Featured

සිංහල සංවිධාන තහනම් නොකළහොත් ජනමත විචාරණයට මුස්ලිම් ඡන්ද නෑ….ආණ්ඩුවට සහය දෙන්න දෙපාරක් හිතන්න වෙනවා

අලුත්ගම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සහ බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමට මෙන්ම සිංහල අන්තවාදින් ලෙස හදුනාගෙන තිබේන කණ්ඩායම් තහනම් කිරිමට කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුවට සහය දිමට දෙවරක් සිතා බැලිමට සිදුවනු ඇති බව මුස්ලිම් දේශපාලන පක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම මුස්ලිම් සිවිල් සංවිධානරැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අනතුරු අගවා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසේ අදාල හමුව සිදුව ඇති අතර සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමතිවරු මෙන්ම මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයන් එහිදි ජනාධිපතිවරයා මුණගැසී තිබේ.

මුස්ලිම් නියෝජිතයෝ ඥාණසාර හිමියන් වහාම අත්අඩංගුවට ගෙන බොදු බල සේනා සංවිධානය තහනම් කරන ලෙසත්, අනෙකුත් සංවිධාන සහ එහි ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන්ද වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර මුස්ලිම් අමාත්‍යවරුන් පවසා ඇත්තේ “හිටපු ජනාධිපති මහින්ද මහත්තයාටත් අපි ජනාධිපතිවරණය දින කිහිපයකට කලින් ඉල්ලිමක් කල එදා මේ දෙවල් කලානම් මුස්ලිම් මිනිස්සු ඡන්දය දෙන්නේ මහින්දට …”

ඉදිරියේදි පැවැත්වෙන ජනමත විචාරණයකදි මුස්ලිම් ඡන්දය අතිශය වැදගත් සාධකයක් බවත් ඒ හේතුවෙන් මිට වඩා මුස්ලිම් ජනතාවගේ ඉල්ලිම් වලට ජනාධිපතිවරයා කන්දිය යුතු බවද එම කණ්ඩායම පෙන්වා දි තිබේ.

දිගින් දිගටම ජනාධිපතිවරයාට එල්ල වු පීධනය හමුවේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ …”සමහර වෙලාවට අපිට ඒ අයත් ඔනෑ වෙනවා…අපි හිමිට බලමු යනුවෙනි….” කෙසේවෙතත් අදාළ පිළිතුර සම්බන්ධයෙන් මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමතිවරු මෙන්ම මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයන් කනස්සල්ල පලකර තිබේන බවද අප වාර්තාකරු අනාවරණය කළා.

අදාළ හමුවෙන් අනතුරුව  මුස්ලිම් ආගමිකයන් විශ්වාස කරන අල්ලාහ් දෙවියන්ට අපහාස කරන ප්‍රකාශ කණ්ඩායම් මර්දනය කිරිමට කටයුතු කරන ලෙස ඉල්ලා මුස්ලිම් මන්ත්‍රීවරුන් 21 දෙනෙකු අත්සන් තැබු  වාර්තාවක්ද ලබාදි තිබේ.

අලුත්ගම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සහ බොදු බල සේනා සංවිධානය තහනම් කිරීම යන පසුගිය ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දුව තවමත් ඉටුකර නොමැතිව තිබියදී එහිමියන් ජනාධිපති ලේකම්කාර්යාලයට ගෙන්වා සාකච්ඡා පැවැත්වීම පිළිබදව පක්ෂ විපක්ෂ මුස්ලිම් මැති ඇමතිවරු දැඩි ලෙස උරණව සිටි අතර අසාද් සාලි, මුජිබර් රහුමාන්, ඒ.එච්.එම් ෆවුසි යන මුස්ලිම් දේශාපාලකයන් ද ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගතයුතු බවට පසුගිය දින කිහිපයේදී ප්‍රකාශ නිකුත් කර තිබිණි.

 

Top