LNN SPY

සම්බන්ධන්ගේ ඇමැතිකමට වැටුන හෙනහුරෝ ….මනෝගේ යෝජනාවෙන් TNA ගැස්සේයි…

ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා විසින් දරනු ලබන විපක්‌ෂනායක ධුරය වැඩි පිරිසක්‌ සිටින දේශපාලන පක්‌ෂයකට ලබා දී ඒ වෙනුවට රජයෙන් අමාත්‍ය ධුරයක්‌ ලබා ගැනීම ඉතාම උචිත බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා ගෙන අ යෝජනාවක් හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අර්බුදයකට ලක්ව සිටින බව වාර්තා වේ.

උතුරේ දෙමළ මාධ්‍යවේදීන් සම්බන්ධන් මන්ත්‍රීවරයාගෙන් රජයේ අමාත්‍ය ධුරයක්‌ ලබා ගැනීමට කැමති දැයි විමසූ අවස්‌ථාවේදී ඔහු ඊට අකැමැත්තක්‌ පළ කොට නොමැති අතර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ මේ යෝජනාව ඉතාම කල්පනාකාරීව සලකා බැලිය යුතු යෝජනාවක්‌ බවයි.

එමෙන්ම මෙවැනි යෝජනාවක්‌ ඉදිරිපත් වීම සාධනීය කරුණක්‌ බවත් යෝජනාව ඉදිරිපත් වූයේ රජයෙන් නොව රජයේ අමාත්‍යවරයකුගෙන් නිසා ඒ පිළිබදව කිසිම හදිසියක්‌ නැතැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට තිබේ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් දෙමළ භාෂාවෙන් ලියන ලද ”විනිසුරුවරයෙක්‌ කතා කරයි” නැමැති ග්‍රන්ථය එළිදැක්‌වීම සඳහා යාපනය වීරසිංහම් ශාලාවේදී පැවති උත්සවයේදී ද මේ ගැන ඇදී තිබේ. එහිදී දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රීවරු සම්බන්ධන් මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ රජයේ අමාත්‍ය ධුරයක්‌ ලැබීම ආභරණයක්‌ වනවා මිස ඉන් දෙමළ ජනතාවට කළ හැකි දෙයක්‌ නොමැති බවය.

මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු උදාහරණ වශයෙන් ගෙනහැර දක්‌වා ඇත්තේ එම්.ඩී. ස්‌වාමිනාදන් මහතාගේ අමාත්‍ය ධුරයයි. ඔහු දෙමළ ජාතිකයකු වුවත් දෙමළ වැසියන් උදෙසා කිසිවක්‌ කළ නොහැකි බව සෙසු දෙමළ මන්ත්‍රීවරු සම්බන්ධන් මන්ත්‍රීවරයාට පැහැදිලි කොට දී තිබේ.

Top