Political

සයින්දමරැදු වලින් කෙළවාගත් මහින්ද ජාතිවාදයේ ඉර අදී! ඇමරිකානු තානාපති ලග කට මුට්ටු වු මහින්ද සුද්දන්ට බණ දෙසයි… රාජපක්ෂලාගේ බොරු දේශප්‍රේමයට ඔබ යලිත් හසුවේනවාද?

Published on: Feb 19, 2020- සයින්දමරැදු නගර සභාවක් ලබාදෙමින් මුස්ලිම් අන්තවාදින්ට කප්පම් ලබාදි ලංකා ඉතිහාසයේ බරපතම වරද සිදුකල මහින්ද රාජපක්ෂ යලිත් සිය අධම දේශ්‍රප්‍රේමිත්වය සමාජ ගත කරමින් අම්බනකට පස්ස බිම ඇණී යන එනමං නැතිව සිට 69 ලක්ෂයක් වු රාජපක්ෂ අසූචී බුදින්නන්ට ඉන්ජේක්ෂන් එකක් ලබාදිමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30/1 යෝජනාවට තඩ්බාන්නට පටන්ගෙන තිබේ.

එක්සත් ජනපද කොංග්‍රස් සභිකයින් දෙදෙනෙක් සහ ශ්‍රි ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවු අවස්ථාවේ ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් ඇටිකෙහෙල් කෑ රිලවෙකු මෙන් සිටි මහින්ද අද හදිසියේම නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/ 01 යෝජනාව ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වය තුළින් පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය ඉවත් වීමට රජය තීරණය කර ඇති බව සදහන් කර තිබේ.

වෙනත් රටවලට අපගේ ආරක්ෂක අංශ සාමාජිකයින්ට මෙලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයින් ලෙස නම් කිරිමට අවකාශ ලැබී ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ගිය යහපාලන ආණ්ඩුව 2015 වසරේදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබු 30/01 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැරීමෙන් කළ ඓතිහාසික පාවාදීම නිසා බව ද, අග්‍රාමාත්‍යවරයා මෙහිදි උලුප්පා පෙන්වා දිමට උත්සහ කර තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ (US Secretary of State, Michael Pompeo) විසින් එක්සත් ජනපදයට පැමිණීමට එරෙහිව ශ්‍රී ලංකා හමුදා අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සංචාරක තහනමක් පැනවිමට කටයුතු කල අතර ඒ සදහා මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාට ඇති ඔප්පු ක්ල චොදනාද ඔහු ශ්‍රි ලංකා රජයට දන්වා එවා තිබුනා.

බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරුණු එම නිර්දේශ ඇතුළත් 30/1 යෝජනාව 2015 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කෙරුණ අතර පසුව 2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ 30/1 යෝජනාවේ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට වසර දෙකක් ලබා දෙන ලදී.

Resolution adopted by the Human Rights Council on 1 October 2015,

30/1. Promoting reconciliation, accountability and human rights in Sri Lanka

අවශ්‍යනම්  කියවන්න – http://nirmin.gov.lk/web/images/pdf/unhrc-resolution-30.pdf

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබු 30/01 යෝජනාවෙන් මහින්දගේ ආණ්ඩුවට ඉවත් වි ගමනක් යෑම්ට අවශ්‍ය නම් එය කිය යුත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මිසක් රටේ ජනතාවට නොව.ශ්‍රි ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් ඉදිරියේ කසාය ගොලුවා මෙන් නොසිට ෂවේන්ද්‍රගේ තහනම ඉවත්කරන ලෙස කෙලින් කියන්නට මහින්දට තිබුනි. අනිත් අතට සයින්දමරැදු නගර සභාවක් ලබාදෙන අවස්ථාවේ ඔබ හෝ බැසිල් හෝ ගෝඨාභය හෝ ආණ්ඩුවේ වගකිවයුතු කිසිවෙකුත් රටේ ජනතාවට නිවේදන නිකුත් කළේ නැති බව මහින්දට අමතකද?

උපුටා ගැන්ම මහින්දගේ නිවේදනය…

“අපේ රටේ යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුල මත මධ්‍යතන යුරෝපයේ සාමූහික දඩුවම් සිහිගන්වන ආකාරයේ සාමූහික ගමන් තහන්චියක් පනවා තිබුණද, යහපාලන හවුල එය හෙළා දැක නැත. එ.ජා.පයේ ලක්‍ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා, මේ ගමන් තහන්චිය පැනවීම අපේ ආණ්ඩුවේ වගකීමක් යැයි කියා, තම පක්‍ෂය 2015 කළ මහා පාවාදීම වසන් කිරීමට උත්සාහ දරයි.”

“ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ මොහොතේ ඇමරිකාව විසින් යුද හමුදාපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මත මේ ආකාරයට ගමන් තහංචි පනවා ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයක් ලබා දීමේ කුමන්ත්‍රණයක් (ඩීල් එකක්) නිසා බවය.”

“දෙමළ ජාතික සන්ධානය නම් ඇමරිකාව විසින් යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුල මත පැනවූ සාමූහික දඩුවම ගැන කෙළින්ම ප්‍රසාදය පල කොට ඇත. 2015 දී එජාප ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දක්වන විට ඊනියා අධිරාජ්‍ය විරෝධීන් යැයි කියාගන්නා ජනතා විමුක්ති පෙරමුණ එයට කිසිදු විරෝධයක් දැක්වූයේ නැති බවත් මෙහිදී ජනතාව සිහියේ තබාගත යුතුය.”

උපුටා ගැන්ම අවසන් …..

මහින්දගේ එම නිවේදනයට අනුව ඉතාම් පැහැදිලි කරුණ් වන්නේ මෙම මාධ්‍ය නිවේදනය රටේ රාජපක්ෂවාදි අම්බරුන්වට ජාතිවාදි ඔක්ෂිජන් සැපයීම වෙනුවෙන්ම් ලියවුනු එකක් බවය.එම නිවේදනය හරහා ගම්‍ය කිරිමට මහින්දට අවශ්‍ය වි ඇත්තේ සුපුරුදු රණවිරු ගාය මතුකර ගැනිමය.ඒ හරහා මේ මොහොතේ තමන් විසින් කප්පමට ලබාදුන් නගර සභාව සම්බන්ධයෙන් ජනතාව තුල මතුවන අප්‍රසාදය වසා ගැනිමය. රාජපක්ෂ නොවන මාධ්‍ය හරහා සහ සමාජ ජාලා හරහාද පොදුවේ ශවේන්ද්‍රට වැටුනු තහනම ගැන අදහස් පලවු බව රැට රැට ජොනිගේ අරක්කු බී බමනමතින් නලියන මහින්ද නොදකින්නට වුවත් රටේ ජනතාව ඔනෑතරම් දැක තිබේ. දේශපාලනය කිරිමේ වරදට දැඩි දඩුවම් ලැබු සරත් ෆොන්සේකා පවා තමන් යටතේ කටයුතු කල නිළධාරියා වෙනුවෙන් පෙනී සිටියේ අව්‍යාජ්‍යවමය.

උපුටා ගැන්ම මහින්දගේ නිවේදනය…

යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුලට එරෙහිව පනවා ඇති සාමුහික දඩුවම ගැන ඇතිවී තිබෙන කථිකාවෙන් පෙනෙන්නේ මේ රටේ දේශපාලන බෙදීම පවතින්නේ එක් පැත්තකින් රට ජාතිය ගැන හිතන දේශ මාමක බලවේගයත්, අනෙක් පැත්තෙන් රට පාවාදීමට අවස්ථාවක් එනතුරු බලා සිටින උපන් ගෙයි දේශද්‍රෝහීනුත් අතර බෙදීමක් හැටියට බව නොවෙද?

උපුටා ගැන්ම අවසන් …..

නිවේදනයේ අවසාන කොටසින් මහින්දගේ ඇජෙන්ඩා එක පැහැදිලිය.එනම් ආපසු පරන දේශ්‍රප්‍රේමි/දේශ්‍රද්‍රෝහී රේඛාව යලිත් තමන්ට අවශ්‍ය බවය.මන්ද ඒ ඉර ඇදගත් පසුව රටේ ජනතාව ගොනාට අන්දවා හොරකම් සියල්ල කිරිමට මෙන්ම තමන්ගේ පරපුර කල සියලුම දුෂණ,වංචා,ඝාතනය වසා ගැනිමට හැකි බව මහින්ද හොදින්ම දන්නා නිසාය.යුද්ධය අවසන් වු කාලයේම ජාත්‍යන්තරය ඉදිරියේ ඉංග්‍රීසියෙන් දෙකට නැමී,ලංකාවේ ජනතාවට සිංහලෙන් බන දෙසු අයුරු රටේ ජනතාව අමතකනම් මතක් කර ගැනිම ඇගට ගුණය.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ…

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයාට හා ඔහුගේ පවුලට එ‍රෙහිව සාමූහික ගමන් තහන්චි පැමිණවීම

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇමරිකාවට ඇතුල් වීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. අපි දැන් සිටින්නේ 21 වෙනි සියවසේ වුවත්, යුරෝපයේ මධ්‍යතන යුගයේ සිදු වූ සාමූහික දඩුවම් සිහිගන්වමින්, කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනාවකටවත් ලක් වී නැති යුද හමුදාපතිවරයාගේ බිරිඳ හා දරුවන් මතත් එම තහන්චියම පනවා තිබේ. මෙහි ඇතිසාධාරණය කුමක් දැයි ජනතාව තීන්දු කළ යුතුය.

යුද හමුදාපතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි චෝදනා කලද, ඒ චෝදනා මොනවාදැයි කිසිවෙකුත් දන්නේ නැත. නීති ප්‍රකාරව වැරදිකරුවෙකු වෙනතුරු අපරාධයකට චෝදනා ලැබුවෙකු වුවද නිර්දෝශී ලෙස සැලකිය යුතු බවට සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුතියේ සඳහන් වුවත් ශ්‍රී ලංකාවේ හමුදාපතිවරයාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම නියමය බලපාන බවක් පෙනෙන්නට නැත. අපගේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය වෙත දැඩි විරෝධය ප්‍රකාශ කර ඇත.

වෙනත් රටවලට අපගේ ආරක්‍ෂක හමුදා සාමාජිකයන් මේ ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන් හැටියට නම් කිරීමට අවකාශය ලැබුණේ, එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ගිය යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ අංක 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් කළ ඓතිහාසික පාවාදීම නිසාය. මේ යෝජනාවේ පළමු ක්‍රියාකාරී වගන්තියේම, 2015 සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමාසාරිස් කාර්යාලය විසින් ලංකාවේ සන්නද්ධ හමුදා මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සම්පාදනය කර තිබූ වාර්තාව අගය කර තිබුණි.

මෙකී වාර්තාව

ඊට කළින්, 2011 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා, එම ආයතනයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියට පිටින් පත් කොට තිබු නිල නොවන ත්‍රි පුද්ගල කමිටුවක වාර්තාව මත පදනම්ව තිබුණි. ඒ ආකාරයට, යුද්ධය අවසන් වූ කාලයේ සිට අපේ ආරක්‍ෂක හමුදාවන්ට එරෙහිව නොයෙක් පාර්ශව විසින් එල්ල කළ සියලුම පදනම් විරහිත චෝදනා, එ.ජා.ප-දෙමළ ජාතික සන්ධාන-ජ.වි.පෙ යහපාලන හවුල පිළිගෙන ඇත. 30/1 යෝජනාව ලංකාවේ සම අනුග්‍රාහකත්වය තුළින් පවත්වාගෙන යෑමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට අපේ ආණ්ඩුව තීරණය කර ඇත.

අපේ රටේ යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුල මත මධ්‍යතන යුරෝපයේ සාමූහික දඩුවම් සිහිගන්වන ආකාරයේ සාමූහික ගමන් තහන්චියක් පනවා තිබුණද, යහපාලන හවුල එය හෙළා දැක නැත. එ.ජා.පයේ ලක්‍ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා, මේ ගමන් තහන්චිය පැනවීම අපේ ආණ්ඩුවේ වගකීමක් යැයි කියා, තම පක්‍ෂය 2015 කළ මහා පාවාදීම වසන් කිරීමට උත්සාහ දරයි. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ මොහොතේ ඇමරිකාව විසින් යුද හමුදාපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මත මේ ආකාරයට ගමන් තහංචි පනවා ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයක් ලබා දීමේ කුමන්ත්‍රණයක් (ඩීල් එකක්)
නිසා බවය.

දෙමළ ජාතික සන්ධානය නම් ඇමරිකාව විසින් යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුල මත පැනවූ සාමූහික දඩුවම ගැන කෙළින්ම ප්‍රසාදය පල කොට ඇත. 2015 දී එජාප ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දක්වන විට ඊනියා අධිරාජ්‍ය විරෝධීන් යැයි කියාගන්නා ජනතා විමුක්ති පෙරමුණ එයට කිසිදු විරෝධයක් දැක්වූයේ නැති බවත් මෙහිදී ජනතාව සිහියේ තබාගත යුතුය.

යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුලට එරෙහිව පනවා ඇති සාමුහික දඩුවම ගැන ඇතිවී තිබෙන කථිකාවෙන් පෙනෙන්නේ මේ රටේ දේශපාලන බෙදීම පවතින්නේ එක් පැත්තකින් රට ජාතිය ගැන හිතන දේශ මාමක බලවේගයත්, අනෙක් පැත්තෙන් රට පාවාදීමට අවස්ථාවක් එනතුරු බලා සිටින උපන් ගෙයි දේශද්‍රෝහීනුත් අතර බෙදීමක් හැටියට බව නොවෙද?

මහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍ය

 

Top