Anonymous Reporter

ස්වයං වින්දනයේ යේදේන චේතිය සිරිසේන

ලංකා ඉතිහාසයේ එතෙක් මෙතකේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් අතේ පත්තුවන වැඩිම බොරු ප්‍රමාණයක් මේ වනවිට පවසා ඇති වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම අලුත්ම බොරුව ඊයේ(10) දින බිබිල ශ්‍රිලනිප බලමණ්ඩල රැස්වීමේදී පවසන ලදී.

ඔහු එහිදී පවසන පරිදි 2015 ජනවාරි 9 වනදා මහින්ද රාජපක්ෂ මහතාට මැදමුලනට යාමට සියළු පහසුකම් සැලසීමට ක්‍රියාකොට ඇත්තේ ඔහු විසිනි. ඔහු හෙලිකොප්ටර් දෙකක් ලබා දුන් බවද පවසයි. නමුත් මහින්ද මහතා කොළඹින් ඉවත්ව යනවිට ජනපති සිරිසේන දිව්රුම්දීවත් නොතිබුණු අතර ඒ වනවිටත් ජනාධිපතිවරයා වූයේ මහින්ද රාජපක්ෂ මහතායි. එවැනි තත්ත්වයක් යටතේ හෙලිකොප්ටර් පාවිච්චි කිරීමට මහින්ද විසින් සිරිසේනගෙන් අවසර ගත යුතු නැත. එවැනි දෙයක් සිදු වී ද නැත. ජනාධිපතිවරයාට හෙලිකොප්ටර් භාවිතා කිරීමේ වරප්‍රසාදය ඇත.

එමෙන්ම ලෝකයේ පළමු වතාවට ඔහු විසින් පැරදුනු නායකයෙකුට හමුදා ආරක්ෂාව ලබාදී ඇති බවද ඔහු පවසයි. නමුත් සත්‍ය නම් හිටපු ජනාධිපතිනිය විසින් ශ්‍රේෂාඨාධිකරණයේ පවරන ලද නඩුවක තීන්දුව අනුව හිටපු ජනපතිවරයෙකුට නීතියානුකූලව 100 කට වඩා භට පිරිසක් සහිත ආරක්ෂාව හිමිවන අතර එය දැනට සිටින රාජ්‍ය නායකයාගෙන් පිනට ඉල්ලා ගැනීමක් නොවන නමුත් වර්තමාන සිරිසේන ජනපතිවරයා එය තමා පිනට ලබාදුන් දෙයක් ලෙස අර්ථගන්වමින් කතාකරන අයුරු දක්නට ලැබිණ.

ජනාධිපතිවරණ සමයේද කුප්‍රකට රත්තරන් අශ්වයන් සහ හෙලිකොප්ට්ර් 6ක් ගැන අහස පොලෙව නුහුලන අමූලික බොරු පවසමින් ජනතාව ඇන්දවූ ජනාධිපතිවරයා තවමත් කිසිම හිරිකිතයකින් තොරව බොරු ප්‍රසිද්ධියේ පැවසීම සමාජ ජාලවල දැඩි පිළිකුලට පත්වී තිබේ.

අදාළ වීඩියෝව පහත දැක්වෙයි.

මෛත්‍රීපාල සිරිසේනගේ ස්වයං වින්දනය ගැන මහින්ද කේ පතිරණ තැබු සටහනක් 

මෛත්‍රීපාල මහතාට තම ඉතිහාසය ඉතා ඉක්මනින් අමතක වෙමින් තිබෙන බව පේනවා. ඔහු මහත්මා ගාන්ධි, බණ්ඩාරනායක මහතා හා මැතිණිය වැනි ශ්‍රේෂඨ නායකයින්ගේ කතා හා ක්‍රියා උපුටා දක්වමින් අවසානයේ තමන් ද එවැනි ශ්‍රේෂඨයෙකු බව තමන් ම කියමින් ස්වයං වින්දනයකට ඌණනය වෙනවා. ඔහු මුළු වසර පුරාම කියපු දේවල් අරගෙන බලන්න. මේ ස්වයං වින්දන කතාව පහුකරන යන්න තාමත් ඔහුට බැරි වෙලා. කෙනෙක් ශ්‍රේෂඨයෙක් ද දුෂ්ඨයෙක් ද පඹයෙක් ද කියල තීරණ කරන්නෙ අදාළ පුද්ගලවා විසින් නෙ‍මෙයි. බලන් ඉන්න අය. තමන් ශ්‍රේෂ්ඨයෙක් කියල තම පදවිය හරහා ලැබෙන මාධ්‍ය ආවරණය භාවිතා කරමින් වෙළඳ දැන්වීම් දැම්ම ම ඔහුගේ පෞරුෂ දුබලතා මහදවල් නිරාවරණ කිරීමක්. ආත්ම විස්වාසයක් නැති හීනමානයෙන් පහර කෑ පුද්ගලයෙකුගේ හැසිරීමට කදිම නිදසුනක් ජනපති මෛත්‍රීපාල අපට පෙන්වනවා.

ජනපති මෛත්‍රීපාන දැන ගන්න ඕන, ඔහු ඉතිහාසයේ ශ්‍රිලනිපය පාවාදුන්න නිර්ලජ්ජිතම කෙනා කියල. පාවා දීල වෙනත් පක්‍ෂයක් දිනවන කුමන්ත්‍රණයේ ඉත්තා වෙච්ච කෙනා කියල. මහමැතිවරණයේ දී තමන් නායකත්වය දරනව කියල කියන ශ්‍රිලනිපය පරදිනවා කියන්න තරම් පහත් තැනකට වැටුණු කෙනා කියල. ඒ වගේ ම ඡන්දයෙන් පරාද වූවන්, එනම් ජනතාව ප්‍රතික්‍ෂේප කළ පිරිස් තම බලය රැක ගැනීම වෙනුවෙන් පාර්ලීමේන්තු යැව්ව විතරක් නෙමෙයි ඇමතිකමුත් දුන්න කෙනා කියල. මුළු ශ්‍රිලනිපය ම මහින්ද ඉල්ලා සිටින විට ඒ ජනතා කැමැත්ත තම දුෂ්ට අරමුණු වෙනුවෙන් නොතකා හරින කෙනා කියල. ඒ විතරක් ද? අද ශ්‍රිලනිප නායකයින් ගැන උජාරුවෙන් කතා කරන මෛත්‍රීපාල, එජාපය විසින් ශ්‍රිලනිපයේ පදනම් වන සඟ වෙඳ ගුරු ගොවි කම්කරු කියන පංචමහා බලවේගය ම පාරට ඇදල දාන කොට ඒ දිහා උපහාසයෙන් බලල සිනාසෙන කෙනා කියල. බණ්ඩාරනායකල විසින් 1956 දී පරාජය කළ බමුණු කුලය රනිල් හරහා නැවතත් රජකරවන්න වෙස්මූණක් වූ කෙනා කියල. අවසාන වශයෙන් 1505ට පස්සෙ රටට බිහිවුණු ජාතික නායකයා රත්තරන් අශ්වයින් වැනි බොරු බේගල් කියන ජනතාව කියා රවටා පරාජය කළ කෙනා කියල.

මහින්ද කේ පතිරණ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සබරගමුව විශ්ව විද්‍යාලය

Top