Featured

සරත් ෆොන්සේකාට ලැබෙන හමුදා බලය තුළ රාජපක්ෂවරුන්ගේ ජීවිත අනතුරේ

සරත් ෆොන්සේකා බලයට ආසා කළේ අද ඊයේ නොවේ. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ එදා සරත් ෆොන්සේකාව යොදාගත්තේ බෙදී යාමට තිබූ රට එකතු කිරීමටය. යුද්ධය අවසන් වීමත් සමගම සරත් ෆොන්සේකාගේ බලකාමීත්වය ඉස්මතු වූ අතර ජනාධිපති වීමේ සිහිනයද ඔහුට ඇති විය.

සරත් ෆොන්සේකාගේ මේ බලතණ්හාව දුටු බෙදුම්වාදීන් 2010 ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුව ඇතුළත් කළේ රාජපක්ෂවාදීන්ව පාලනය කර ගැනීම පහසු කර ගැනීමටය. කෙසේ හෝ සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් වසර 2කට පෙර එනම් ජනාධිපතිවරණය 2015 දී කැදවීම හේතුවෙන් එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ සටනට කැදවා ගැනීමට 2010 ජනාධිපතිවරණයට සරත් ෆොන්සේකාව කැදවා ගත් කණ්ඩායම උත්සුක විය. 2010 මෙන් නොව 2015 දී මහින්ද රාජපක්ෂට එරෙහිව වූ තෝරාගැනීම සාර්ථක වූ අතර  ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ සටනෙන් ජයගත්තේ ය.

2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජයගැනීමත් සමගම 2009 ලැබූ යුධ ජයග්‍රහණය ආපසු හැරවීමේ මෙහෙයුම එනම් එක් වූ රට නැවත වෙන්වීම ආරම්භ වීමට අවශ්‍ය පසුබිම සකස්කර ගැනීමට බෙදුම්වාදීන් උපක්‍රමශීලී විය. ඒ සදහා අතුරුදහන් වූ කාර්යාල පනත සහ වෙනත් ජාත්‍යන්තර සම්මුතීන් වලට එළඹීමත්, ජානීවා මානව හිමිකම් කොමිසම මගින් යුධ අපරාධ චෝදනා බලාත්මක වීමත් සිදු විය.

2015 ජයග්‍රහණයෙන් වසර 3ක් ගිය අවස්ථාවේ නැවත සරත් ෆොන්සේකා තීරණාත්මක සාධකයක් බව බෙදුම්වාදීන් අවබෝධකර ඇති අතර ඒ අනුව 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබුවත් පාර්ලිමේන්තුවට ඇතුළුකරගෙන ඇමතිධුරයක් ඔහුට පිරිනැමීමත් සිදුවිය.

දැන් නැවත බෙදුම්වාදීන් විසින් සරත් ෆොන්සේකා සතු බලයට ඇති ආශාව උපයෝගී කරගෙන සිංහල ජනතාව මර්ධනය කිරීමට ඔහුව යොදා ගැනීමට ක්‍රියාකරන බව පසුගියදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් හමුදා අංශ පාලනය සදහා සරත් ෆොන්සේකාව යොදා ගැනීමට අවශ්‍ය බව පැවසීමෙන්ම පෙනේ.

සරත් ෆොන්සේකාට හමුදා අංශ පැවරීමේ අදහස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අදහසක් විය නොහැකි මුත් එය සුළුවෙන් තැකිය හැක්කේද නොවේ. මන්ද 2015 ජනවාරි 08 වැනිදා සිට මේ යහපාලන ඊනියා ජාතික ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසදීමට කිසිවක් නොකිරීමෙන් විශාල මහජන ප්‍රතිරෝධයක්ද ඇති කරගෙන තිබීමය. ජනතාව මර්ධනය කිරීමට පෙර රාජපක්ෂවරු මර්ධනය කිරීමට මේ ආණ්ඩුවට සිදු වේ.

සරත් ෆොන්සේකාගේ ඇති බලයට ආසාව යොදා ගනිමින් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ එදා බෙදී යාමට තිබූ රටක් එකතු කළාමෙන් මෙදා සරත් ෆොන්සේකාගේ ඇති බලයට ආසාව යොදා ගනිමින් සිංහල ජනතාව මර්ධනය කර එකට ඇති රට වෙන් කිරීමේ සහ ජනතාව වෙත මර්ධනයයෙදීමේ උත්සාහයක් ලෙසද මෙය අර්ථ විවරණය වේ.

සරත් ෆොන්සේකා යනු තමන්ට ලැබෙන නියෝගය අනුව වරෙක දෙමළාද වරෙක සිංහලයාද මර්ධනය කළ හැකි අයෙක් බව ඉතිහාසය සාක්ෂි දරණු ඇත.

අවසානයේ කිව යුත්තේ දැන් ඉතින් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට බොහෝ ප්‍රයත්න ගත යුතු බවයි. මන්ද රාජපක්ෂවරුන්ගේ සැබෑ ප්‍රතිවාදියාට විශාල බලයක් මේ යහපාලන ආණ්ඩුව විසින් ලබා දෙමින් ඇති හෙයිනි.

Top