LNN SPY

සරලයි…සරලයි..කියලා මෙන්න දෙකොනින් යන්න ජනතාවට කෙලවයි… 62 දෙලක්ෂයක් ගොනාට අන්දවා ජනපති කෝටි එක්දහස් තුන්සිය වෙන්කර ගනී… UN ගිය මාධ්‍යවේදීන්ට ලක්ෂ 4 ගාණේ ආතල් සන්තෝෂමක්!

Published on: Oct 14, 2018 – යහපාලනය සහ සරලත්වය ගැන ජනතාවට බණ දේශනා කරමින් රටේ 62 දෙලක්ෂයක් ජනතාව මෛත්‍රීපාල සිරිසේන ගොනාට අන්දවා අවසන් බව මේ වනවිට තහවුරු වි තිබේ.ඒ මේ වනවිට ලබන වසර වෙනුවෙන් ජනාධිපතිවරයාට මුදල් වෙන් කිරීම විශාල වශයෙන් ඉහළ ගොස් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිල කාලයට සමාන විමත් සමගයි.

ලබන වසර වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මුළු වැය ශීර්ෂය රුපියල් කෝටි එක්දහස් තුන්සිය හතලිස් අටක් ( 13,477,180,000.00) වී ඇති අතර ලබන වසරේදී එම වියදම් විශාල වශයෙන් කපාහැර රුපියල් කෝටි 487කට සීමා කිරීමේ සැලසුම් 2017 අවසන් වන විට තිබී එය රුපියල් කෝටි 1,348ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂිතය.

මෙම වැය ශීර්ෂය යටතේම මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග යන හිටපු ජනාධිපතිවරුන්ටත්, රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිගේ වැන්දඹු බිරිඳටත් විශ්‍රාම වැටුප් සහ පහසුකම් සැපයීම වෙනුවෙන් වැයකරන සුළු මුදලක් අයත්ය.

ගෙවී යන මෙම වසර වෙනුවෙන් ජනාධිපතිගේ වියදම් ඇස්තමේන්තුව රුපියල් කෝටි 999ක් වී තිබී එය ලබන වසරට රුපියල් කෝටි 1,348ක් දක්වා වැඩිවීමද විශේෂිතය. මෙම වසරේ අගමැතිවරයාගේ වියදම් ඇස්තමේන්තුව රුපියල් කෝටි 177ක් වී තිබී ලබන වසර වෙනුවෙන් රුපියල් කෝටි 167ක සීමාවේ පවතී. අය – වැයෙන් අවසන් ඇස්තමේන්තු සකස් කිරීමේදී සහ ඉන්පසුවද පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් මුදල ඉහළ දමා ගැනීම සාමාන්‍යයෙන් සිදු කෙරේ.

මේ අතර රට මේ සා විශාල ඩොලර් අර්බුද රැසකට මුහුණ හි සිටියදි නිව්යෝක් නුවර එක්සත් පැවැති එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 63ක් ගේ පිරිසක් රැගෙන ගොස් තිබේන අතර ඇතැම් මාධ්‍යවේදීන් සදහා පොකට් මනී ලෙස ලක්ෂ 4 බැගින් සංතෝෂන් ලබාදි තිබේන බවත් එම පිරිසට ස්වාමින්වහන්සේලා පිරිසක්ද රැගෙන ගොස් තිබේන බවද පාර්ලිමේන්තුවේදි අනාවරණය වුනා.

සරල ජනපතිගේ පිචං වැඩ මෙන්න

Top