LNN SPY

සාගල ගැන රනිල්ගෙන් මෛත්‍රීට සහතිකයක්!…කැමති දෙයක් කර ගන්න මම ආපහු උදවු කරනනේ නෑ…බැසිල්ට වැඩ වරදින ලකුණු…

Published-2017/11/17- හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු රාජපක්ෂ පාලනයේ ඉහළ පෙළේ සාමාජිකයින්ට එරෙහිව දූෂණ චෝදනා විමර්ශන කඩිනම් කිරිමට වහාම උපදේස් දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලිමක් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පසුගිය සදුදා උදෑසන ජනාධිපතිවරයා මුණ ගැසුණු අගමැතිවරයා තහවුරු කර සිටියේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයින් පිළිබඳ පොලිස් පරීක්ෂණය අවහිර කිරීමට තමන් මෙන්ම නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා වන අගමැතිගේ සමිපතම මිතුරා වන සාගල රත්නායක කිසිදු විටක කටයුතු කර නැති බවයි.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා අතර දෙනියාය නිවසේ කිසිදු සාකච්ඡාවක් සිදු නොවු බව අවස්ථා ගණනාවකදි තහවුරු කල අගමැතිවරයා එම ප්‍රකාශය තවදුරටත් තහවුරු කරමින් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ….

“සාගල මට නොකියා කිසිම දෙයක් කරන්නේ නෑ,….” යනුවෙනි.

පසුගිය දින කිහිපය පුරාම ගාමිණී සේනරත් ආරක්ෂා කිරිම පසුපස සාගල රත්නායක අමාත්‍යවරයා සිටින බව රාජ්ය බුද්ධි අංශ ජනාධිපතිවරයාට දුන් වාර්තාව අසත්‍ය එකක් බවත් තමන් ඒ සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි අංශ සමඟ පෞද්ගලිකව පරීක්ෂා කර බැලු බවද අගමැති තහවුරු කර තිබේ.

මේ අතර එම හමුවේදි හිටපු අමාත්‍ය ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර නායක බැසිල් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා විමසා ඇති අතර එයටද පිළිතුරු දුන් අගමැතිවරයා මින් ඉදිරියට තමන් කිසිවෙකුත් ආරක්ෂා කිරිම වෙනුවෙන් පෙනී නොසිටින බව දැඩි ලෙස අවධාරණය කර තිබේ.

මේ වනවිට බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඇති අධිකරණ ක්‍රියාමාර්ග වෙගත් කිරිමට නීතිපතිවරයා උපදෙස් ලබාදි ඇති අතර ඉදිරි දින කිහිපය තුල පසුගිය ජනාධිපතිවරණ සමයේ ලිත් මුද්‍රණය කිරිම හරහා බලය අනිසි ලෙස යොදා ගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් දැඩි තින්දුවක් ලබාදිමට සුදානමක් පවතින බවද වාර්තා වේ.

පසුගියදා බැසිල්ගේ නඩුව ගිහාන් කුලතුංග විනිසුරුවරයා ඉදිරියියේ කොළඹ මහ අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ නඩුව විභාග කරමින් සිටින අතරතුර විනිසුරුවරයා ආසනයේ සිටියදිම සිය දුරකතනයට ලැබුනු ඇමතුමකට සම්බන්ධ වු අතර පසුව් අවසාන තප්පර කිහිපය තුලදි නඩුවට අදාල නව ලිපිගොනු රැසක් එකතු කිරිමටද කටයුතු කර තිබේ.

Top