LNN SPY

සාගලගේ හොරු පැන්නිල්ල ගැන බුද්ධි අංශයෙන් ජනපතිට වාර්තාවක්! ඇමතිකමට කෙලවෙන්න තවදුර නෑ…

Published 2017/11/15 – මහා පරිමාණ දූෂණ චෝදනා එල්ල වී සිටින ගාමිණී සෙනරත් වැන්නන් හමු වූ බවට තමාට චෝදනා එල්ල කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව යැයි සාමය සහ මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සාගල රත්නායක හදිසියෙම විශේෂ නිවේදනයක් නිකුත් කිරිමට හේතුව මෙ වනවිට අනවරණය වි තිබේ.

අදාළ නිවේදනය හරහා මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ඇති ගාමිණි සෙනරත් වැන්නෙකු හමුවීමටත්, එවැනි අයෙකු සමග ගනුදෙනු පැවැත්වීමටත් මා හට කිසිදු අවශ්‍යතාවක් නැති අතර එබඳු ගනුදෙනු වලින් මට ලබා ගැනීමට දෙයක්ද නැත යනුවෙන් තහවුරු කිරිමට උත්සහ කලද සැබෑවටම එම නිවේදනය හරහා සාගල උත්සහ දරා ඇත්තේ ගාමිණිට රැකවරණය දි හේතුවෙන් ජනාධිපතිවරයාගේ උදහසට ලක්විම් වලක්වා ගැනිමයි.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්ට ආරක්ෂාව හා රැකවරණය ලබාදුන් බව නිතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක ප්‍රතික්ෂේප කලද ජාතික බුද්ධි අංශ වාර්තාවක් මගින් ජනාධිපතිවරයාට තහවුරු කර ඇත්තේ ගාමීණී සෙනරත් දෙනියායේ නිවසක රැකවරනය ලැබු බවයි.

ගාමිණී සෙනරත් පසුගිය 09දා කොළඹ අලුත්කඩේ අධිකරණයේ නඩු විභාගය සදහා දෙනියායේ සිට පැමිණි බවද බුද්ධි අංශ සැකයකින් තොරව තහවුරු කරගෙන තිබේ. දෙනියායේ සිට පැමිණි ගාමිණී සෙනරත් කොළඹ ග්‍රෙගරි පාරේ නිවසකට පැමිණ එහි සට අලුත් කඩේ අධිකරණයට පැමිණ ඔහුට එරෙහිව පැවති නඩුවට ඉදිරිපත්වී තිබේ.

රාජපක්ෂ කල්ලියේ දුෂිතයන් රකින බවට සාගලට ශ්‍රිලනිප මෛත්‍රී පිළේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම එජාපයේ රැඩිකල්වාදින් දැඩි ලෙස චොදනා එල්ලකර තිබේන අතර ඒ හේතුවෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පවරා ගන්නා ලෙසට ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් විසින් ඉල්ලිමක් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මිට අමතරව පොලිස්සියේ සහ FCID වැනි ආයතන ප්‍රධානින්ගේන්ද ජනපතිට මෙම යෝජනාවම යොමුවි ඇති අතර අයවැයෙන් පසුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය කිරිමේදි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය වෙනස් කිරිමට ජනපතිද අවධානය යොමුකර තිබුනද එම ඇමති ධුරය වෙනත් අයෙකුට ලබා දෙන්නේද යන්න තවමත් තින්දුවක් ගෙන නෑ….

වැඩිදුර කියවිම…….

http://198.211.112.164/archives/16399

පහත දැක්වෙනේ සාගල ඇපෙන් බේරෙන්නට නිකුත් කල  එම නිවේදනයයි…

දස වසරක් පුරා පැවති පසුගිය පාලන සමය තුළ මහා පරිමාණ දුෂිත ක්‍රියා සිදු කිරීම සඳහා පෙරමුණ ගෙන සිටියේ පාලකයන්ට හිතවත් සුළුතර කල්ලියක් බව ප්‍රසිද්ධ කරුණකි.එම පාලනය පෙරළා දැමීම සඳහා 2015 ජනවාරි 08 වැනි දින හැට දෙලක්ෂයක ජනතාව පෙරට පැමිණියේ එම දූෂිත ක්‍රියාකලාපය අවසන් කිරීම කාලීන අවශ්‍යතාවක් වූ බැවිනි. ඒ සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ලද්දේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් සහ ඔවුන් වටා ඒකරාශී වූ බලවේග විසිනි.යහපාලන රජයත්, එය නියෝජනය කරන ඇමතිවරුන් වන අපත් බලයට පැමිණියේ මෙම සියලු දූෂිත ක්‍රියා පුළුල්ව විමර්ශනය කොට වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙන පොරොන්දුව මතය.

මේ ක්‍රියාවලිය තුළ නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් මා වෙත සුවිශේෂ වගකීමක් පැවරෙන අතර, මේ මොහොත වන තුරුත් මම එය නොපිරිහෙළා ඉටු කරමි.කුමන බාධක සහ අභියෝග පැමිණියත්, පොලිස් දෙපාර්තමේන්තුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානීන් සහ නිලධාරින් සමග, ඇමතිවරයා වන මමද එම කාර්යභාරයට උරදී සිටිමි.

රුපියල් බිලියන 4 ක මහජන මුදල් වංචා කළ බවට චෝදනා ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මා හමුවූ බවට හැඟවෙන පරිදි ඇතැම් මාධ්‍යත්, සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවිත් පුවත් පළ කරන්නේ මෙබඳු පසුබිමක් තුළය.එය සහමුලින්ම පදනම් විරහිත, අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනාවකි. මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ඇති ගාමිණි සෙනරත් වැන්නෙකු හමුවීමටත්, එවැනි අයෙකු සමග ගනුදෙනු පැවැත්වීමටත් මා හට කිසිදු අවශ්‍යතාවක් නැති අතර එබඳු ගනුදෙනු වලින් මට ලබා ගැනීමට දෙයක්ද නැත.

එමනිසා මෙම අභූත චෝදනාව පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන අතර මේ පිටුපස සිටින්නේ සැඟවුණු දේශපාලන න්‍යායපත්‍ර සහිත ඉතා සුළු පිරිසක් පමණක් බව මගේ විශ්වාසයයි.ඔවුන් ගැන මට ඇත්තේ අනුකම්පාවක් පමණක් බවද අවසන් වශයෙන් ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

Top