LNN SPY

සැම්බියාවෙන් නැති පශ්චාත් උපාධි ගත් ගෝඨාවාදි හිස්බුල්ලා……. බොරු උපාධි පෙන්නා ශරියා කැම්පස් හදන්න සල්ලි ගත් හැටි…….. පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තෝ එක්ක පූට්ටු රතන, ඥාණසාර

Published on- Oct 24, 2019 මෙවර ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂගේ ආශිර්වාදයෙන් ඉදිරිපත් වන රාජපක්ෂ යුගයේ රාජ්‍ය හිටපු රාජ්‍ය අමාත්‍ය  M.A.L.M හිස්බුල්ලා තම අධ්‍යාපන සුදුසුකම වශයෙන් පෙන්වන ආචාර්ය උපාධිය මහා පරිමාණයේ ගජබින්නයක් බවට හෙලිවී තිබෙනවා.

Alliance International University මගින් ප්‍රදානය කරන ගෞරව ආචාර්ය උපාධියක් තමන්ට හිමි බව හිස්බුල්ලා විසින් ප්‍රකාශ කළද ඔහුට එවැනි උපාධියක් ප්‍රදානය කර නොමැති බව අනාවරණය වී තිබෙනවා.

HIV ඒඩ්ස් වෛරසය වසංගතයක් ලෙස පැතිර පවතින ආසන්න වශයෙන් ජන වර්ග 73ක් පමණ පවතින අප්‍රිකානු මහද්වීපයේ පවතින රටක් වන සැම්බියාවේ අධ්‍යාපනය පිළිබඳව ගූගල් විකිපීඩියා හරහා නම් සොයා ගැනීමට නොහැකි ය. එසේ වන්නේ තවමත් රටක ලෙසට සංවර්ධනය වෙමින් පවතින මෙම අප්‍රිකානු ගෝත්‍ර රාජ්‍ය අධ්‍යාපනයට පෙර සිය ජනතාවගේ ජීවත් වීම වෙනුවෙන් කළ යුතු දේ සිදු කළ යුතු බැවිනි.

හිස්බුල්ලා විසින් සිය ආචාර්ය උපාධිය ගෞරව සම්මාන සහිතව ලබා ගෙන ඇත්තේ මෙම අප්‍රිකානු ගෝත්‍ර රාජ්‍යයේ පවත්වා ගෙන යන විශ්ව විද්‍යාලයකින් බව පැවසූවද තවමත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිසි ලෙස ආරම්භ කොට නැති සැම්බියාවේ ආචාර්ය උපාධි ප්‍රදානය නොකරන බව අප හෙලිකරගත් සත්‍ය යයි.

එසේම හිස්බුල්ලා විසින් ආචාර්ය උපාධිය ලබා ගෙන ඇති මෙම Alliance International University ලංකාවේ UGC පිළිගත් විශ්ව විද්‍යාලය නොවන අතර එය සැම්බියාවේ අධ්‍යාපන අමාත්‍යාංශය පවා නොපිළිගත් ව්‍යාජ විශ්වවිද්‍යාලයකි.

සැම්බියාවේ කොන්සල් ජෙනරාල්වරයා ලෙස කටයුතු කරන එල්මෝ මහතාද මෙම විශ්ව විද්‍යාලය සැම්බියාවේ පිහිටා නොමැති බව තහවුරු කළ අතරම UGC නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk  විසින් ප්‍රදර්ශනය කොට ඇති එම ආයතනය පිළිගත් විදේශීය විශ්ව විද්‍යාල හා අධ්‍යාපන ආයතන නාමාවලින් වන Commonweath Universities Yearbook හා International Handbook of Universities පවා මෙවැනි විශ්වවිද්‍යාලය අන්තර්ගත නොවන බව පැහැදිළි ය.

හිස්බුල්ලා විසින් මෙම බොරු පශ්චාත් උපාධිය අටවා ගත්තේ මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාල පිහිටුවා ගැනීමට ය. 2013 වසරේදි Malik Abdulla University College හෙවත් ශරියා විශ්වවිද්‍යාල හිස්බුල්ලා විසින් පිහිටුවන්නේ එවකට පිහිටි රාජපක්ෂ රජයේ අධිවේගි හා මහා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ය.

හිස්බුල්ලා මෙම ව්‍යාජ ආචාර්ය උපාධිය ලබා ගන්නේ ද ශරියා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමටය. ඔහු එම විශ්ව විද්‍යාලය වෙනුවෙන් තෙල් සල්ලි කෝටි ප්‍රකෝටි ගණනින් පොම්ප කරන්නේ මෙම බොරු උපාධිය පෙන්නා ය. එපමණක් නොවේ ඇමතිධූරය ගන්නේ ද, මන්ත්‍රිධූරය ගන්නේ ද මෙම බොරු උපාධිය පෙන්වාය.

මෙම ශරියා විශ්ව විද්‍යාලය පුද්ගලික විශ්වවිද්‍යාලයක් වන අතරම  සභාපතිවරයා ලෙස කටයුතු කරන හිස්බුල්ලා තමා රාජ්‍ය අමාත්‍යධූරය දරන රජය සමගම ගිවිසුම් වලට එලැබි මෙම විශ්ව විද්‍යාලය පිහිටුවීමට කටයුතු කළ බව දැන් දැන් මහත් දේශප්‍රේමයෙන් කෑගහන රාජපක්ෂ වහල්ලුන්ට අමතක වී ඇත.

ශරියා විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳව හදුන්වා දී ඇති කොටසේ එහි සභාපතිවරයා වන් හිස්බුල්ලා ගැන සඳහන් වන්නේ මෙලෙසිනි.

ශරියා විශ්ව විද්‍යාල වත්මන් රජය විසින් ආරම්භ කල බවත් එමගින් ශරියා නීතිය ලංකාවේ ඇති කිරීමට කටයුතු කරන බව පවසමින් පාස්කු ප්‍රහාරයෙන් පසුව කෑමොර දුන් ශරියා විශ්ව විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකා පවා සංවිධානය කළ ගෝඨාභය රාජපක්ෂ විසින් කිරි පොවන සිංහල අන්තවාදයේ දුශ්චරිතය හා අතන මෙතන පනිත රතන හිමියන්ට හිස්බුල්ලා මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කොට ඇත්තේ රාජපක්ෂ හාම්පුතුන්ගේ අනුදැනුමෙන් බව පැවසිය යුතුය.

මේ වන විට පාස්කු ප්‍රහාරයේ වගකීම දරන කණ්ඩායම් අතර ඉහළ ස්ථානයේ සිටින හිස්බුල්ලා, ශරියා විශ්ව විද්‍යාලයට බලපෑම් එල්ල කරද්දී එය පෞද්ගලික විශ්ව විද්‍යාලයක් බවත් එය වසා දැමීමට රජයට අයිතිය නොමැති බවත් පැවසුවේ කාගේ හයිය අරගෙන ද යන වග දැන් පැහැදිළිය.

මේ වන විට හිස්බුල්ලා, ඥාණසාර හා රතන හිමියන් සිටින්නේ ගෝඨාභය සමඟය. එපමණක් නොව පාස්කු ප්‍රහාරයේ සහරානේ ගේ මව් සංවිධානය වන තවුහිද් ජමාත් සංවිධානය සිටින්නේ ද ගෝඨා සමඟය. එක අත්තේ කුරුල්ලෝ එකට වසන බැවින් එහි අවුලක්නැත . අවුල ඇත්තේ දුක ඇත්තේ රජ පුටුව ලබා ගන්න රාජපක්ෂලා අමු අමුවේ අහිංසක ජීවිත 300ක් බිලිපූජාවට කැප කිරීම ගැනය.

හිස්බුල්ලා සමඟ සහරාන්ට වැඩ කෙරූ බොහෝ පිරිසක් දැන් ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමේ සටනේ ය. කාත්තන්කුඩියේ පොහොට්ටු සංවිධායකයා ද සහරාන් කල්ලියේ ය.

දැන් දැන් ශරියා විශ්ව විද්‍යාලය, වඳ පෙති , වඳ දොස්තර ගැන රතන හිමියන්, ඥාණසාර හිමියන් කෑගහන්නේ නැත. දළදා මාලිගාව ඉදිරියේ රතන හිමියන් උපවාස කළේ ඇයිද යන්න එම හිමියන්ටම මතකද යන්න ඇසිය යුතුය. බුද්ධ චීවරය සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගනිමින් සැබැවින්ම රට වෙනුවෙන් දිවි පිදු කැප්පෙටිපොළ නිලෙමේලාගේ ලෙයින් පාරිශුද්ධ වූ දළදා මාලිගා භූමිය අපවිත්‍ර කළ රතන හිමියන් දැන් දැන් හිස්බුල්ලා සහරාන්ට උදව් කළ හිස්බුල්ලා එක්ක, සහරාන් ට පඩි ගෙවා ඇති දැඩි කළ ගෝඨාභය එක්ක සිටින්නේ රෙද්දක් ඇදගෙනද?

අවසානයේ මේ සියල්ල රාජපක්ෂවරුන්ගේ බලය ගැනීමේ යට් කූට්ටු මාර්ගයන්‍ ය. හිස්බුල්ලාට ශරියා විශ්ව විද්‍යාලය ආරම්භ කරන්න උදව් කළ රාජපක්ෂලා පාස්කු ප්‍රහාරය ගැන කිබුල් කදුළු හලද්දි ශරියා විශ්ව විද්‍යාල ය වසා නොදමන බව හිස්බුල්ලා සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එයට ඉඩ නොතබන බව දන්නා නිසාය. එම නිසා මේ සියල්ල දේශපාලන රඟපෑම් ය.

Top