස 3.00 ට පමණ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් එම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් වන ශ්‍රීධරන් සහ සුමන්දිරන් ඇතුළු සාමාන්‍ය වැසියන් පනහකට ආසන්න පිරිසක්‌  කඩා වැදී ඇත්තේ කිසිදු අවසරයකින් තොරවය.

මේ සම්බන්ධයෙන් අප කල අනාවරණයසම්බන්ධන් අධි ආරක්‍ෂක කලාපයට බලෙන් කඩා පනී

පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන්  යුද හමුදා ආඥපතිවරයා උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට පැමිණිල්ලක්‌ද කර තිබුනද පොලිස්පතිවරයාගේ නියෝග මත එම පැමිණිල්ල පිළිබඳව පරික්ෂණ කිරිම නවතා දමා තිබේ.පසුව දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කරන ලද චොදනා හමුවේ පොලිසිය පරීක්‍ෂණය ආරම්භ කර ඇති අතර  එම කඳවුරේ හමුදා නිලධාරීන් සහාය දැක්‌වීමට පසුබෑම නිසා පරීක්‍ෂණය කරගෙන යැමට නොහැකි බව පොලිසිය පවසා තිබේ.

තත්ත්වයක්‌ උදාවී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා කිලිනොච්චිය පොලිසිය වෙත ඉදිරිපත් නොවන ලෙස ඉහළ හමුදා නිලධාරීන් තමන්ට නියෝග ලබාදී තිබෙන බව කිලිනොච්චිය පරවිපච්චාන් කඳවුරේ නිලධාරීන් පොලිසියට දැනුම්දී තිබේ. මෙම සිද්ධියට මුහුණ දුන් නිලධාරීන්ගෙන් ප්‍රකාශ  ලබා නොගෙන මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට නොහැකි බව පොලිසිය පවසයි.

Top