Featured

සැප වාහන කතාව එලියට දැම්මේ සජිත් -රනිල්ට මලපනී

අමාත්‍යාංශ 22ක කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 32නෙකු සඳහා වාහන මිලදී ගැනීමට පසුගිය (07) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් කෝටි 117ක පරිපූරක ඇස්තමේන්තුව මාධ්‍යට හෙලිකිරිමට කටයුතු කර ඇත්තේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් බව අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව රනිල් පිළේ ප්‍රභලයෙකු සදහන් කළා.

මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මාධ්‍යයට හෙලිවිමත් සමග අගමැතිවරයා ප්‍රමුඛ යහපාලන රජය අපහසුතාවයට පත්වු අතර පසුව එය එජාපයේම කැරලිකාර කණ්ඩායම වන සජිත් පිළේ වැඩක් බවට තොරතුරු අනාවරණය විමෙන් පසුව ඒ සම්බන්ධයෙන් සොය බැලිම සදහා රනිල් පිළේ කිහිප දෙනෙකු පත්කර ඇති අතර ඔහුන් විසින් මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඒ අනුව අදාල පරිපූරක ඇස්තමේන්තුව මාධ්‍යට හෙලිකිරිමට කටයුතු කර ඇත්තේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇති බවත් එයට ජනාධිපතිවරයාගේ සහයද ලැබි ඇති බව අනාවරණය වි තිබේ.

මේ අතර සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් පසුගියදා මුදල් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වු විශ්වාසභංග යෝජනාවේදි සජිත් පිළේ කණ්ඩායම වෙනම සංවිධානය වි රවිට එරෙහිව් ඡන්දය ප්‍රකාශ කිරිමේ මෙහෙයුමක් දියත් කර තිබුන බවත් අවසාන මොහොතේ ජනාධිපතිවරයාගේ මැදිහත් විම මත එය වැලැක්වී ගිය බවත් එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය මැතිවරණය සඳහා ඉදිරිපත් වූ වෙනත් පක්ෂ නියෝජයනය කළ කණ්ඩායමේ ප්‍රබලයන්, රනිල් වික්‍රමසිංහ විරෝධී සජිත් පාර්ශ්වය නියෝජනය කර පිරිස් හා මේවන විට ජනාධිපති කාර්යාලයේ ඉහළ තනතුරු හොබවන පිරිසක් සමග එක්ව එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව වෙනම දේශපාලන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම සඳහා මේවන විට කුමන්ත්‍රණකාරී වැඩ පිලිවෙලක් දියත් කර තිබේන බවත් රනිල් පිළ අගමැතිවරයාට පෙන්වදුන් බව රනිල් පිළේ ප්‍රභලයා සදහන් කළා.

මැති ඇමතිනට සැප වාහන ගෙන්වන පරිපුරක ඇස්මෙන්තුව පාර්ලිමෙන්තුවටත් හොරා තොරතුරු පිටකර ඇතතේ ප්‍රබල එජාප ඇමතිවර‍යෙක් විසින් බවට රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මිට පෙර මාධ්‍යය හමුවකදිද අනාවරණය කර තිබුනා.

ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය අඩපණ කොට පාර්ලිමේන්තුව තුල ඉදිරි වසර පහ තුළ තීරණාත්මක සාධකයක් ලෙස ඔවුන්ගේ බලය ව්‍යාප්ත කිරීම පසුගියදා බත්තරමුල්ලෙ වෝටර්ස් එජ් හොටලයේදි මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද සජිත් පිල සිදුකර ඇති අතර ඒම කණ්යඩායම ‘ වොටර්ස් එජ් ටීම්’ ලෙස හැඳින්වීමටද කට යුතු කර තිබේ.

http://www.lankanewsweb.today/archives/11273

ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ නියෝජ්‍ය අමත්‍ය අනෝමා ගමගේ – රුපියල් හත් කෝටියක්

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට වාහන 2ක් හා නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාට වාහනක් – රුපියල් නවකෝටි අනූලක්ෂයක්

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ තාරානාත් බස්නායක – රුපියල් නවකෝටි දසලක්ෂයයි

නිපුණතා සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට වාහන දෙකක් – රුපියල් කෝටිපහක්

නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා – රුපියල් පන්කෝටි හැට ලක්ෂයයි

සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු – රුපියල් පන්කෝටි හැට ලක්ෂයයි

ආපදා කළමනාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද – රුපියල් හයකෝටි තිස්ලක්ෂයයි

විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර – රුපියල් දෙකෝටි අසූලක්ෂයයි

රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතාට වාහන දෙකක් – රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි

තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන – රුපියල් හත්කෝටියක්

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය – රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි.

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් – රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි.

වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක – රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල – රුපියල් හත්කෝටියයි

බන්ධනාගාර අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් හා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න – රුපියල් හත්කෝටියයි

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් – රුපියල් තුන්කෝටි පනස්ලක්ෂයයි

නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක – රුපියල් දෙකෝටි අසූලක්ෂයයි

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා – රුපියල් හත්කෝටියයි

කර්මාන්ත අමාත්‍ය චම්පිකා පේමදාස – රුපියල් තුන්කෝටි පනස්ලක්ෂයයි

විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම – රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි

රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ – රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයයි

රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක – රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි

වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයියා – රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි

Top