Featured

සිංහල බෞද්ධයා ගොනාට අන්දන නානසාර ඩිල් මෙන්න….මේ බොදු බල සේනාවේ නිර්ලජ්ජීභාවයද? බංකොලොත්භාවයද? නැතිනම් සිංහල බෞද්ධයාගේ ගොන්කමද?

රට බෙදන ව්‍යවස්ථාව සම්මත කිරිමට ජනතාවගේ ඇස් බදින නානසාර සහ ඩිල්දාස යනුවෙන් අප ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අප පසුගිය වසරේ නොවැම්බර් මාසයෙදි කල අනාවරණය අද වනවිට ඥානසාර හිමියන්ම තවදුරටත් තහවුරු කර තිබේ.

පහුගිය දින කිහිපය තුල තමන් විසින්ම තමන් සඟ රජු ලෙස හදුන්වා දෙමින් බල්ලෙකු සේ සැගවි සිටි අකාරය සහ සැගවි සිටියේ කා ලගද යන්න අමුතුවෙන් රටේ ජනතාවට කියාදිය යුතු නැත.

දිගින් දිගටම අධිකරණය මගහරිමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇපමත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද (21) නියෝග

අධිකරණය ඉදිරියේ විභාගවෙමින් තිබෙන නඩු දෙකක් සඳහා විත්තිකාර ඥානසාර හිමි අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් දෙවරක් වරෙන්තු නිකුත් කළ අතර එසේ අධිකරණය මගහරිමින් සිටි පුද්ගලයෙකු ඇපමත නිදහස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව නීතිවේදීන් තුළ සැකයක් පවතී.

ඥානසාර හිමි සැඟවී සිටියදී ඔහුව ආරක්ෂා කරන බවට විවිධ පාර්ශ්වවලට චෝදනා එල්ල වූ අතර එහිදී ප්‍රබල ඇමතිවරුන් කිහිපදෙනෙකුට ඇඟිල්ල දිගුවිය. ඒ අනුව එවැනි අමාත්‍යවරයෙකුගේ බලපෑම මත ඥානසාර හිමිට ඇප ලැබුනු බව අමතුවෙන් කිවයුතු නැත.

ඒ සියල්ලම ඉන්ගම්මාරුවේ කතාවක් මෙන් රටේ ජනතාව බලාසිටියද නාටකයේ ඇත්ත කුමක්ද යන්න අප එදා අනාවරණය කල අකාරයටම සිද්ධ වු බව බුද්ධිමත් ජනතාව දනී.

සැගවි සිටින කාලය තුලද සග රජු උත්සහ ගත්තේ රටේ බත් කන හරක් රවටා ගැනිමට බවට වු වැඩක් මේ වනවිට සාක්ෂි සහිතව අනාවරණය වි තිබේ.

ඒ බොදු බලය හිරගෙට යන ”බ්‍රේකින් නිවුස්‌” සිහිනයෙන් මිදෙන්න සැඟවී සිටින ඥානසාර හිමියෝ දිවයිනට එවු ලිපිය නමින් සග රාජ එවු කෙප්ප ලිපිය හරහාය.

අදාල ලිපිය කාහල නාදයේ වසරක දෝංකාරය නමින් 2013 ජුනි 30 ඉරිදා ලංකාදීපයේ පලවු ලිපියක් වන් අතර එවකට රට වෙනුවෙන් එකතු වු දැවැන්ත බුද්ධිමතුන් බොදු බලය වෙනුවෙන් ලියු ලිපියක් වන අතර එම ලිපිය ලියු පුද්ගලයා පිළිබඳව අනාවරණය නොකරන්නේ නානසාරලා ඩිල් දමා ඒ වෙනුවෙන් රට ජාතික වික්කාට උගත් බුද්ධිමතුන් සම්බන්ධයෙන් අප තුල ඇති ගෞරවය නිසා බව 2.50ට විකිණෙන එවුන් දැනගෙන සිටිම නුවණට හුරුය.

මේ තමා ඒ ලිපිය….

2013 ජුනි සිට 2017 ජුනි දක්වා වූ වසර හතරක කාලය තුල සියල්ලන්ට සියල්ල අමතක වේ යැයි සිතන සඟ රජු! මේ අන්දන්න හදන්නේ රටේ අහිංසක සිංහල  බෞද්ධයන් නොවේද?

මේ බොදු බල සේනාවේ නිර්ලජ්ජීභාවයද? බංකොලොත්භාවයද? නැතිනම් සිංහල බෞද්ධයාගේ ගොන්කමද?

රට බෙදන ව්‍යවස්ථාව සම්මත කිරිමට ජනතාවගේ ඇස් බදින නානසාර සහ ඩිල්දාස
November 23, 2016

ජාතිවාදය පතුරුවා ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ රදවා ගැනිම සදහා විපක්ෂය මර්දණය කිරිම සදහා මෙහෙයුමක් දියත් කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.කාලයක් නතර වි තිබු අන්තවාදි කණ්ඩායම් පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙන් යලිත් අවදි වි සිටින අතර ඔහුන් භාවිතා කර ගනිමින් බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිම සදහා විපක්ෂය මර්දණය කිරිමේ ඉතාමත් සියුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි ඔහු සදහන් කළේ.එම මෙහෙයුම හරහා බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිමට මෙන්ම එජාප නයකයාට අවශ්‍ය වන පරිදි ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරිම හරහා රාජ්‍ය බලය අල්ලා ගැනිමටද මෙම මෙහෙයුමේ අරමුණ වි තිබේ.

අදාළ ජාතිවාදී කුමන්ත්‍රණය පසුපස සම්පුර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුලු තවත් බෙදුම්වාදී කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් තිබේන අතර එහෙන් මෙහෙන් ඇහිද ගත් කණ්ඩායම් යොදවා මෙම කුමන්ත්‍රණය දියත් කිරිමට එජාප නායකත්වය කටයුතු කරමින් සිටින අතර එම ජාතිවාදී ව්‍යාපාරයේ බිල්ලා මැවිමේ මෙහෙයුම නිරන්තර මැවු පොන්න මංගල සහ ඔහුගේ සහචරයන් විසින් ඉටුකරමින් සිටින බවද මේ වනවිට අනාවරණය වි ඇති බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.

ජාතිවාදී කණ්ඩායම් රටේ කුලප්පුකර ඒ හරහා සිවිල් ජනයා අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරිමත් ඒ හරහා යහපාලනය උදාකිරිම වෙනුවෙන් කැපවි කටයුතු කල දැනට ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරිමට ලක්ව මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ගොඩනැගෙමින් තිබේන සිංහල,දෙමළ මෙන්ම මුස්ලිම් ජනතාව යලිත් භෙද බින්න කිරිම බෙදුම්වාදී,ඊළාම්වාදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත් කර ගැනිම සදහා වන ජනමත විචාරණය ජයග්‍රහණය කිරිම එජාපයේ එකම අරමුණ වි තිබේ.

ඥානසාර ….වැරදුනා ඇත්තටම එකා නානසාර බව අමුතුවෙන් කියාදියයුතු නැත.පසුගිය ජනාධිපතිවරණයට අදාළව එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ කිහිප දෙනෙකු ඩිලන්ත ඉත්තේකු කර ගනිමින් නෙදර්ලන්ත රාජ්‍ය නොවන මුදල් යටතේ රටම ගිනි තැබු BBS අවසානයට මහින්ද රාජපක්ෂ පරාජය කිරිමට කටයුතු කල අයුරු අමුතුවෙන් කියාදිය යුතු නැත.ආණ්ඩු පෙරලියෙන් පසුව යනඑන මං නැතිව සිටි නානසාර “සිංහලේ” වයාපාරය සමාජය තුලින් මතුවිමත් සමග එහි බලය අල්ලා ගැනිම සදහා විවිධ උපක්‍රම යෙදු අතර අවසානයේ එය තමන්ගේ බව හදුන්වාදෙමින් වත්මන් සිරිසේන ජනාධිපතිවරයාද හමුවිමට නානසාර සමත්විය.යලිත් එක් වරම රාජපක්ෂලා මත වරද පටවමින් පසුගිය දින කිහිපයේ ඇතිවු අන්තවාදින්ගේ ජාතිවාදි ඩීල් එක අවසාන වුයේ ඩිල්දාස හෙවත් වත්මන් බුද්ධ සාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ හමුවිම්වෙන් අනතුරුවය. එම හමුවට නානසාර යන්නේම වතමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉල්ලිමකට අනුවය.

 

 

Top