LNN SPY

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීමට එරෙහි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිගේ පෙත්සම වැරදියි …… තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වේ…..

Published on: Mar 15, 2018- ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උදය රොහාන් ද සිල්වා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 ව්‍යවස්ථා යටතේ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීම සම්බන්ධ කාරණාව සම්බන්ධව එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීභාවය දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් එකී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් එසේ හෙයින් පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් ද, ජනමත විචාරණයක දී එය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් ද, 80 වැනි ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් ද, ඒ පනත් කෙටුම්පත නීතිය බවට පත් විය යුතු බවට සිය පෙත්සමේ කරුණු දක්වා ඇත.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සදහා වූ පනත්   කේටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12, 13, 14 වන ව්‍යවස්ථා වලට පටහැනි බවත්, එමෙන්ම 3 සහ 4 ව්‍යවස්ථාවලට බලපෑමෙන් 83 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් සහ ජනමත විචාරණයක දී එය ජනතාව විසින් අනුමත කළ යුතු බවට ජනාධිපති නීතීඥවරයා කරුණු දක්වා ඇත.

නීතීඥ සංගමයේ සභාපතිවරයා සිය පෙත්සමෙන් මතු කර ඇති එකී 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් සහ ජනමත විචාරණයක දී එය ජනතාව විසින් අනුමත කළ යුතු බවට දක්වා ඇති පෙත්සම පහත සදහන් නීතිමය කreණුහේතුවෙන් පිළිගත නොහැකි සහ හෝ නීතියට පටහැනි සහ/හෝ නීතිය නොමග යවාගෙන ඉදිරිපත් කර ඇතිපෙත්සමක් බවට අරුණ ලක්සිරි උණවටුන විසින් මැදිහත් වීමේ පෙත්සමක් ඉදිරිපත් කරමින් කreණු දක්වා ඇත.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම්පත සම්බන්ධව නීතීඥ සංගමයේ සභාපතිවරයා කියන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12, 13, 14 වන ව්‍යවස්ථා වලට පටහැනි බවට වන නීතිමය තත්ත්වය නිවැරදි නොවන බවත්, එමෙන්ම යෝජිත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තවත් එක් මුල් අවස්ථා අධිකරණයක් බවත් එහි නඩු කටයුතු විභාග කිරීම ව්‍යවස්ථාවේ 10, 12, 13, 14 වන ව්‍යවස්ථා වලට පටහැනි වන එමෙන්ම 3 සහ 4 ව්‍යවස්ථාවලට බලපෑමෙන් 83 ව්‍යවස්ථාවට පටහැනි වන්නේ නම් වර්තමාන නීතිය යටතේ පවතින මුල් අවස්ථා අධිකරණවල සිදු වන නඩු කටයුතු පවා බලවත් අර්බුදයට යන බවත් මැදිහත්වන පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා ඇත.

වරදක ස්වභාවය සහ අවස්ථානුගත කරුණු; වරදක බැරෑරුම්කම; වරදක සංකීර්ණ බව;වරදක් නිසා වින්දිතයා මත වන බලපෑම; හෝ වරදක් නිසා රජය මත වන බලපෑම සැලකිල්ලට ගෙන, යුක්තිය ඉෂ්ට කිරීම අරභයා සහ මහජන සහ ජාතික යහපත අරභයා, ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙහි අපරාධ නඩු කටයුතු පවරනු ලැබීම ඒවා මගින් ඉහත ආකාරයේ සහ ස්වභාවයේ නඩු කටයුතු විභාග කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4ඈ, 10, 12,13,14, 23, 24, 27, 28, 75, 105, 106,ව්‍යවස්ථාවලට අනුකූල වන තත්ත්වයක් බවත් මැදිහත්වන පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා ඇත.

එකී පෙත්සම මෙසේ ය…..

Top